දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ඉකුත් දා ආරම්භ විය. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් විය.
අගය කළ යුතු දියුණු ව්‍යාපෘතියකි. සමාජයේ ඇති නැති පරතරය තුරන් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති දුරාතීතයේ සිටම ක්‍රියාත්මක වී තිබේ. එහෙත් එමඟින් යැපුම් මානසිකත්වයක් උස් මහත් වූවා මිසක් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර නොදුන් බව සත්‍යයකි. එහි ප්‍රතිඵලය වූයේ ඇති නැති පරතරය දිනෙන් දින වර්ධනයවීම ය. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක් තෝරාගෙන එයින් එක් පවුලක එක් සාමාජිකයකුට රජයේ රැකියාවක් ලබාදීමට පියවර ගැනීම අගය කළ යුතු ප්‍රයත්නයකි.
අඩු ආදායම්ලාභියකුවීම සමාජ වරප්‍රසාද සම ලෙස විඳීමට ඇති අවස්ථාව අහිමිවීමකි. විශේෂයෙන්ම සමාජ පිළිගැනීම අහිමිවීම හරහා එම ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයට පත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. ආත්ම ගරුත්වය අහිමිවීමට ඉඩ පෑදීමකි. සමාජ ප්‍රශ්න සරලම අංශුවට කඩා විග්‍රහ කර ගැනීමේදී ඉහත යථාර්ථය පහසුවෙන් හඳුනාගත හැකිය.
රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා, මණ්ඩල ආදියෙහි රැකියා ඇබෑර්තු බොහෝවිට වෙන්වන්නේ දේශපාලන හෙංචයියන්ට ය. රැකියා ඇබෑර්තු නැතත් දේශපාලන හෙන්චයියලාට ඒ ඒ ආයතනවල රැකියාවක් ලබාගැනීම අසීරු නැත. ඇතැම්විට රජයේ රැකියාවක් කළද තාවකාලික අනුයුක්ත කිරීම් යන ශීර්ෂය යටතේ තම දේශපාලන හාම්පුතාගේ සෙවණටම යාමේ හැකියාවද පවතී. ‘අමාත්‍ය කාර්ය මණ්ඩලය’ ඒ සඳහා තෝතැන්නකි. තාවකාලික අනුයුක්තවීමක් ලබන අන්තේවාසිකයා තමන් රැකියාව සිදු කරන ආයතනයෙන් වැටුප් ලබාගන්නා අතර අනුයුක්ත වූ ආයතනයෙන් යාන වාහන, ඉන්ධන දීමනා ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාගනී.
රාජ්‍ය ආයතන බලයේ සිටින ආණ්ඩුවේ ශාඛා කාර්යාලයක් බවට පරිවර්තනය වීමට ඉහත තත්ත්වය ද ප්‍රධාන හේතුවකි. රාජ්‍ය ආයතන තිබිය යුත්තේ තමන්ගේ අන්තේවාසිකයන්ගෙන් පුරවා තැබීමට නොව ඒ ඒ ආයතනවලට හිමි කාර්යසාධනය කාර්යක්ෂමව සපුරාලීමට ය. එහෙත් අන්තේවාසිකයන්ගෙන් එම ආයතන පුරවාලූ පසු ඉහත කී අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නොහැකි ය. රාජ්‍ය ආයතන රටට බරක් ලෙස හැඟී යන්නේ එම පරිසරය තුළ ය.
කුසගින්නේ සිටින මිනිසාට ඒ මොහොතේ කෑමට මාළුවකු ලබාදීම නිෂ්ඵල බවත් එම මිනිසාට දිය යුත්තේ බිලී පිත්තක් බවත් දේශපාලන විද්‍යාවේදී ඉගැන්වේ. මාළුවකු ලබාදීමෙන් ඒ මොහොතේ කුසගින්න නිමා විය හැකිය. එහෙත් එය තාවකාලික පියවරකි. එම මිනිසාට අවශ්‍ය වන්නේ වේලෙන් වේලට අලුත්වන බඩගින්දරට කල් පවත්නා විසඳුමකි. බිලී පිත්තෙන් පිරවෙන්නේ එම අවශ්‍යතාවය ය.
‘අප දුප්පතකුව ඉපදීම අපගේ වරදක් නොවේ. එහෙත් අප මිය යන්නේ දුප්පතකු ලෙස නම් එය අපගේ වරදකි’ මේ ප්‍රකට කියමනකි. සැබැවින්ම දුප්පත්කම යනු සංවේගයට පත්වීමට හෝ සතුටුවීමට, ආඩම්බරවීමට හේතුවක් නොවේ. දුප්පත්කම මහා ශක්තියක් බවට පත් විය යුතුය. සකල අගති කුදලා දමන මහා ප්‍රවාහයක් බවට පත් කර ගත යුතුය. එහෙයින් දිළිඳු මිනිසාට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව අවස්ථාවය. දෙපයින් නැගී සිටීමට අවස්ථාව ලබාදෙන්නේ නම් ඒ ජනයා නැගී සිටිනු ඇත.
දිළිඳු පවුල් ලක්ෂයක් තෝරාගෙන එක් පවුලකින් එක් අයකුට වශයෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එමෙන්ම අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම්, රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට අවශ්‍ය මට්ටමට වඩා වැඩි බව ය. එහෙත් නිර්මාණශීලීව සිතන්නේ නම්. රාජ්‍ය සේවයට එක්වන සෑම අයකුම ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කාරයකු බවට පත් කර ගත හැකි ය. දස ලක්ෂයකට රැකියා දීම දෙස අප බැලිය යුත්තේ එබඳු සුබවාදී ආකල්පයෙනි.
(***)
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දිළිඳු පවුල් නඟාසිටුවන ප්‍රයත්නය අගයමු
Wm gayan rangana gunasena Sunday, 06 September 2020 03:10 AM
සුදුසුකම් තියෙනවා. දුප්පත් අයට රැකියා දෙන ලැයිස්තුවේ නම ඇතුළත් වී නොමැත.