IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


’කොවිඩ් අභියෝගය හමුවේදීත් ලංකාවේ මැතිවරණය සාමකාමීයි’


කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝග පවා තිබියදී මහමැතිවරණය සාමකාමීව හා ක්‍රමවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙ⁣රිකාව ශ්‍රී ලංකාවට ප්‍රශංසා පළ කර සිටී.

ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

"අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොරෝනා වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ," යනුවෙන් පැවසීය.

"නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි," යනුවෙන්ද ඔවුන් පවසයි.

රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකානු තානාපති කාර්යාලය කීය.

125



අදහස් (7)

’කොවිඩ් අභියෝගය හමුවේදීත් ලංකාවේ මැතිවරණය සාමකාමීයි’

විජිත් Friday, 07 August 2020 06:57 AM

මම හිතුවා.. පූසා මල්ලෙන් එළියට ඔලුව දාලා... ඥාව් ඥාව් කියයි කියලා. දැන් ඉතින් එදා මෙදා කළ මහාම රට පාවාදීමේ ගිවිසුම හෙවත් mcc අත්සන් කිරීමේ අයිතිහාසික පාවාදීමට ශ්‍රී ලංකාවේ ජීවත්වන නමුත් මළමිනී සේ සිටින හැටනම ලක්ෂයකට ආසන්න නූගත්, අබුද්ධික ගෝත්‍රික වහලුන් දායකවී ඇති බව අද ලියා තියන්නම්. වහලුන් නොවූ බුද්ධිමත්, විඥානයක් සහිත රටවැසියනි, ඡන්දයෙන් ඔබ පරාජය වුවත් රටට ආදරේ, ශ්‍රී ලංකා අම්මගේ ඇත්තම දරුවන් වන ඔබට මගේ සදාදරණීය ආචාරය..!!! ශ්‍රී ලංකාවේ ඉතිහාසය අලුතෙන් ලියවෙන කවදා හෝ දවසක ඔබේ නම රන් අකුරින් ලියවී තිබේවි. ඒ දවස හෙට නොවුවත් මෑත අනාගතයේ දවසක් විය හැකියි කියා අනුමානයෙන් කියන්න හැකිවුණත් එය අවධාරණයෙන් ලියා තබන්නට මගේ අතේ ඇඟිලි ඉඩ නොදේ.. මටත් පාලනය කරගන්න බැරි තරමට වෙව්ලන මගේ අතැඟිලි.. මේ කියන්නේ මොනවාද..? කියා මට නොහැඟේ.. ඔබ වගේම මාවත් අසරණ කරලා.. පව්කාරයින් අද ජය පැන් බොනවා. නොමිනිසුනේ, අමතක කරන්න එපා අපරාධය පසුපස ගොනු බැඳි කරත්ත රෝදය සේ එන "දඬුවම" කියන අඳුරු සෙවනැල්ල ඔබ කරා එන " ශාපය " බව...

:       908       420

arunaFriday, 07 August 2020 08:09 AM

විජිත්, ඔබගේ මේ කියවීම අදට වඩා හෙට දවසේ ජීවත්වන උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන නියම ශ්‍රී ලාංකික දූ පුතුන් අගේ කරාවි.

:       143       283

Nimal Friday, 07 August 2020 08:32 AM

විජිත්, එතකොට ඔය ගිවිසුම මුලින්ම ගෙනාවේ කවුද? ඔයත් මාර කතානේ කියන්නේ...

:       1       138

විජිත් Friday, 07 August 2020 09:24 AM

නිමල් මහත්මයා, සාමාන්‍යයෙන් මම කාටවත් පිළිතුරු දෙන්නේ නැහැ. මේ විශේෂ අවස්ථාවක් ලෙස සලකලා පිළිතුරක් දෙන්නම්. මේ ගිවිසුම මුල්වරට අපේ රටට හඳුන්වලා දුන්නේ 2005 දී මහින්ද රාජපක්ෂගේ කාලයේදී. හිටපු ඇමෙරිකානු තානාපති වන රොබර්ට් බ්ලේක් විසින්. ඔය කතාව කාලයක් ඇදිඇදී ගිහින් අවසානයේදී, යහපාලන කාලයේදී ආයෙත් උඩට ආවා. මම යහපාලන ආණ්ඩුව කිවේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ රජය. රනිල් සහ මංගලගේ ප්‍රධානත්වයෙන් මේ ගිවිසුමට අවසාන අනුමැතිය සිරිසේනගෙන් ලබාගන්න කිහිප වතාවක්ම උපක්‍රමශීලිවත් උත්සාහ කළා, සිරිසේනගේ දුර්වල ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගෙන. මින් ගැලවෙන අවසාන මග ලෙස සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ පවෙන් මිදුණා. ජනාධිපතිවරණයේදී මහින්දලා පෙන්නුවේ මේ mcc බිල්ලාවයි. එයට රැවටුණු මිනිසුන් ගෝඨාට ඡන්දය දුන්නා. ඔහු දිනුවා. නමුත් විද්වත් වාර්තාවෙන් මෙය අපේ රටට හානිකරයි කියා පැහැදිලිව කීවත් අද වෙනතුරු මේ ගිවිසුම අත්සන් නොකරන බවක් රාජපක්ෂලා කියා නැහැ. කියන්නත් බැහැ. ඔවුන්ට රට කරගෙන යන්න නම් කෙසේ හෝ මුදල් අවශ්‍යයි. ඇමෙරිකාව කියන විදිහට කීකරුව මේ ගිවිසුම අත්සන් කළයුතු වෙනවා. හොඳින් හෝ නරකින්....

