නැටුම් සංදර්ශනයේ සියලු පාර්ශවකරුවන් මෙන්ම, නැටුම් හා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හැම කෙනෙක්ම පාහේ ඒ වනවිටත් අපි හඳුනාගෙන සිටියෙමු. මාවෝ යම් තැනකට යනවිට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් මෙන්ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරු සියලු දෙනාම පාහේ පැමිණෙති. කලින් දැන හැදුනුම්කම් වගා දිගාකරගෙන සිටි අප පැරණි මිතුරන් මෙන් එකිනෙකාට සුබ පැතුවේ තවත් ප්‍රීතිමත් සැන්දෑවක් සනිටුහන් කරමිනි.
නමුත් මේ විනෝදකාමී නිදහස් වාතාවරණය උපන්ගෙයිම අතුරුදන් විය. නැටුම් ශාලාව එක්වරම අසහනකාරි නිහැඬියාවකට ඇද වැටුණි. වෙනදා මෙන් මාවෝ සමග දොඩමලු වන්නට බලාසිටි තරුණ පිරිස් මාවෝ පිවිසෙනවිට දෙපසට වී බැරෑරුම් ස්වරූපයෙන් යුතුව සිටගෙන අත්පොළසන් දුන්නේ යාන්ත්‍රික විලසිනි. ආරූඪකරගත් උදාරම් ලීලාවෙන් යුතුව මාවෝ පසුපස සිටගෙන සිටියේ ජියැන්ග් කුයින්ය. ඇය වතින් දිස්වුවේ මාන්නාධික උඩඟු පෙනුමකි. ඇගේ දර්ශනයෙන් හැමකෙනෙක් තුළම කැලඹුණු සුලු ගතියක් මතුවුණු අතර ඇගෙන් ඈත්ව සිටින්නට උත්සාහ දැරූහ. පිරිසේ අසහනකාරි තත්ත්වය අවබෝධකරගත් මාවෝ එය මගහැරවිමට විහි`එ තහ`එ කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවිණි. මාවෝ බලාපොරොත්තුව සිටි තහංචි නොමැති නිදහස්කාමී වාතාවරණය අහිමිවිය. මාවෝ මේ සියල්ල නිරික්ෂණය කළේ දෘශ්‍යමාන අසතුටකිනි. සුවපහසු අසුනක වාඩිගෙන සිටි ඔහු මට හෙමිහිට කෙඳිරුවේය. “එයා සේරම කාලා දැම්මා.”
වාදක කණ්ඩායම වාදනය ඇරඹූ අතර නැටුම් ශිල්පියෝ වාදනයට අනුව නටන්නට වේදිකාවට පැමිණීයහ. තවත් මොහොතකින් මහ හඬින් කරන කෑ ගැසීමක් ඇසුණි.
“ඔය සංගීතය නවත්වන්න. ඒක මහා කන් කරච්චලයක්. වෙනත් එකක් වාදනය කරන්න.” ඒ ජියැන්ග්ය. ඇය තමාගේ තෘප්තිය වෙනුවෙන් නිතරම කරන්නාක් මෙන් පිළිගැනීමේ නිළධාරිනියක් සමග සංගිත කණ්ඩායම සිටින වේදිකාව මතට ගමන් කළේ සියලු දෙනාගේම අවධානය ඇයවෙත ඇදගනිමිනි. වාදනය කිරීම සඳහා ඇයට කැමති තනුවක් තෝරා ගැනීමට වාදක කණ්ඩායමේ නායකයා තනු ගණනාවක් ඇයට ලබා දුන්නේය. ඒ එකක්වත් සුදුසු නැතිබව පවසමින් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ පළපුරුදු සංගීතඥයෙකු විලසිනි. ජියැන්ගේ මේ සංගීත දැනුම පිළිබඳ අප මෙන්ම සංගීත කණ්ඩායමේ සාමාජිකයෝද පුදුමයෙන් බලාසිටියහ. මාවෝ තරහින් තදින් හුස්ම ගන්නට විය. ටික වේලාවකට පසු ඇය තනු කිහිපයක් වාදනය කරන්නට අවසර දුන් පසු නැටුම නැවත ආරම්භ කෙරිණි.
