IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඕනෑම තැනකට දාන්න පුළුවන් රොබෝ අතක්

මිනිස් අතකට මෙන්ම සාමාන්‍ය රොබෝ අතකට වුවද ළඟාවිය නොහැකි තැන්වලට පහසුවෙන් ළඟා විය හැකි සුනම්‍ය රොබෝ අතක් නිපදවීමට මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සමත්වී සිටිති.

මොරටු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රියංග දේශප‍්‍රිය, ගයාන් සම්පත් හා සංඛ විජේකෝන් යන සිසුන් තිදෙනා මෙම රොබෝ අත නිපදවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර හා කථිකාචාර්ය අසිත කුලසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේය.

මෙය  මිනිස් කශේරුකාවේ නම්‍යශිලීතාව පාදක කරගෙන නිර්මාණය කර තිබේ. එක හා සමාන වූ කශේරුකා වැනි කොටස්වලින් මෙය සම්බන්ධවේ. එම සෑම කොටසකටම ත‍්‍රිමාණ අවකාශයේ  ඕනෑම පැත්තට නැමීමේ හැකියාව ඇත. මෙහි ඒකක වෙන වෙනම ක‍්‍රියාකරවන අතර එමගින් මීට වඩා වැඩි නම්‍යතාවක් ලබාදී ඇත.

‘‘ මේ රොබෝ අතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ත‍්‍රිමාණ අවකාශයේ විශාල ප‍්‍රදේශයක් ආවරණය කරමින් බාහිර බලපෑම් දරා ගත හැකිවීමයි. එමෙන්ම රොබෝ අත  ක‍්‍රියාකරන අවකාශය අනුව නිර්මාණයේ පරාමිතීන් පහසුවෙන් වෙනස් කළ හැකිවීමද මෙහි ඇති තවත් සුවිශේෂත්වයක්.’’

‘සාමාන්‍යයෙන් ළංවිය නොහැකි මෙන්ම බාධා සහිත වූ සීමිත පරාසයක් තුළ සිදුකරන ක‍්‍රියාකාරකම් සඳහා මෙය මහත් පිටිවහලක් ලබා දෙනවා. උදාහරණ වශයෙන් ස්වයංක‍්‍රීය රොබෝ පද්ධති මගින් සිදු කරන ශල්‍යකර්ම, ආපදා අවස්ථාවලදී සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරා ගැනීමට මෙය ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. එමෙන්ම  අන්තරාදායක රසායනික ද්‍රව්‍ය හෝ විකිරණශීලි මුලද්‍රව්‍ය රඳවා ඇති කුටීර තුළට කුඩා සිදුරකින් ඇතුළු වී සේවා කටයුතු කිරීම හා ගුවන් යාන නිෂ්පාදන හෝ අලූත්වැඩියා කටයුතුවලදී යානාවල තටු තුළ සිදුකරන පරික්ෂා කටයුතු සහ නිමවුම් සඳහා මෙම රොබෝ අත පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මෙම රොබෝ අත දුරස්ථ පාලකයක් මගින් ක‍්‍රියා කිරීමට අපි සකස් කර තිබෙනවා. මෙය තවදුරටත් වැඩි දියුණු කර රටට ඵලදායී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා‘ ආචාර්ය නිරෝෂ් ජයවීර මහතා පැවැසීය.

robohand_2016513 Robot-Hand-1 Robot-Hand-2 Robot-Hand-4



අදහස් (0)

ඕනෑම තැනකට දාන්න පුළුවන් රොබෝ අතක්

පරණගම ප්‍රියන්ත Monday, 16 May 2016 09:21 AM

රිසච් වලට අඩුවෙන්ම මුදල් වෙන් කරන රට අපේ රට. (ර)

:       0       0

පුබුදු Friday, 13 May 2016 05:12 PM

නියමයි යාළුවනේ! (නි)

:       0       0

ලලිත් Friday, 13 May 2016 05:34 PM

වැඩේ නම් හොඳයි. මේක වැරදිලාවත් බස් වල නම් අරගෙන යන්න එපා (නි)

:       0       0

යසන්ත Monday, 16 May 2016 03:18 AM

මේ කොල්ලෝ ටික රටට වැඩක් කරද්දී කැලණියේ මෝඩයෝ ටික රටටම පිළිලයක් වෙලා (නි)

:       0       0

මහීෂා Wednesday, 18 May 2016 04:46 AM

අතිවිශිෂ්ට නිර්මාණයක් (නි)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 02:24 AM

මේක අල්ලපු ගෙදර නැන්දාට නම් වටිනවා, උන්දෑ ඕනෑදේටයි එපාදේටයි හැම එකකටම අත දාන නිසා. ඒ කිව්වේ විහිළුවට. දරුවනේ, ඔබේ සොයාගැනීම් අගය කරනවා. තව තවත් සොයා යන්න ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 May 2016 12:08 PM

වැද්දොන්ට මීවද කඩන්නත් වෙන්නප්පුවේ අයට පොල් කඩන්නත් නියම භාණ්ඩේ. (ර)

:       0       0

ආනන්ද ප්‍රියදර්ශන් Saturday, 14 May 2016 01:44 PM

නියමයි මහත්වරුනි! යන්න ලෝකය දිනන්න (හේ)

:       0       0

අමන්දා Wednesday, 01 June 2016 07:19 AM

සුපිරි වැඩක් (නි)

:       0       0

පුෂ්ප Saturday, 14 May 2016 04:34 AM

විශ්ව විද්‍යාලයක දරුවන්ගෙන් රටක් බලාපොරොත්තු වන්නේ මෙවැනි දේවල්ය. මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේ දරුවන් තමන්ගේ බදු මුදල් වලින් ඉගෙනගන්නවාට අකමැති නැත. ඒ වගේම මේ විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික, පරිගණක සහ සිවිල් වැනි අනෙකුත් ඉංජිනේරු දෙපාර්තමේන්තු වල දරුවනුත් ඉතා අගය ඇති දේවල් අත්හදා බලන බව දනිමි. (නි)

:       0       0

රවිඳු Friday, 20 May 2016 10:49 AM

හොඳ සොයාගැනීමක්. (ර)

:       0       0

සරෝජා Tuesday, 17 May 2016 10:59 AM

අනේ මේ පිටිගල මහත්තයෝ ඇයි අවතක්සේරු කරලා කතා කරන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2345 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2200 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6119 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7160 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3560 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4274 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site