IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වගකීම හරිහැටි නොදත් මැති ඇමැතිලා

රටේ බරපතළ ප්‍රශ්නයකි. ප්‍රශ්නය කොතෙක් බරපතළද යත් ජනතාවට නිවසේ සිටීමට සිදුවී තිබෙන්නේද මර බියෙනි. ඒ ගෑස් කාන්දුවීම් හා ගෑස් ලිප්-බට පුපුරායාම හේතුවෙනි. ‘‘යහපාලන ආණ්ඩුව සමයේ මෙච්චරක් ගෑස් පුපුරා ගියා’’ යැයි  කියමින් ප්‍රකාශ නිකුත් කිරීම හැර බලධාරීන්ගෙන් වෙනත් විසඳුම් නැත. සුපුරුදු පරිදි කමිටු පත් කළද ගෑස් කාන්දුව නතර වී හෝ ගෑස් පුපුරා යාම හෝ නතර වී නැත.

 විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා මේ පිළිබඳව කතා කළහ. රටේ ප්‍රශ්න කතා කිරීමට ඇති ප්‍රධානම හා වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව වේ. පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න වැඩි වශයෙන් කතා නොකර වල්පල් දෙඩවීම බහුලව සිදු වුවද ‘‘ගෑස්’’ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට ප්‍රණාමය පිරිනැමිය යුතුය. එයට තවත් එක් හේතුවක් වන්නේ එම ප්‍රශ්න කිරීම හරහා ඇමැතිවරුන්ගේ සැබෑ කෙරුවාව අනාවරණය වූ හෙයිනි.

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂය කතා කරනවිට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ ඇමැතිවරුන්ගෙන් සිට ඇත්තේ සභානායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පමණි. ජන ජීවිතයට මාරාන්තික වූ ප්‍රශ්නයක්  සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වූ විට ඒවාට පිළිතුරු දීමට ඇමැතිවරුන් සිටිය යුතුය. ඒ ඇමැතිවරුන් කොහේ රෝන්දේ ගියා දැයි අපි නොදනිමු. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ටද අයිති කාරණාවකි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇමැතිවරුන්ගේ කෙරුවාවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එදින අනාවරණය කර තිබිණි. එහිදී කතානායකවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලුම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් එතුමන්ට හැමදාම මේ සභාවට එන ලෙස මේ නිසා ආරාධනා කිරීමට සිදුවන බවත්ය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ දෙපැත්තේ ඉදිරි පෙළ ඇමැතිවරුන් කිසිම කෙනකු මේ අවස්ථාවේ සභාවේ නැති හෙයින් ඒ පිළිබඳව අවධානය යොම කරන බවද කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

රටේ ජනාධිපතිවරයා සම්ප්‍රදායක් වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කලාතුරකිනි. එම දිනය ඇතැම් විට කලින් නිවේදනය කරන අවස්ථාද වේ. කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයට පමණක් බවය.

කතානායකවරයාගේම හෙළිදරව්වට අනුව රට මෙලෙසින් හෝ පැවතීම සම්බන්ධයෙන් රටේ ජනයා අප්‍රමාණ ලෙස සොම්නසට පත්විය යුතුය.

මේ රටේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනයාගේ විශ්වාසය බිඳවැටී අවසන්ය. යම් හෝ විශ්වාසයක් තිබුණි නම් දින 52 ආණ්ඩුව සමයේදී එය නැත්තටම නැතිවී ගියේ යැයි කීම වැරැදි නොවේ. එබඳු තත්ත්වයක් නිර්මාණය වූයේ ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ අපුල දනවන හැසිරීම නිසාය. සභා ගැබ මැද ඇඳිවත ඔසොවන නිරුවත ප්‍රදර්ශනය කරන තරමට මහජන නියෝජිතයන්ගේ හැසිරීම පිළිකුල් සහගත විය.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඇති කළ යුතුය. රටේ උත්තරීතරම ආයතනය ලෙස සලකන්නේ පාර්ලිමේන්තුවය. නීති සම්පාදනය කිරීමත් සම්පාදිත නීති සම්මත කිරීමත් රටේ මූල්‍ය පාලනය සම්බන්ධ වගකීම පැවරී තිබීමත් නිසා පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය යන බුහුමනට පාත්‍ර වී තිබේ. එහිදී කැබිනට් මණ්ඩලයට සුවිශේෂි වගකීමක් තිබේ. රට සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. එහෙයින් කැබිනට් මණ්ඩලයට  පත්කරනු ලබන්නෝ ඒ ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවබෝධයක් සහිත පරිණතම මහජන නියෝජිතයෝය. එහෙත් කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයේදී පමණක් බවය.

