IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය ඇමැතිනියගේ ආයාචනයේ යථාර්ථය

කොරෝනා මර්දන මෙහෙයුමෙහි නිරතව සිටියදීම මාධ්‍ය ඇමතූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය දානපතියන්ගෙන් ඉල්ලා සිටියේ “හැකි පමණින් ළඟම ඇති රෝහලට උදව් උපකාර, පරිත්‍යාග කරන” ලෙසය. එය එක් අතකින් දිනෙන් දින ඇවිළී යමින් මහා ගිනි ජාලාවක් බවට පත්ව තිබෙන කොරෝනා ගෝලීය වසංගතයේ හොර බිරම් බව කියාපෑමකි. අනිත් අතට අප රටෙහි ආර්ථික තත්ත්වය සිතුවමකට නැගීමකි.

අප රට නිදහස ලබා හැත්තෑ දෙවසරකි. මෙම වසර හැත්තෑ දෙක දෙස ආපසු හැරී බැලීමේදී දක්නට ලැබෙන ප්‍රගති වාර්තාව එතරම් යහපත් නැත යන්න අවිවාදිත සත්‍යයකි. අපට මෙයට වඩා ආර්ථික සශ්‍රීකත්වයක් හා සංවර්ධනයක් අත්පත් කරගත හැකිව තිබූ බව යථාර්ථය වේ. එහෙත් ඒ වෙනුවට නිර්මාණය වී තිබෙන්නේ උපනූපන් පරම්පරාවන් ද ලෝකයට ණය කළ පරාධීන හා පරපෝෂිත ආර්ථිකයක් සහිත රටකි. ඛේදනීය ඇත්ත එයය.

රටට මෙම විනම්බෑසිය අත්වූයේ ඇයි ද යන්න විමසීමේදී මෙරට දේශපාලනඥයන් දෙසට ඇඟිල්ල දිගුවීම විමතියක් නොවේ. හොරකම, වංචාව, දූෂණය යනු දේශපාලනය යන වචනයට සමාන වචනයක් ලෙස හඳුනාගත හැකි තරමට මේවා එකිනෙකට සම්බන්ධ වී තිබේ. ඒ බව ඔප්පු කෙරෙන සිදුවීම් ඕනෑවටත් වැඩියෙන් වාර්තා වී තිබේ. දේශපාලනඥයා යනු චෞර කප්පිත්තෙකු ලෙස හඳුනා ගැනීමට පහසු ඉඩක් වෙන් වී තිබෙන්නේ ඒ අනුවය.

මහජන දේපොළ, රාජ්‍ය දේපොළ, සඟ සතු දේපොළ ලෙස ඇදහූ ජනතාවක්, නිලධාරි තන්ත්‍රයක් දේශපාලන සංස්කෘතියක් මෙරට තිබිණි. සඟ සතු දේපොළ භුක්ති විඳීම, හොරකම් කිරීම පෙරේතයන්, පියාචයන් ලෙස අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතුවක් වන්නා සේම මහජන දේපොළ, රාජ්‍ය දේපොළ හොරකම් කිරීම, අවභාවිත කිරීම එම ප්‍රතිඵලයම අත්වීමට හේතුවකැයි ඉපැරැන්නෝ සිතූහ.

අසූචි ගොඩට වැටුණු ශතය ද දිව ගා ගන්නා තරමට ආධ්‍යාත්මයෙන් පිරිහුණු සංකීර්ණ සමාජයක ඉපැරැණි සමාජගත ආදර්ශ, පුරුෂාර්ථ හරසුන් නීච තත්ත්වයට පත් වී තිබේ. ඒ තුළ හැකිතාක් සමාජ දේපොළ සොරකම් කරන, ඒවා අවභාවිත කරන සමාජයක් නිර්මාණය වී තිබේ. සොරකම සාඩම්බර පදක්කමක්ව පැළඳීම ජයග්‍රහනයකැයි සිතන නරුමවාදී සමාජයක රැකගත හැකි කිසිවක් නොමැති බව පසක් වන්නේ ‘සුදු කරපටි වංචනිකයෝ’ යන යෙදුම ද භාෂාව තුළ වැඩි වශයෙන් භාවිතයට පැමිණ තිබෙන හෙයිනි.

දැන උගත් නිලධාරි පැළැන්තිය තුළින් ද වැඩි මනක් ආදර්ශ බලාපොරොත්තු විය නොහැකි තරමට සමාජය ගිලා බැස තිබේ. රාජකාරියට අදාළව තමන්ට ලැබෙන පහසුකම අවභාවිත කරන නිලධාරීන් කොපමණ පිරිසක් මෙම සමාජය තුළ සිටීද? යම් ආයතනයක සභාපති වැනි වගකිවයුතු තනතුරක් දරන්නේ නම් එම ආයතනය සතුව ඇති සියලු දේපොළ තමන්ගේ පෞද්ගලික බූදලයකැයි සිතා කටයුතු කරන්නන් පිළිබඳ ඕනෑ තරම් පුවත් වාර්තා වී තිබේ.

