IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව

ඇෆ්ගනිස්ථානය තුළ වසර 20ක් රැඳී සිටිමින් ඩොලර් ට්‍රිලියනයක් වැය කළ අමෙරිකාව හදිසියේම ඇෆ්ගන් දේශයෙන් පිටවීම ලොවපුරා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්වී තිබිණි. ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලු‍ම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය.

අමෙරිකාව එසේ ප්‍රකාශ කරන විට අමෙරිකාව සමඟ ගිවිසුම්ගතව ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් නායකයන් ප්‍රකාශ කරන්නේ අමෙරිකාවට අගෝස්තු 31 වැනිදායින් පසුව තම රටේ රැඳී සිටීමට ඉඩ නොදෙන බවය. එම දිනය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම තමන්ගේ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවට ඔවුහු චෝදනා කරති. ඒ සමඟ තලේබාන්වරුන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඇෆ්ගන් වැසියන්ට තම රටින් පිටවීමට ඉඩ නොදෙන බවය.

තම රටට පරිබාහිරව එහෙත් තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට වෙනත් දේශයක් ගොඩනැගීමට අමෙරිකාව නොමසුරුව මුදල් වියදම් කරන බව ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ. ආසියානු සහ අප්‍රිකානු රටවල් ඔවුන්ගේ ඉලක්ක වී තිබිණි. කෙසේ වුවද මෙවර අමෙරිකාව වැඩි කලබලයකින් තොරවම වෙනත් රටක කළ එවැනි ‘යුද්ධයකින්’ ගැල වී යාමට තීන්දු කිරීම ලොවපුරා දේශපාලන විචාරකයන්ගේ දැඩි විමසුමකට ලක් වී තිබේ. මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් වන්නේ අමෙරිකානු පාලනයට පක්ෂපාතී වෙමින් නිදහස් ඇෆ්ගනිස්ථානයක් ගොඩනැගීම සඳහා කැප වී කටයුතු කළ ඇෆ්ගන් ජාතිකයන්ට තලේබාන් පාලකයන්ගේ වෛරයට පාත්‍රවීමට සිදුවීමය. අමෙරිකාව පෙන්වා දුන් මාර්ගය ඔස්සේ සිය ජීවිත ගොඩනංවාගෙන සිටින මේ පිරිසට තුවක්කු අතින්ගත් තලේබාන්වරුන් තමන්ගේ වධකයන් සේ පෙනෙන බව යථාර්ථයයි. දැනට පෙනෙන අන්දමට මේ පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගත් තීන්දුවෙන් පෙනීයන්නේ අමෙරිකාවට පුරුදු අත සෝදාගැනීමේ න්‍යායයයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බයිඩන් පාලනයට එරෙහි දේශපාලන මතධාරීන් තදින් කැළඹීමටත් කෝපයටත් පත්ව සිටින බව එරට දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. අමෙරිකාවේ මේ තීන්දුව පසුගිය වසර 20ක කාලය තුළ තලේබාන්වරුන්ට එරෙහිව යුද වැදී සිටි අමෙරිකානු හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව දැඩි අවදානමකට ඇද දැමීමක් බවද ඔවුහු පෙන්වා දෙති. මේ පිරිසට අමෙරිකාව ලබාදී ඇති අගෝස්තු 31 වැනිදායින් අවසන් වන නියමිත කාලය තුළදී ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට අවස්ථාවක් නැති බවද පැහැදිලි වී තිබේ. මෙය තමන්ට අතදුන් පිරිසකට එරෙහිව සිදුවන යුදමය අපරාධයක් වළක්වා ගැනීමේ වගකීමෙන් අමෙරිකාව මගහැරීමක් බවටද කෙනකුට චෝදනා කළ හැකිය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙහිදී කටයුතු කරන ආකාරයද විමසිල්ලට ලක්විය යුතු බව අපි සිතමු. තලේබාන්වරුන්ගේ කෘරකම් පමණක් නොව අමෙරිකාවේ වගකීම් විරහිත ක්‍රියාකලාපයද මෙහිදී තදින්ම සැලකිල්ලට ගතයුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන්වරුන්ට එරෙහිව අමෙරිකාව යුද වැදුණේ තනිවම නොවේ. ඒ සඳහා නේටෝ හමුදාවල සහායද ලබාගනු ලැබිය. එය අමෙරිකාව තමන්ගේ යුද්ධයට හිතමිතුරු රටවල් පටලවා ගැනීමකි. එසේම 1955දී අමෙරිකාව උතුරු වියට්නාමය ආක්‍රමණය කොට වසර 20ක් තිස්සේ එහි නිරර්ථක යුද්ධයක පැටලී ලක්ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් විනාශ කර දැමීය. ඉන්පසුව පරාජයේ අමිහිරි වේදනාවන් තුරුළුකරගෙන මෙවර කාබුල්හිදී සිදුවූවාක් මෙන්ම 1975දී වියට්නාමයේ සයිගොන් නුවරින් අමෙරිකාව පලාගියේ තමන්ට හිතමිතුරන්ව සිටි සියලු‍ දෙනා හදිසියේ අතහැර දමමිනි. එයද වසර 20ක යුද්ධයක් විය. එම යුද්ධයෙන් අමෙරිකාව ජයගත් අවස්ථා තිබුණේ නම් ඒ පසුකාලීනව අමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයන් අතින් බිහි වූ දැවැන්ත සිනමා නිර්මාණ තුළ පමණි. එම චිත්‍රපට එකල හැඳින් වූයේ තම පරාජයේ වේදනාවත් ලජ්ජාවත් වසා ගැනීම සඳහා අමෙරිකානු ජනතාව නිර්මාණය කළ චිත්‍රපට වශයෙනි.

