ජංගම දුරකථනය මගින් හාදවී සතියක් ගතවීමට පෙර නොදුටු පෙම්වතා සොයා පැමිණි දාහතර හැවිරිදි පාසල් සිසුවියක් නගරයේ රාති‍්‍රයේ අතරමංවී සිටියදී රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂණ අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් ඇය බේරාගැනීමට හැකිවීමේ පුවතක් පෙරේදා (22) දින රක්වාන පොලීසියෙන් වාර්තා වේ.
මෙම තරුණියගේ මව විදේශ රටක රැකියාවකය. මිත්තනිය භාරයේ පසුවන ඇය උසස් පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන්නීය. ඇය සිය ජංගම දුරකථනයේ සටහන් වූ වැරදි අංකයකට පිළිතුරු දීමට ගොස් රක්වානේ පදිංචි තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය.
පෙම් සබඳතාවයට සතියක් ගතවීමටත් පෙර නුදුටු පෙම්වතාගෙන් ආරාධනාවක් ඇයට ලැබිණි. ඒ පෙම්වතාගේ නිවසට පැමිණ කතාබස් කර දෙදෙනාට දෙදෙනා හඳුනාගනිමු කියාය. පෙම්වතාගේ ආරාධනාව පිළිගත් පෙම්වතිය පෙරේදා (22) පෙරවරුවේ ගලේවෙල සිට රක්වාන නගරයට ළඟා වන විට රාතී‍්‍ර 8.00 ට පමණ ඇත. දුරකථනයෙන් කලින් කථාබස් කරගත් පරිදි තමා පිළිගැනීමට පෙම්වතා නගරයට පැමිණ සිටියේ නැත.
ඒ අසල ඇති දුරකථන කුටියකට ගොස් පෙම්වතාට කථා කරමින් සිටියදී ඇයගේ බියපත් හැසිරීම ගැන විමසිල්ලෙන් නිරීක්‍ෂණය කරමින් සිටි තී‍්‍රරෝද රථ රියදුරෙක්, ඒ ගැන පොලීසියට දැන්වීය. ඒ අනුව පොලීසිය පැමිණ තරුණියව පොලීසියට කැඳවාගෙන ගොස් සිදුකළ විමසීමේදී ඉහත සඳහන් කරුණු අනාරණය විය.
රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 30102 තරංග, 17728 නිශාන්ත යන නිලධාරීහු මේ සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘හලෝ’ පෙම්වතාට දපනේ වැටුණු සිසුවිය මං මුළාවෙලා
දුල්මි Wednesday, 24 February 2016 08:25 AM
මවක් සල්ලි සොයන්න රටින් පිට යාමේ පල විපාක තමයි. අද අද කාලයේ මේ වයසේදී දරුවන් ලඟින්ම ඉන්න ඕන . විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ. ත්‍රිරෝද රථ රියදුරාගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. මේ දරුවාගේ පෙර පිනක් නිසා බේරුනා. හැබැයි ඉතින් අපි ඔය වයසේදී නම් මිට වැඩිය විචාර බුද්ධියක් තිබුනා. (ර)
සත්‍යා Wednesday, 24 February 2016 12:39 PM
මෙහෙමත් කෙල්ලෝ? 10 වසරෙ වෙලත් මොළේ් තරම? අනේ අනිච්චං! (නි)
සංජු Thursday, 25 February 2016 04:19 AM
අවංක ත්‍රිරෝද රථ රියදුරාට මගේ උපහාරය, පොලිසිය ඉන්නේ පඩි අරගෙන මිනිස්සු ආරක්ෂා කරන්න වුණාට අර අවංක ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමට ඉක්මන් පියවරක් ගතපු එකටත් පොලිසියටත් පැසසුම් දෙන්න (ම)
අජිත් Wednesday, 24 February 2016 01:15 PM
මොළය කළඳක්වත් නැද්ද? හැබෑටම මේ දැන් කාලේ හැදෙන ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? (නි)
