බොරැල්ලේ කොටා පාරේ පිහිටි “ඇත්ත” පත්‍ර කාර්යාලයේ සේවය කළ පත්තරේ මහත්තයා එදින රාත්‍රී 8.00 ට පමණ තම නිවසට යාම සඳහා කාර්යාලයෙන් එළියට බැස්සේය. එහෙත් තම සුපුරුදු තිප්පොළට නොගොස් ගෙදර යාමට අකමැති වූ ඔහු ඒ අසල පිහිටි අවන්හලට ගොඩ වැදුණේ හීන් අඩියකින් ඇඟ රත්කර ගැනීමේ අදහසිනි.
එසැණින් ඔහු හඳුනාගත් අවන්හලේ මිතුරන් පිරිස “ආ... එන්න එන්න මහත්තය, ඔබතුමා එනකං තමයි අපිත් බලාගෙන හිටියේ...!” යි කියමින් කට ළඟටම පිරවූ “ගල්” වීදුරුවක් ඔහුගේ අතට දුන්නේය. අනතුරුව ඔවුන් සමග හරබර දේශපාලන වාදයකට මැදිවූ පත්තරේ මහත්තයාට එදින මත්පැන්බීම සඳහා තමන්ගේ අතින් එක ශතයකුදු වැය කිරීමට සිදු නොවූයේ මේසය වටා එක්වී සිටි මිතුරන් පිරිස එම සියලුම අඩුපාඩු සම්පූර්ණ කළ බැවිනි.
අන්තිමේදී ඔවුන් සමග පැයක පමණ කාලයක් ගත කළ හෙතෙම වීදුරුවේ ඉතිරිව තිබූ අන්තිම බින්දු දෙකත් උගුරට හළා ගෙන දෙපැත්තට පැද්දෙමින් හුනස්නෙන් නැගී සිටියේය.
“මත්තයා ඔහොම බස් එකේ යන්න බෑ. තව ටිකක් ඉන්න. මම ගෙදරටම ගිහින් බස්සන්නම්...” යි කී එහි සිටි කුලී රථ රියැදුරෙකු දෙස රවා බැලූ ඔහු “පිස්සුද අයිසේ? තමුගෙ හිතුවද මට කට් වෙලයි කියල...!” යි කියමින් මගට බැස්සේය. එවැනි අවස්ථාවලදී අන්‍යයන් තමන්ගේ උදව්වට ඉදිරිපත්වීම ඔහු සලකනු ලැබුවේ තමන්ට කරන මදිපුංචිකමක් වශයෙනි.
ඒ අනුව රබ්බඩයක් මෙන් දෙපැත්තට වැනෙමින් බස් නැවතුමට ගිය ඔහු රාත්‍රී 9.30ට පැමිණෙන තම සුපුරුදු බස් රිය එනතුරු ගරාදි වැටට හේත්තුවී බලා සිටියේය. රාත්‍රී 9.45ට පැමිණෙන අන්තිම බස් රිය දැක අමාරුවෙන් ඊට ගොඩවූ පත්තරේ මහත්තයා සෙනඟ අතර තෙරපෙමින් නොවැටී සිටීමට දැඩි වෙහෙසක් දැරුවේය. මේ අතර ඔහුගේ මුවින් හමා ආ මත්පැන් ගඳ මුළු බස් රිය පුරාම පැතිරෙමින් තිබුණේය.
“ඇයි මහත්තයා අගමැතිතුමාට කියල ගෙයක් ඉල්ල නොගන්නෙ? ඔහේ ඉල්ලුවොත් ගෙයක් සුටුස් ගාලා දේවි...”
දිනපතාම පාහේ එම බස් රියෙන් ගමන්කරන පත්තරේ මහත්තයා හඳුනාගත් අයෙකු එසේ කීවේ නක්කලයටය. උග්‍ර වාමාංශිකයෙකු වූ පත්තරේ මහත්තයා මොනම හේතුවක් නිසාවත් ප්‍රේමදාස අගමැතිතුමාගෙන් යමක් නොඉල්ලන බව හෙතෙම හොඳාකාරවම දැන සිටියේය.
“මොන පිස්සුද සහෝදරයා. ප්‍රේමදාස ගෙවල් දෙන්නේ එයාට පන්දම් අල්ලන පක්කලින්ට විතරයි...” යි කී පත්තරේ මහත්තයා ප්‍රේමදාස අගමැතිතුමාට පස් පඩංගුවේ බැණ වැදුණේය.
“මහත්තයා එහෙම කියන්න එපා! ප්‍රේමදාස අගමැතිතුමා මේ වෙනකොටක් කී දාහකට ගෙවල් හදල තියනෙව ද?” යි ඇසූ එහි සිටි තවත් අයකු ඇවිළෙන ගින්නට පිදුරු දැමුවේය. එහෙත් ඔහුගේ එම කතාවට ද පත්තරේ මහත්තයා ලුණු ඇඹුල් ඇතිව පිළිතුරක් දුන්නේය. මේ අතර තමන් බැසිය යුතු ස්ථානය ළංවී ඇතැයි බසයේ කොන්දොස්තර කී විට ඔහු දෙපැත්තට වැනෙමින් ගොස් බලයෙන් බැස ගත්තේය.
