IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලලිත් අඹන්වෙලලා තව තවත් බිහිවේවා

අවංක මිනිසකුගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු විශ්වයම පොහොසත් නැතැයි කතාවක් තිබේ. අපට මේ කතාව සිහිපත් වූයේ රජයේ සේවයේ හිටපු කීර්තිමත් සහ අවංක රාජ්‍ය නිලධාරියකු වශයෙන් සම්මානයට පාත්‍ර වූ ලලිත් අඹන්වෙල මහතාගේ අභාවයත් සමඟය. තමන්ගේ වංචනික ක්‍රියා යට ගසා දැමීමට අඹන්වෙල මහතාගේ කැමැත්ත හිමි නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වංචනිකයන් විසින් එල්ල කෙරුණු දරුණු ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුට එක් ඇසක් අහිමි විය. මුහුණ දැඩිව පිළිස්සී ගියේය. මේ අපරාධය ඒ කාලයේ රටම කම්පනයට පත්කළ සිද්ධියක් බවට පත් විය.

අඹන්වෙල මහතාට එල්ල වූ එම ඇසිඩ් ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ අප රටේ රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් සමස්තයටම එල්ල වූ ප්‍රහාරයක් වශයෙනි. අවංක රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කිරීමේදී අභ්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන් එල්ල වන බලපෑම් බොහොමයක් තිබෙන බැව් රහසක් නොවේ. මේ බලපෑම් හමුවේ ඇතැම් නිලධාරීන් තම සේවයේ ගෞරවය සහ අභිමානය පාවා දෙමින් කටයුතු කර තම සාක්කු පුරවා ගන්නා අවධියක අඹන්වෙල වැනි නිලධාරීන් සමස්ත රාජ්‍ය සේවයේම අවංකභාවයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සැලකිය යුතුය. ඔවුන්ගේ සේවය නිසි අගැයුමකට ලක් කරමින් එවැනි නිලධාරීන් වඩ වඩාත් දිරිමත් කිරීමට රුකුල් දීම රාජ්‍ය පාලකයන්ගේ වගකීමකි.

මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයකු වශයෙන් රාජකාරි කරමින් සිටි ලලිත් අඹන්වෙල මහතා මේ දරුණු ඇසිඩ් ප්‍රහාරයට මුහුණ දී තිබුණේ 2002 වසරේදීය. 1979 වසරේ පටන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක මිලදී ගැනීමේ ව්‍යාපෘතියක සිදුව තිබූ මිලියන 12ක වංචාවක් පිළිබඳ කරුණු හෙළිකරගත් ඒ මහතා සිද්ධිය පසුපස සිටි නිලධාරීන් පිරිසක් ගුරු පුහුණු සැසි පැවැත්වීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 85ක මුදලක් සොරාගෙන ඇති බව ද සොයාගෙන තිබිණි. ඒ කාලයේ මුදල් වටිනාකම සමඟ සලකන විට මෙය ඉතා විශාල වංචාවක් විය. එකී වංචාවට සම්බන්ධ වී සිටියේ අදාළ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් කිහිප දෙනකුවීම හේතුවෙන් ඔහු අභ්‍යන්තරව දැඩි බලපෑම්වලට හසුවිය. එසේම බාහිරව ද එල්ල වී තිබුණේ දැඩි බලපෑම් රැසකි. එහෙත් ඒ හමුවේ තම හිස නොනැමූ මේ රාජ්‍ය නිලධාරියා තම රාජකාරිය අවංකව ඉටුකර වැරැදිකරුවන් නීතිය හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගත්තේය. එයට ඔහුට වන්දි ගෙවීමට සිදු වූයේ එක් ඇසක් අන්ධ කරමින් සහ මුහුණ පුළුස්සා දමමින් එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමය.

මේ සිද්ධිය අප රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අලු‍තින් සිතා බැලීමට රටම පෙළැඹවීය. එහිදී දූෂිත රාජ්‍ය සේවකයන්ට එරෙහිව දැඩිව කටයුතු කිරීම අවශ්‍ය බවට විශාල හඬක් නැගුණු බව ද අපගේ මතකයේ රැඳී තිබේ. එහෙත් 1977 වසරෙන් ඇරැඹුණු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ අසීමිත විධායක බලතල සහිත පාලන ක්‍රමය මගින් රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට වඩා තල්ලු‍ වූයේ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට බව අපගේ වැටහීමය. අඹන්වෙල මහතාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරය එතෙක් මේ රටේ අවංක රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව දැඩිව ප්‍රශ්න කළ පළමු අවස්ථාව බවට පත්වූයේ ඒ හේතුවෙනි. ඉන් පසුව රාජ්‍ය සේවය තුළට එල්ල වූ දේශපාලන ඇඟිලි ගැසීම් ඉහළ ගිය බවත් ඒ සමඟ දූෂිත රාජ්‍ය නිලධාරීන් රැල්ලක් බිහි වූ බවත් හඳුනා ගැනීම අපහසු නැත. එවැනි ප්‍රවණතාවක් ඇතිවීමට එකී රාජ්‍ය පාලන ක්‍රමය ප්‍රබල අත්වැලක් වූ බව ද පෙන්වාදිය යුතුය. එහෙත් අවාසනාව නම් ඉන් පසුව මෙතෙක් බලයට පැමිණි වෙනත් කිසිම පාලනයක් හෝ එම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වීමය. දූෂණ ක්‍රියාවලට රුකුල් දීමක් මිස ඒවා වැළැක්වීමට පියවර ගැනීමක් සිදු නොවුණා තරම්ය.

