IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කෙළිදෙලෙන් ගමනේ යෙදුණු තරුණ පිරිසක් බසය නැවතීමේ දී නියමිත නැවතුම්පොළ පසු කළැයි උරණව රියදුරුට පහර දෙන්න සූදානම්ව මගී වීරෝධය මැද  බැස යද්දී  වටිනා ජංගම දුරකතනයක් ද අසුන මත දමා යාමේ සිද්ධියක් ඊයේ 29 උදේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ දී දකගත හැකිවිය.

දෙහිඅත්තකණ්ඩිය සිට කොළඹ බලා ගමන් කරන පෞද්ගලික බස් රථයකි. මගී ආසන සියල්ලම පාහේ පිරී තිබිණි. තරුණ පිරිසක් ගමන් ගත්තේ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. ඔවුන් අත නවීන පන්නයේ ජංගම දුරකතන ද විය. ඒවායින් මේ පිරිස විවිධ ක්‍රීඩාවල යෙදී සිටිනු දැකිය හැකිවිය.

බසය කැලණිය පට්ටිය හන්දිය පසු කරන්නට විය. එක් තරුණයෙක් එක්වරම නැගී සිටියේ නින්දෙන් අවදීවුවකු විලසය. බහිනවා බහිනවායී ඔහු මොරදුන්නේය. එම කෑගැසීමත් සමඟම තරුණයන් සිව් දෙනා නැගිට්ටේ කලබලයෙනි. එක් අයෙකු අත සුරතල් මසුන් සහිත පොලිතින් කවරයක්ද විය. හදිසි කලබලයත් සමග එම කවරය ආසනයක ගැටීමෙන් පුපුරා යද්දී සුරතල් මසුන් සීසිකඩ විසිර ගියේය.

තරුණයන්ගේ දැනුදීම අනුව රියදුරා බසය නතර කරද්දී නැවතුම්පොළ මදක් පසුවී තිබිණි. එය තරුණ පිරිසගේ කෝපයට හේතුවිය. පිරිස බසයෙන් බැසීම පසෙකලා රියැදුරු සමීපයට ගියේය. අතින් පයින් හොඳ සංග්‍රහයක් කරන්නට සැරසෙද්දී සෙසු මගීන්ගේ විරෝධය එල්ලවිය. ඒ නිසා තරුණ පිරිසේ අදහස් ව්‍යර්ථවී මගීන්ගේ සංග්‍රහයක් ලැබෙන්නට පෙර බසයෙන් බැස ගියේය.

තරුණ පිරිස ගමන් ගත් ආසනයක තිබී නවීන පන්නයේ දුරකතනයක්  මගියකුට හමුවී එය රියැදුරාට බාර කළේ සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට ද උපදෙස් දෙමිනි.



අදහස් (0)

ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 317 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 880 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 771 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 615 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 323 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 285 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site