තමාට හිමි නිල රියට අමතරව ආයතනය සතු වාහන ද තම පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම සුලභය. දරුවන් පාසල් යන්නේත්, නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයා අසනීප වූ විට වෛද්‍යවරයා ළඟට යන්නේත්, නිවෙසේ මෙහෙකරු හෝ මෙහෙකාරිය පොළට යන්නේත් ආයතනයේ වාහනයෙන්මය. රියැදුරු ද ආයතනයේමය. ඉන්ධන ද ආයතනයෙන්මය. ආයතනයේ වාහනයකින් තබා ඔහුට නිල බලයෙන් හිමිව ඇති වාහනය ද ඒ සඳහා යෙදවිය නොහැකිය. මන්ද ඔහුට වාහනය ලබාදී තිබෙන්නේ බල්ලන් නාවන්නට රැගෙන යාමට නොව රාජකාරි කටයුතු සඳහා පමණක් වන හෙයිනි.

ආධ්‍යාත්මය උගුළුවා දැමූ විට ඕනෑම අපරාධයක් කළ හැකිය. එය සාධාරණීකරණය ද කළ හැකිය. ‘යහපාලනය’ වැනි සංකල්පවලට සමාජයේ පතුල බිඳගෙන ඉල්ලුමක් නිර්මාණය වූයේ ද එහෙයිනි. මහජනයාගේ අපේක්ෂාව යහපත් පාලනයකි. යහපත් රාජ්‍ය සේවයකි. එහෙත් ඒවා අරුත් සුන් නීච වාගාලාප බවට පත්වීම ඛේදවාචකයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල නිවෙස පාවිච්චි නොකරයි. පෞද්ගලික නිවෙසේ සිටම රාජකාරි කරයි. ජනාධිපති කාර්ය මණ්ඩලය හරි අඩකටත් වඩා අඩු කළ බව සඳහන්ය. පරිවාර රථ ද නැත. කවර මානයෙන් බැලුවද මේවා බලගතු ආදර්ශ වේ. මෙම ආදර්ශ බිමටද කාන්දු වන්නේ නම් “ළඟම ඇති රෝහල්වලට උපකාර කරන්නැයි” අනාගතයේ බිහිවන සෞඛ්‍ය මැති ඇමැතිවරුන්ට ඉල්ලා සිටීමට සිදු නොවෙනු ඇත.

(***)



අදහස් (6)

රාජ්‍ය ඇමැතිනියගේ ආයාචනයේ යථාර්ථය

Liyanage Monday, 24 May 2021 05:30 AM

ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන්නේ ඉතා උනන්දුවෙන්, වගකීමෙන් වැඩ කරන අමාත්‍යවරියක්... අනිත් අය වගේ නොවේ.

:       2       12

NMMonday, 24 May 2021 03:32 PM

රාජ්‍ය ඇමැතිණියගේ ආයාචනයේ යථාර්ථය නම් රජයේ නොහැකියාව අසාර්ථක බව සහ මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණය ඉහළ සිට පහළට කඩාවැටීමේ ප්‍රතිඵලය මෙතුමිය විසින් ප්‍රසිද්ධියේ රටට සහ ලොවට කියා සිටීම වේ.

:       2       10

රන්ජන් Monday, 24 May 2021 06:54 AM

රටේ අධිකරණය ස්වාධීන පද්ධතියක් විය යුතුය. එවැනි රටක ජනපති සොරෙකු වුවත් කම් නැත. ඔහු අනිවාර්යයෙන් රට දියුණුව කරා ගෙනයයි..

:       2       8

vikumMonday, 24 May 2021 10:31 AM

අපේ ජනාධිපතිට නඩු 35 ක් තියෙනවා. නඩු කාරයින් බලාගෙන ඉන්නේ මිනිහා පැරදිලා ගෙදර ගියාම අල්ලලා කූඩුවට දමන්න.

:       2       7

ranjith Monday, 24 May 2021 12:06 PM

රට වහපුවාම දවසකට කෝටි 1400ක් අහිමි වෙනවලු... රට දශක 07කට වැඩි කාලයක් ඇරගෙන ඉඳලා ලෝකෙට ණය වුණා මිසක් වෙන දිණුමක් වුණාද?

:       1       16

Dr. Lakshman Fernando Wednesday, 26 May 2021 06:10 AM

සියලුම පුද්ගලයින් සඳහා විවෘතයි. සමහරක් හැඟීමෙන් පුරෝකථනය කරන්න. කෙසේ වෙතත්, ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ මොහොතේ අවශ්‍ය දෙයක් යෝජනා කළාය. සුභ පැතුම්!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 49 0

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 88 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 163 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


වසර 07කට පෙර දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ
2025 පෙබරවාරි මස 03 237 0

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනු නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටය


සහල් අර්බුදයේ සුළ මුල
2025 පෙබරවාරි මස 01 684 0

පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 376 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site