එහෙත් මෙවර ඇෆ්ගන් යුද්ධයේ එක් වෙනසක් තිබිණි. ඇෆ්ගනිස්ථානය තුළ අමෙරිකා සහ නේටෝ හමුදා එක් වී කළ යුද්ධයේදී තලේබාන් ත්‍රස්තවාදීන්ගේ දැඩි අන්තවාදී කෘර ග්‍රහණයට හසුවී සිටි ඇෆ්ගන් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සංවර්ධන කටයුතු සිදුකිරීම එම වෙනසය. එහිදී කාන්තාවන්ට රැකියා අයිතිය සහ ඉගෙනීමට අයිතිය ලබාදීම පමණක් නොව කාන්තා පාපන්දු කණ්ඩායමක් සහ රොබෝ තාක්ෂණ කණ්ඩායමක් බිහිකිරීමට පවා එම වෙනසින් මග පෑදුණේය.

 ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන ක්‍රිකට් කණ්ඩායමක් පවා බිහිවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. අමෙරිකාවට යට වීමට පෙර පාලනයේ සිටි තලේබාන් ත්‍රස්තයන්ට මේ සියලු‍ මානුෂික හැඟීම් සහ අයිතිවාසිකම් ‘අරහං’ වී තිබිණි.

ඉදිරියේදී තලේබාන්වරුන්ගේ හැසිරීම ලොව සියලු‍ බලවත් රටවල දැඩි විමසිල්ලට ලක්වන බව ඒ අනුව පැහැදිලිය. අමෙරිකාව කෙසේ වෙතත් තලේබාන්වරුන් හෝ තමන්ගේ පැරණි ක්‍රියා පටිපාටියෙන් පාඩම් උගෙන ඇත්නම් පමණක් ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයට ලෝකයේ පිළිගැනීමට ලක්වන රටක් බවට පත්වීමේ ගෞරවය දිනාගත හැකි වනු ඇත.

ඈත පෙරදිග පමණක් නොව ආසියාවේ රටකට පවා ලොවේ පිළිගැනීම ලබාගත හැකි වන්නේ ලොවේ කිසිදු බලවත් කඳවුරකට ගැති නොවී කටයුතු කිරීමෙන් පමණි. අසල්වැසි රටවල් සමඟ මෙන්ම ආසියාවේ බලවත් රටවල් වන චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ එකසේ සුහදව කටයුතු කිරීම අමෙරිකාව සහ යුරෝපයේ බලවත් රටවල්වල ගොදුරු බවට පත්වීම වළක්වා ගැනීමේ හොඳම මාර්ගය වශයෙන් අපි දකිමු. එය අපේ රටටද අදාළය.

(***)



අදහස් (1)

ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව

jagath Monday, 30 August 2021 04:11 PM

කොතරම් ඇමෙරිකාව විවේචනය කළත්, අද ඇමෙරිකාව සංක්‍රමණය වීම සඳහා "ග්‍රීන් කාර්ඩ්" දෙනවා යයි කිව්වොත්, හෙට රටේ මිනිසුන්ගෙන් භාගයක් එයට අයදුම් කරනවා නියතයි...

:       3       12

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site