පසුගිය යහපාලන රජය මගින් රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් ස්ථාපනය කරන ලද ස්වාධීන කොමිෂන් සභා තුළ ද මෙයට විසඳුමක් නොතිබිණි. ඊට හොඳම උදාහරණය එහිදී රාජ්‍ය සේවයේ අවංකභාවය රැකීමට යෝජනා වූ ජාතික විගණන කොමිසට අත් වූ ඉරණමමය. එය කවදාවත් බලාත්මක කෙරුණේ නැත. එහි තිබූ ඇතැම් වගන්ති එම රජයේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ට නයාට අඳු කොළ මෙන් වීම ඊට ප්‍රධාන හේතුව විය. අදටත් එවැනි විගණන කොමිසමක් ක්‍රියාත්මක වීම සිහිනයක් පමණක් බව ද පෙන්වා දිය යුතුය.

තම රාජකාරි කිසිදු බලපෑමකට යටත් නොවී නොපිරිහෙලා ඉටුකරන අවංක රාජ්‍ය නිලධාරීන් රැකගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති බව ලලිත් අඹන්වෙල මහතාගේ සිද්ධිය අපට පෙන්වා දුන් කටුක යථාර්ථයයි. අඩුම තරමින් ඒ මහතාගේ නාමයෙන් අවංක රාජ්‍ය සේවයට පිදෙන වාර්ෂික සම්මානයක් හෝ ස්ථාපිත කිරීමට රජය උනන්දු වන්නේ නම් එය අවංක රාජ්‍ය නිලධාරීන් දිරිගැන්වීමට නිසැකවම හේතුවනු ඇත.

(***)



අදහස් (6)

ලලිත් අඹන්වෙලලා තව තවත් බිහිවේවා

Chris Berenger Monday, 31 May 2021 06:45 AM

අඩුම තරමින් ඒ මහතාගේ නාමයෙන් අවංක රාජ්‍ය සේවයට පිදෙන වාර්ෂික සම්මානයක් හෝ ස්ථාපිත කිරීමට රජය උනන්දු වන්නේ නම් එය අවංක රාජ්‍ය නිලධාරීන් දිරිගැන්වීමට නිසැකවම හේතුවනු ඇත.

:       0       44

RaveendraMonday, 31 May 2021 07:43 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙතුමන් වැනි අවංක නිලධාරින් ලංකාමාතාවට වැඩි වැඩියෙන්ම අවශ්‍ය මොහොතක මෙතුමා ගැන මෙසේ සඳහන් කිරීමත් සතුටකි. කෙසේනමුත් අප රටේ පුරවැසියන් හැටියට රටේ මුල් පුරවැසියාගේ සිට සියල්ලන්ම ඉතාමත්ම ලැජ්ජා විය යුතුයි. මෙවන් නිලධාරීන්ට නිසි ඇගයීමක් නොකිරීම පිළිබඳව...

:       0       0

Thiranagama Monday, 31 May 2021 10:06 AM

රට ගැන සියලු බලාපොරොත්තු අතහැර ඇති මොහොතක මෙවන් පුද්ගලයන් මතකයට නැගීම සතුටට කාරණාවක්...

:       0       32

fairoos Monday, 31 May 2021 10:27 AM

එක්කෙනෙක්, දෙන්නෙක් හොඳට වුණාට අනිත් 99 අවංක නෑනේ...

:       3       15

බද්රානි Monday, 31 May 2021 10:52 AM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද ජීවත් වෙන දෙවි දේවතාවන් වැනි මිනිසුන්ට ලංකාවේදී අත්වෙන ඉරණම තමයි මේ. මෙවැනි උතුම් රාජ්‍ය නිලධාරීන් විශේෂ ඇගයීමකට ලක්කොට, මෙතුමාට වන්දි වශයෙන් විශාල මුදල් ත්‍යාගයන් පිරිනැමීමට කටයුතු කල යුතුයි. මෙවැනි උසස් රාජ්‍ය නිලධාරියෙකුව අගය කරමින් කතුවැකිය ලියු ලංකාදීප කතු තුමාට මගේ ගෞරවනීය ආචාරය!!

:       0       31

BNV MENDIS Tuesday, 01 June 2021 03:28 AM

මේවා රජයෙන්, දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා... ඔබ සියලු දෙනා අතරින් විශිෂ්ඨයි..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 735 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 237 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 288 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 69 1

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 120 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 188 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site