මේ අතර ඊට පසුදා තමන් සේවය කළ “ඇත්ත” පුවත්පත් කාර්යාලයට ගිය ඔහුට දවල් 11.00 ට පමණ දුරකථන පණිවුඩයක් ලැබුණු අතර එමගින් කියැවුණේ ප්‍රේමදාස අගමැතිතුමා දුරකථනයේ රැඳී සිටින බවය.
“මෙතන ඉන්න කවුරු හරි අලුගුත්තේරුවෙකුගේ කෙබරයක් වෙන්න ඇති”යි කී ඔහු ඊළඟ මොහොතේ දුරකථනයේ රිසිවරය අතට ගත්තේ තම කාර්යාලයීය සගයින්ට බැණ වදිමිනි. එහෙත් රිසිවරය තුළින් ඇසුණු ප්‍රේමදාස අගමැතිතුමාගේ කටහඬ ඔහු එසැණින් හඳුනා ගත්තේය. ඒ සමගම ඔහුගේ මතකයට නැගුණේ ප්‍රේමදාස මහතාට පහර පිට පහර ගසමින් ඊට පෙරදින කීපය තුළ ප්‍රවෘත්තී සහ විශේෂාංග තුන හතරක්ම තම පත්‍රයේ පළවී තිබුණු බවය.
“මොකෝ අගමැතිතුමා අපට ආයෙමත් තොප්පියක් දාන්නද? මෙදා සැරෙත් ලක ලෑස්ති වෙන්නේ?”
කලින්දා ගෙදර යන අතරතුර තමන් අගමැතිතුමාට පස් පඩංගුවේ බැණ වැදුණු බව පත්තරේ මහත්තයාට ඒ වනවිටත් අමතකව තිබුණේය. ඒ අනුව ඔහුට සිතුණේ ඇත්ත පත්‍රයේ පළවී තිබුණු ප්‍රවෘත්තියක් දැක ප්‍රේමදාස මහතා උදහස්වී සිටින බවය. ඒ සමගම අගමැතිතුමා උස් හඬින් සිනාසෙන අයුරු දුරකථනයේ එහා කෙළවරින් ඔහුට ඇසුණේය.
“ඔහේල ඉතින් තොප්පි ගැනමනේ හැමදාමත් කතා කරන්නේ. ඒත් අද මම කතා කෙරුවෙ ඔහේට කැමති තැනකින් ගෙයක් දෙන්නයි...!” යි කී ප්‍රේමදාස අගමැතිතුමා ඊළඟට කියා සිටියේ රජයේ තට්ටු නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි ද රැගෙන තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු තවත් පැයක් ඇතුළත “ඇත්ත” කාර්යාලයට එවන බවය. ඒ කතාව ඇසූ පත්තරේ මහත්තයාට කිව යුතු වචනත් පටලැවුණේය. එසේ වුවත් කලින්දා රාත්‍රී තමන් අගමැතිවරයාට වෙරිමර ගාතේ බැණ වැදුනු බව එසමගම සිහියට නැගුණි.
ප්‍රේමදාස අගමැතිතුමා සඳහන් කළ අයුරින්ම ඊට ටික වෙලාවකට පසු කොළඹ සහ ඊට ආසන්නයේ පිහිටි රජයේ ඕනෑම තට්ටු නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි ද රැගත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ඔහු සොයා කාර්යාලයට ආවේය. ඒ අනුව ඔහුගේ කැමැත්ත පරිදි තට්ටු නිවසක් වෙන් කළ ඒම නිලධාරියා සතියක් ඇතුළත එහි යතුරු භාරදීමට ද පියවර ගෙන තිබුණේ අගමැතිතුමාගේ උපදෙස් පරිදිය.
අන්තිමේදී සොයා බලන විට දැන ගැනීමට ලැබුණේ “ප්‍රේමදාස ගෙවල් දෙන්නේ එයාට පන්දම් අල්ලන පක්කලින්ට විතරයි” කියමින් පත්තරේ මහත්තයා වෙරිමර ගාතේ කී කතාව බසයේ සිටි ඔහුගේ තරහකාරයෙකු ප්‍රේමදාස මහතාගේ හොඳම ගෝලයකුගේ කනේ තබා ඇති බවය.
“සර් අර යකා ලොක්කාට බොහොම නරක විදියට බණිනවා. මේ ඊයෙත් බැන්නලු. ලොක්ක ගෙවල් දෙන්නේ පක්කලිකං කරන ඈයන්ට විතරයි කියල...”
ඔහු එසේ කියා තිබුණේ එමගින් පත්තරේ මහත්තයාට ලෙඩක් දැමීමේ අරමුණ ඇතිවය. එහෙත් එම පවිටු අරමුණ උඩු යටිකුරුවී පත්තරේ මහත්තයාට තමන් කැමතිම නිවාස යෝජනා ක්‍රමයකින් තට්ටු නිවසක් ලැබීම එහි අවසන් ප්‍රතිඵලය විය.
නිහාල් ජගත්චන්ද්‍ර
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අගමැති ප්‍රේමදාසගෙන් “පත්තරේ මහත්තයාට” සැලකිලි
roy fedricks Tuesday, 15 May 2018 10:07 PM
මේක තනික්කරම මුසාවකි. සත්‍ය නම් පුවත් පත් ලේකකයාගේ නම පල නොකළේ මන්ද?