කැබිනට් ඇමැති ධුරයක් ලැබුණද එයට වඩා හොඳ ඇමැති ධුරයක් ලැබුණේ නම් හොඳයි කියමින් ලජ්ජා විරහිත ලෙස ආඩපාලි කියන දේශපාලනඥයෝ සිටිති. ඇමැති ධුරයක් නොලැබීමේ වේදිනාව ප්‍රසිද්ධියේ පිට කරන දේශපාලනඥයෝ සිටිති. ‘‘මට රිළා ඇමති ධුරය හෝ ලැබුණේ නම් හොඳයි” කී මන්ත්‍රීවරයෙක් තවමත් මේ පාර්ලිමේන්තුවේ සිටී. මේ මහජන නියෝජිතයන්ට රටට වැඩ කිරීමේ කොපමණ උනන්දුවක් තිබෙන්නේ දැයි ජනතාව සිතති. ඇමැති ධුර ඉල්ලා සිටින්නේ රට සුරපුරයක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යැයි ජනතාව සිතති. එහෙත් කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයේදී පමණක් බවය.

මෙම කසඩ දේශපාලනය වෙනස් කළ යුතුය. රටේ ප්‍රශ්න ගොඩගැසී තිබේ. සියවසකට පමණ පසුව පැමිණි මාරක වසංගතය දෙවසරක් පුරා රටම හඬවමින් තිබේ. ජීවන බර සමනොළ ගිරිහිස පරයා යන තරම්ය. ගුවන්ගත බඩු මිල ඉදිරිපිට සාතිශය බහුතරයක් ජනයාට දිවංගත වීමේ  ඉරණම බාර ගැනීමට සිදුවී තිබේ. මේ ප්‍රශ්නවලට විසඳුම් ආණ්ඩුවෙන් ලබාගත හැකිද යන ප්‍රශ්නය මතුවන්නේ කතානායකවරයාම ප්‍රකාශ කරන පරිදි සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයට පමණක් වන හෙයිනි.

(***)



අදහස් (1)

වගකීම හරිහැටි නොදත් මැති ඇමැතිලා

සමරේ Tuesday, 07 December 2021 08:14 AM

මේ ලිපිය ඇත්තටම වැදගත්. නමුත් ඇමතිලා වගේම වෙන ලිපිවලට තොග පිටින් පක්ෂව හා විපක්ෂව කමෙන්ට් දාන ජනතාවටත් ගෑස් තබා ඇමතිලා පාර්ලිමේන්තු නොයාමත් ප්‍රශ්නයක් නෙවෙයි වගේ. ගිය සෙනසුරාදා, දෙසැම්බර් 4 කතුවැකිය වෙලත් අද 7 වනදා වෙලත් කිසිම කෙනෙක් ඇමතිලා ගැන වචනයක් කියන්නේ නෑ. එක්කෝ ලංකාදීපය පාඨක ප්‍රතිචාර පළ කරන එක නවත්වලා එහෙම නැත්නම් පාඨකයන් ඇමතිලා වගකීම් මගහරින එකට එකඟයි. මේ දෙකම භයානකයි. පාඨකයන් පැත්තෙන් ගත්තොත් මිනිසුන්ට අපහාස වන විදිහේ, බොළඳ හෝ රැල්ලට අහුවුණු කමෙන්ට් නැතුව වැදගත් අදහස් පළකිරීම ඊට අත්‍යවශ්‍යයි. නමුත් කිසිම වචනයක් නෑ කියන්නේ වැරදි දෙයට අනියම් අනුබලයක් දීමකුත් නේද. ලංකාදීපය මේ අදහස් විකෘති නොකර පළ කරාවි කියලා හිතනවා. එසේ කළොත් පාඨකයන් පක්ෂව හෝ විපක්ෂව අපගේ මතයන් වැදගත් භාෂාවෙන් ලියාවි කියා සිතනවා. මගේ මතය නම් පාර්ලිමේන්තු නොගොස් තමන්ගේ වගකීම් මගහරින ඇමතිලා සහ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ නම් වසරකට තුන් හතර පාරක් ප්‍රසිද්ධ කරන්න ඕන. හේතු නැතුව මගහරින අයට මින් ඉදිරියට ඡන්දය නොදී ඉන්න ඕන. ජාතික ලැයිස්තුව නිසා ඇවිත් ඔය විදිහට වගකීම් මගහරින අයව අයින් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 580 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 216 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 284 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 67 1

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 119 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 183 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site