රිහාන් Thursday, 25 February 2016 04:30 AM
පනින්නට පෙර දෙපාරක් සිතා බලනු දරුවනී ජීවිතය අන්ද කරගන්න එපා (ම)
පිටිගල Saturday, 27 February 2016 07:41 AM
දහය වසරේ ඉගෙන ගත්තත් මොළය නම් දෙක වසරේ. මෙහෙමත් මෝඩ කෙල්ලෝ. (නි)
සුනිල් ගිකියනගේ Wednesday, 24 February 2016 04:49 PM
අයියෝ ඒ දරුවා කොහොම හරි මේ පාර බේරුනා. ඒත් ඊලග පාර සරණක් නැති දරුවෝ. (අ)
ජානක Thursday, 25 February 2016 06:02 AM
අපේ රටේ, මිනිසුන් කම්මැලි වීමත්, කාන්තාවෝ මුදලට ගිජු වෙලා ගෙදරින් එළියට පැනීමත් තමයි මේ විනාසේ. ලද හැටියට ජීවත් වෙන්න කැමති නැතිව යස ඉසුරු සොයා යාමේ විපත තමයි මේ.(ම)
අමිල Friday, 26 February 2016 08:22 AM
මෙවැනි පුවතක් දැමීම ගැන ලංකාදීපයට මගේ ප්‍රණාමය. මෙය දැකීමෙන් තවත් ගොඩක් දෙනෙක්ගේ අවදානය යොමුවේවි මේ ආකාරයට දරුවන් බේරාගන්න. (හේ)
ශෙහාන් Sunday, 28 February 2016 05:13 PM
දුරකථන කුටියෙන් කතා කරන්නේ මොකද? ජංගම දුරකථනය කෝ? අනික ගලේවෙල ඉඳලා එනගමන් මඟින් මඟට ඇමතුම් අරන් නැද්ද? (නි)
සොපි Wednesday, 24 February 2016 05:14 PM
ත්‍රිරෝද රථ රියදුරාටත් පොලිසියටත් ජනතාවගෙන් මල් මිටක් ........!(අ)
අතුල Wednesday, 24 February 2016 06:04 PM
මෙහෙම ගියොත් රටේ තරුණ පරපුරට මොනවායෙන් මොනවා වේවිද දන්ෙන් නැහැ (අ)
සුලෝචන Thursday, 25 February 2016 09:25 PM
මේ ළමයාගේ වාසනාවකටද කොහෙද මෙයින් බේරුනා. (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 08:40 PM
දාහතර හැවිරිදි දැරිය මහ රෑ ගෙදර නැති බව ආච්චි දැනගෙන හිටියේ නැද්ද? නුදුටු පෙම්වතා කොහොම වුණත්, වනචර ත්‍රිරෝද රියදුරෙකුට ඇය බිලිවෙන්නත් තිබුණා. එතන හිත හොඳ, අවංක මනුස්සයෙක් නොසිටියා නම් ...? (නි)
රොෂේන්- රියාධ් Wednesday, 24 February 2016 05:08 AM
මේ ලංකාදීපයේම මේ වගේ ගමන් ඇවිත් අනාත වී අතරමන් වෙච්ච ළමයි කි දෙනෙක් ගැන ලියවුනාද. මේ ළමයා පත්තරයක් විහිළුවටවත් කියවන්නේ නැ වගේ. (ර)
උදය Sunday, 28 February 2016 10:32 PM
යහාපාලනය (අ)
සම්පත් Thursday, 25 February 2016 12:08 AM
පොඩි දරුවන්ට පුදුම මානසික අසහනයක්නේ තියෙන්නේ (නි)
රෙජි-සිඩ්නි Thursday, 25 February 2016 02:27 AM
ආශාවන්ට වහල්වී ඒ දේවල් ඉටු කරගන්න ගියාම ලැබෙන ප්‍රතිඵල භයානකයි. ඔතනින් බේරුනේ මේ ළමයාගේ පෙර කළ වාසනවකටයි. විනීත රියදුරු මහතෙක්. (නි)
හේමමාලා Thursday, 25 February 2016 08:31 AM
ත්‍රිරෝද රථ රියදුරන් අතරේ වැදගත් මහත්වරු ද සිටිනා බව මෙයින් තහවුරු වේ. (ම)
ඉන්දු Wednesday, 24 February 2016 07:21 AM
ත්‍රී රෝද රථයේ රියදුරු මහතාට පින් සිදු වේවා.. නැත්නම් හෙට උදේ තවත් අවාසනාවන්ත පුවතක් පත්තරේට වැටෙන්න ඉඩ තිබුණා.. (ම)