මාවෝ සමග මුලින්ම නැටුවේ ජියැන්ග්ය. ඇයට සාධාරණයක් ඉෂ්ටකරනු වස් ඇය විශිෂ්ට නැටුම් ශිල්පිනියක් බව කිය යුතුය. ඇය නටන විට සුකොමල ලාලිත්‍යයක් ඇවෙතින් දිස්විය. කෙසේ වෙතත් ඇගේ නර්තනය විධිමත් ක්‍රමානුකූල බවකින් යුතුවු නිසා උණුසුම් ප්‍රාණවත්බවක් නොවීය.
මාවෝ මට ඇසෙන් ඉඟියක් කළ විට මම අනිකුත් ආරක්ෂකයන් පෙළ ගැස්සීමි. යළි සංගීතය ඇරඹුණු විට ලී ලියැන්ග්චෙන් ජියැන්ග් කරා ගියේය. එනිසා මාවෝ ට තම නැටුම් සගයා මාරුකිරීමේ ඉඩ ලැබුණි.
තරුණ කොටස් නැටුමේ උච්ස්ථානයට පැමිණ නටද්දී ප්‍රීතිමත් මිනිසුන් පුදුමයට පත්කරමින් ජියැන්ග් නැවතත් මහ හඬින් කෑ ගැසුවාය. මෙවර ඇය කෑ ගැසුවේ ඇගේ අත් කන්වලට තබා ගෙනය. “සද්දෙ වැඩියි, සද්දෙ වැඩියි, මේ සද්දෙට කන් බිහිරිවෙනවා. මේ වගේ ඝෝෂාකාරි විදිහට වාදනය කරණවාට වඩා දෙයක් ඔයාලා දන්නෙ නැතිද?. මුදු විදිහට වාදනය කරන්න බැරිද?.”
මාවෝ දැඩි සිත් තැවුලට පත්කරමින් හැමදෙනෙක් මෙන්ම ඒ මුළු සන්ධ්‍යාවම ජියැන්ග් නොසන්සුන් තත්ත්වයට පත් කළාය. ආපසු සංචාරක බංගලාවට ගියවිට මාවෝ තදින් හුස්ම ගනිමින් තරහින් මෙසේ කීවේය. “සේරම සතුට නැතිකරපු හැටි!. එයා කොහෙ ගියත් සතුට සේරම විනාශ කරණවා. මට නම් ආයේ එයා දකින්නවත් ඕනැ නැහැ.”
ජියැන්ග් මේ ලෙස හැසිරුණු අවස්ථා කිහිපයකදීම මාවෝ ඇය මග හැරියේය. මාවෝ බොහෝ අවස්ථාවල මට , ටියැන්ග් යුනූට, නැතිනම් ෆෙන්ග් ට කියු දෙයක් නම් “ජියැන්ග් හැම දෙනෙකුගේම සතුට විනාශකරණවා. එයා හැමකෙනෙකුටම දුක් දෙනවා.”යන්නයි.
මාවෝ කුමන හෝ නැවතුම්පොළක නැවතුණ විට ජියැන්ග් එතනට එනබව දැනගත්තොත් වහාම එතැනින් පිටව ගියේය. 1959 වසරේ දිනක ඔහු ගුවැන්සුහි දී මෙවන් දෙයක් කළේය. ඇය එනබැව් ආරංචිවූ ඔහු අපට මෙසේ කීවේය. “එයා මෙහෙ ආවොත් අපි නැතිකරාවි. අපි දැන්ම මෙහෙන් යමු.”
ආරියනන්ද
දොඹගහවත්ත
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ‍්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අහිමි සතුට