කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ සහ බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබේ. එම කර්මාන්ත ශාලා අතුරෙන් ඒ කාණ්ඩයේ කර්මාන්ත ශාලා 41ක් පවත්වාගෙන යනු ලබන්නේ පරිසර ආරක්ෂක බලපත්‍ර රහිතවය.
පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටිකොළ එකතුවීමේ අවදානමක් මතු වී ඇතැයි ද එම කාරක සභාවේ දී අනාවරණය වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. සුසාන භූමි දෙකේ පැති බැමි කඩාවැටීම නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවත් එම නිසා බීමට ගන්නා ජලය අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
යුද්ධය අප රටේ ප්‍රධාන ජාතික ප්‍රශ්නය බවට පත්වූ යුගයක් තිබිණි. ඊට පසුව මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය, ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ මෙන්ම රිය අනතුරු ද රටේ ප්‍රධාන ප්‍රශ්න බවට පත්ව තිබිණි. එහෙත් වර්තමානය වනවිට ඒ සියල්ල පසුකර පරිසර හානිය පෙරට ඇති සෙයකි. පරිසර හානියට අදාළව රටේ නන් දෙසින් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිදුවීම්වලින් ඒ බව සනාථ වේ. කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු ද එය ඔප්පු කිරීමකි.
සමනොළ කන්දෙන් ඇරැඹී කොළඹ ආසන්නයෙන් මුහුදට වැටෙන කැලණි ගඟ අප රට සතු මහරු සම්පතකි. එමෙන්ම තදින්ම නාගරීකරණයට හා කාර්මීකරණයට ලක්වෙමින් තිබෙන බස්නාහිර පළාතේ පාරිසරික සමතුලිත බව ආරක්ෂා කිරීමේදී කැලණි ගඟ ඉටුකරන මෙහෙවර අතිවිශාලය. කැලණි ගඟ නොවේනම් ඇතිවන පාරිසරික ප්‍රශ්න මෙන්ම තාක්ෂණික ප්‍රශ්න ගණනය කළ නොහැකිය. දෙපයට වට වැස්සට දණ තෙක් ජලය පිරෙන කොළඹ නගරය කැලණි ගඟ නොවන්නේනම් ඉණ තෙක් නොව ගෙල තෙක් ජලය පිරෙන තටාකයක් බවට පත්වනු නියතය. කැලණි ගඟ දරුවකු මෙන් ආරක්ෂා කරගත යුතු වන්නේ එහෙයිනි.
අප ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ හා බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා ගණන 294 කි. ඉන් ඒ කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 41ක් පවත්වාගෙන යනු ලබන්නේ පරිසර ආරක්ෂක බලපත්‍ර රහිතවය. මෙය වූ කලී පහසුවෙන් මගහැර යා යුතු තත්ත්වයක් නොවේ. කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම පරිසර ආරක්ෂක බලපත්‍රයක් තිබිය යුතුය. එම බලපත්‍රය නොමැති නම් එය නීති විරෝධී ආයතනයකි. එබඳු නීති විරෝධී ආයතනයක් නිරුපද්‍රිතව පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද? මේ පිළිබඳ වගකීම සහිත ආයතන මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර කළමනා කටයුතු සංවිධානය නොකරන්නේ මන්ද?
මෙහිදී සැක කළ හැකි කාරණාව වන්නේ අදාළ රජයේ ආයතන හා එම කර්මාන්ත ශාලා අතර ‘ඩීල්’ එකක් තිබෙන බවය. මුදල් විසිකරන්නේ නම් මේ රටේ ඕනෑම දෙයක් කළ හැකි කරගත හැකි බවට මතයක් ද සමාජයේ වෙයි. එහෙයින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. මන්දයත් කැලණි ගඟ උපනූපන් පරම්පරාවලට ආරක්ෂා කරදීම ප්‍රමුඛ වන හෙයිනි.
පරිසර ආරක්ෂක බලපත්‍ර නොගෙන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යෑමෙන් හෙළි වන්නේ එම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂක බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබෙන බවය. එසේ නොවන්නේනම් එය එසේ වීමට වෙනත් හේතුවක් නැත. අප රටට කර්මාන්ත අවැසිය. එම කර්මාන්ත පවත්වා ගැනීමට බාධාකාරී තත්ත්වයක් වේ නම් ඒවා වහාම තුරන් කළ යුතුය. එහෙත් කවර තත්ත්වයක් යටතේ වුවත් පරිසරයට හානිකරව එම ආයතන පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතුය. එය කැලණි ගඟ අසබඩ කර්මාන්ත ශාලාවලට පමණක් නොව මුළු රටේම පොදු ප්‍රතිපත්තිය බවට පත්විය යුතුය.
කරුණු කාරණා එපරිදි වුවද සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා වසර අටක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දී නැතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙරට රාජ්‍ය අංශය නිද්‍රාශීලීය. එහෙත් රටේ ආර්ථිකයත් සමග ඍජුවම සම්බන්ධ වන දහස් ගණනින් රැකියා උත්පාදනය කෙරෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මන්දගාමී හා නිද්‍රාශීලී පිළිවෙත් අනුගමනය කිරීම සමාව දිය යුතු නැති තරමේ වරදකි. අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවන පරිසරයක කර්මාන්ත කරුවන්ටද තමන් සිතැඟි පරිදි කටයුතු කිරීමේ අවකාශයක් ලැබේ.
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත සම්බන්ධයෙන් දුරාතීතයේ සිටම ප්‍රවෘත්ති වාර්තා වේ. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මෙන්ම වැසිකිළි අපද්‍රව්‍ය හා අනෙකුත් අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවීම ඉන් ප්‍රධාන වෙයි. මෙම ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය වූයේ කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් කැඳවීමට සිදුවීමය. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. ඉතිරිව ඇත්තේ එහි නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමය.
(***)
හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට
ශ්රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී
2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ
ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම
වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර
“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු
badaburul Wednesday, 17 March 2021 11:34 AM
එළියට පහළියට යන එක සමාජ විරෝධී වෙන්නේ කොහොමද? ශාරීරික අවශ්‍යතාවන් අවහිර කිරීම මානව හිමිකම් උල්ලංඝනයක්...
saman Wednesday, 17 March 2021 01:26 PM
ඉතින් ඔය කියන විදියට පරිසර දුෂණය නිසා ලංකාවේ කිසිම කර්මාන්තයක් කළ නොහැකියි. එවිට රටේ රැකියා ජනනය කරන්නේ කෙසේදැයි කියාත් මේ ලිපිය ලියු තැනැත්තා සඳහන් කළ යුතුයි.