(ගයාන් සූරියආරච්චි)
මධ්‍යම කැලිෆොර්නියාවේ ෆෙස්නෝ නගරයට ‘වොල්බැකියා පිපියන්ටිස්’ බැක්ටීරියාව ආසාදනය කර වඳ කරන ලද ඊඩිස් ඊජිප්ටි මදුරුවන් මිලියන 20 ක් මුදා හැරීමට නියමිත බව සඳහන්වේ.
ඊඞීස් ඊජිප්ටි මදුරුවා ඩෙංගු, සීකා සහ චිකුන්ගුන්යා රෝගකාරකයකු ලෙස හඳුන්වන අතර පරිසරයට මුදාහරින පිරිමි මදුරුවන් මිනිසුන්ට දෂ්ට නොකරන බව විද්‍යාඥයෝ සඳහන් කරති.
ගැහැණු මදුරුවන් බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු මිනිසුන්ට දෂ්ට කළද ඒ වනවිට රෝග කාරක බෝ කිරීමේ හැකියාවක් ඔවුනට නොමැත.
ගූගල්හි සහෝදර සමාගමක් වන වේරලි සමාගම සහ ඩීබග් ෆෙස්නෝ මදුරු මර්දන වැඩසටහන එක්ව මෙය ක්‍රියාත්මක කරන අතර එක් සතියකට මිලියනය බැගින් සති 20 ක් ඇතුළත මදුරුවන් මිලියන 20 ක් පරිසරයට මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
විද්‍යාඥයන් විසින් පරිසරයට මුදාහැරීමට නියමිත පිරිමි මදුරුවන් වොල්බැකියා පිපියන්ටිස් බැක්ටීරියාව ආසාදිත වඳ භාවයෙන් යුක්ත වන අතර පරිසරයේ සිටින ගැහැණු මදුරුවන් සමඟ සංසේචනයේ යෙදුණු පසු පිරිමි මදුරුවන්ගෙන් අදාළ බැක්ටීරියාව ගැහැණු මදුරුවාට සම්පේ‍්‍රෂණය වේ.
එමගින් ගැහැණූ මදුරුවාට බිත්තර දැමීමට නොහැකිවේ. මෙම ව්‍යාපෘතියෙන් මදුරුවන් බෝවීම ද පාලනය වන අතර ක‍්‍රමයෙන් වඳවී යයි. මෙම මදුරුවන් ජාන වෙනස්කර නිර්මාණය කළ මදුරුවන් නොවන බවත් මදුරුවන්ගේ ආයු කාලය ඉතා අඩු බැවින් ඩෙංගු, චිකුන්ගුන්‍යා සහ සීකා ලෝකයෙන් තුරන් කිරීමට හැකි බවත් විද්‍යාඥයෝ පවසති.
මෙම ලින්ක් එකට පිවිසෙන්න - https://www.youtube.com/watch?v=vVozrgEwi_Q
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩෙංගු මදුරුවා නසන්න මදුරුවන් මිලියන 20 ක් මුදාහරී
Nuwan Tuesday, 18 July 2017 05:21 AM
සුපිරි නිෂ්පාදනයක්... අපිට සිහිනයක් ...
pradeep Tuesday, 18 July 2017 08:45 AM
ඔය ව්‍යාපෘතිය අපේ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා රාගම වෛද්‍ය පීටයේ සිදුකරනවා. එ්ක සිහිනයක් නෙමෙයි.
NuwanTuesday, 18 July 2017 11:35 AM
ප්‍රදීප් ඔබට ස්තුති දැනුවත් කලාට, මම ඒ වගක් මාධ්‍ය වල දැක්කේ නැහැ . එහෙනම් අපට මේ ක්‍රමවේදය රට පුර ව්‍යාප්ත කල හැකි වේවි. රාජ්‍ය අනුග්‍රහය ලැබුනොත් සහ මාධ්‍ය මගින් දැනුවත්කලොත්, සුබ පැතුම්
Lakshitha Saturday, 22 July 2017 06:56 AM
මෙමගින් මිනිසාට ඇතිවිය හැකි අතුරු අබාධ (side effects) අධ්‍යනයක් සිදු කර තිබෙනවද? මෙවැනි පර්යේෂණ මගින් මුළු මහත් මිනිස් සංහිතියක් පවා අවධානමකට ලක් කල හැකියි
කොළඹගේ Sunday, 23 July 2017 04:43 AM
ලංකාවේ නම් මදුරුවෝ වඳ කරනවා කියන්නේ සිහිනයක්.. මදුරු කොයිල් නිෂ්පාදක සමාගම් වලට රටේම ජනතාව විකුණලා ඉවරයි ලංකාව..
dilip Tuesday, 25 July 2017 08:55 AM
ලෝකයේ කොච්චර දියුණු දේවල් තියෙනවද එත් හොඳ දේවල් අපේ අය ගන්නේ නැ. ඩෙංගු නෙවෙයි නිකන් මදුරුවෝ නිසාත් මිනිස්සු කොච්චර දුක් විදිනවද. ඒත් කවදාවත් ඒවාට විසදුම් හොයල තියෙනවද?