(බළන්ගොඩ - විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මෙය එක්තරා ප්‍රදේශයක සිදු වූ අපූරු සිදුවීමකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක ගුරුවෘත්තියේ යෙදෙන්නීය. එම විදුහලේ මුරකරුවෙකු ලෙස සේවය කරන ඔහු කාගේත් ආදරය දිනාගත් පුද්ගලයෙකි. හැමෝටම විශ්වාසවන්තය.
දිනක් ගුරුවරිය ඔහුට තම ඒ.ටී.එම්. බැංකු කාඞ්පත හා එහි අංකය දී ප්‍රකාශ කළේ නගරයට ගිහින් එන ගමන් මුදල් රුපියල් පන්දහසක් රැගෙන එන ලෙසටය.
ඒ අනුව මුරකරු නගරයට ගොස් ආපසු එන ගමන් ගුරුවරියට අවශ්‍ය මුදල් ගෙනැවිත් දුන්නේය. ටික දිනක් මෙසේ ගත විය. ගුරුවරිය බැංකුවට ගිය දිනෙක තම ගිණුම පරීක්ෂා කළාය. “දෙයියෝ සාක්කි” මේකේ රුපියල් ලක්ෂයයක් අඩුයිනේ. කව්ද මේ සල්ලි ගත්තේ. ඒ.ටී.එම්. කාඞ් එකත් මගේ ළඟනේ තිබුණේ.
වහාම මේ පිළිබඳව අදාළ බැංකු ශාඛාවේ කළමනාකරුට දන්වා සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කළාය. හරි හොරේ අසුවුණා. මේ කැමරාවේ ඉන්නේ අපේ ඉස්කෝලේ වැඩකරන මුරකරු. ඇය කළමනාකරුට කීවාය. පසුව ඇය වහාම මේ පිළිබඳව තම පුරුෂයාට දන්වා මුරකරුගේ නිවසට ගියාය.
ඒ වන විට මුරකරුද සේවය නිමකර නිවසේ රැඳී සිටි අතර පෙදරේරුවෝ හා වඩුවෝ කිහිපදෙනෙක් නිවස අලුත්වැඩියා කරමින් සිටියහ. ඇය මුරකරුට කතා කළාය. සියලු විස්තර කීවාය. මුරකරු කිසිවක් නොදන්නා බව කීවේය. හරි කමක් නැහැ. අපි එහෙනම් පොලීසියට යන්නම්. ඇය කීවාය. අනේ, මිස් පොලීසි යන්න ඕනෑ නැහැ. මම ඇත්ත කියන්නම්. එදා මිස් මට දුන්නු ඒ.ටී.එම්. කාඞ්එකේ අංකය ලියගෙන තියා ගත්තා. පසුව දිනෙක මිස් පන්තියෙ උගන්වන වේලාවේ කාඞ් එක බෑග් එකෙන් හොරකම් කරලා දෙපාරකට රුපියල් පනස්දහස බැගින් අරගෙන ආපසු කාඞ් එක මිස්ගේ බෑග් එකට දැම්මා යැයි ඔහු කීවේය. ඒ ගත්ත සල්ලි වලින් තමයි මේ ගේ අලුත්වැඩියා කරන්නේ.
කොහොම වුණත් තමුන් කළේ බරපතළ වරදක්. පහත් වැඩක්. විශ්වාසකමටනේ මම අංකය දුන්නේ. දැන් මොකද කරන්නේ ගුරුවරිය ඇසුවාය. අනේ මිස් මම සල්ලි ටිකටික දෙන්නම්. ඔහු බැගෑපත් ලෙස කීවේය. තමුන්ගේ දරුවොයි, බිරිඳයි ගැන කල්පනා කරලා මම පොලිසි යන්නේ නැහැ. පොලීසි ගියොත් තමුන්ගේ රැකියාවත් නැතිවෙනවා. ඒ නිසා ටික ටික හරි මගේ සල්ලි දෙන්න කියා ඇය ඔහුගේ නිවසින් පිටත් වූයේ අද රටේ මිනිස්සු කොහොම විශ්වාස කරන්නද කියමින්ය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිත හොඳ ගුරුවරියගේ කනෙන් මුරකාරයා රිංගලා
theshan Monday, 01 October 2018 05:16 AM
මෙතන ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ ගුරුවරිය, මොනතරම් විශ්වාස වුනත් ඒටීඑම් කාර්ඩ් එකේ නොම්මරය දුන්නේ ඇයි? එහෙම දුන්නම මම කරන්නේ වහාම අාපහු අංකය වෙනස් කරන එක. එක එහෙම වුණානම් මේක සිද්ද වෙන්නේ නැහැ. අනෙක් අතට මුරකරු කරලා තියෙන්නේ අන්තිම පහත් වැඩක්. අල්ලලා දෙන්න තිබ්බේ පොලිසියට. පාඩමක් ඉගෙන ගන්න...
sasithMonday, 01 October 2018 09:46 AM
පොලීසියට අල්ලල දුන්නනම් එයාගේ ළමයිට කන්න බොන්න දෙන්නේ කවුද?
sampath_08 Monday, 01 October 2018 11:42 AM
ගුරුවරිය මේක මෙහෙම සමථ කර ගැනීම ඉතා හොඳ දෙයක්...
pitigala Tuesday, 02 October 2018 02:00 AM
ගුරුතුමිය උසස් නියම ගුරුතුමියක්. ඔබට දේව ආශීර්වාද ලැබේවි. මුර කරු විස්වාස ඝාතක අමනයෙක්.
Thusha Tuesday, 02 October 2018 07:41 AM
හිත හොඳ වුණාම, සමහරු හිතන්නේ එය දුර්වලකමක් කියා... ඒ අය අයුතු ප්‍රයෝජන ගන්න මානබලති. තමන්ට තමන් හැර අන් සරණක් නොමැත....
Deepal Nirosh Friday, 05 October 2018 03:42 AM
කම්මැලිකමක මහත? ඒ මදිවට තමුන්ගෙ බැංකු හර කාඩ්පත රහස්‍ය අංකය සමඟ පිටස්තරයෙකුට දෙන්න තරම් මෝඩ වෙච්ච මේ වගේ කම්මැලි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට නම් දෙයියන්ගේම පිහිටයි. අඩුගානෙ මුල දවසෙ මුරකරු තමුන් ඉල්ලූ මුදල ගෙනැවිත් දුන් පසු රහස්‍ය අංකයවත් වෙනස් කරගන්න තරම් බුද්ධියක් නැහැ. රහස්‍ය අංකය නැතත් ඕනම කෙනෙකුට තමුන්ගෙ හෝ අනුන්ගෙ හෝ බැංකු හර කාඩ්පතක් අරන් සුපිරි වෙළඳ සලෙකින් බඩු මිල දී ගන්නත් පුළුවන්.