:       0       60

indunil Friday, 07 August 2020 09:37 AM

තමුන් ඡන්දේ දුන්නු කට්ටිය MCC ගිවිසුමට රෙදි නැතිව කඩේ යමින් කැබිනට් අනුමැතිය අරන්දෙන වෙලාවේ විජිත් මහත්තයගේ ඇඟිලි වෙව්ලන්න ගත්තේ නෑ නේද?.. නැගෙන්හිර ජැටිය ඉන්දියාවට දෙන වෙලාවේ ඇඟිලි වෙව්ලුවේ නැද්ද?.. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ වෙව්ලුවේ නැද්ද?..... දැං ඔය වෙව්ලන්න පටන් අරන් තියෙන්නේ තමුන්ගේ ස්වාමියා පරාජය වීමේ දුකට මිසක් වෙන මොකටද..? අනුන්ට වහල්ලු කිව්වට තමුන් පට්ටම වහලෙක් බව නොතේරීම ගැන බොහොම කණගාටුයි මිත්‍රයා!.

:       119       0

sumudu pereraFriday, 07 August 2020 10:32 AM

ඉඳුනිල් ඔබ දැනට අවුරුදු 2කට ඉහත ලංකාදීප ඔන්ලයින් හොයාගෙන බලන්න. ඒ දවස්වලත් විජිත් එකල පාලකයින්ටත් mcc ගැන මාර සටනක් දුන්නේ. මම හොඳින්ම දන්නා විදිහට ඔහු වහලෙක් නොවෙයි. ඔහුට අපේ රටේ දේශපාලකයින්ගෙන් යැපීමට අවශ්‍ය නැතිබව නම් හොඳින්ම දනිමි. ඇත්ත ඇති සැටියෙන් කතාකරන ඉතාමත් නිවහල්, නිදහස් අදහස් දරන උගතෙක්. ලෝකයේ තිබෙන ධනවත්ම රටක ජීවත්වන සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම ඒ රටේ සිටින ශ්‍රී ලාංකිකයින්ට බොහෝ උදව්කරන කෙනෙක්...

:       0       136

විජිත් Friday, 07 August 2020 12:24 PM

indunil මහත්මියනි, ඔබ ලංකාදීප ඔන්ලයින් වලට නවකයෙක් බව හැඟෙනවා. වැරදි නම් සමාවෙන්න. කරුණාකරලා 2005 අගෝස්තු වල ලංකාදීප පුවත්පත් සොයාගෙන බලන්න. මහින්ද රාජපක්ෂගේ රජය රොබර්ට් බ්ලෙක්ස් සමග මේ ගිවිසුම අපේ රටට රහසින්ම හඳුන්වා දෙද්දී මම ඊට විරුද්ධව ලිව දේවල්. ඊටත් පස්සේ රනිල්/සිරිසේන යුගයේ 2017- 2019 කාලයේ mcc වලට විරුද්ධව කොමෙන්ට්ස් 14 - 20 පමණ ලංකාදීප ඔන්ලයින්වල මම දමා ඇති. මම මේ ගිවිසුම් අත්සන් කළ රටවල්වලට වුණු දේ ගැන හොඳින්ම දන්නා නිසයි ඊට විරුද්ධව එදත් අදත් හෙටත් සටන් කරන්නේ. එහෙම නැතිව ශ්‍රී ලංකාවේ සිටින නූගත් දේශපාලුවන්ට කඩේ යන මොලේ අමාරුකාර මෝඩයෙක් නොවන බවත් වටහා ගන්න. අනික ශ්‍රී ලංකාවේ දේශපාලුවන් කියන මොඩයින්ගෙන් මට කිසිවක් අවශ්‍යත් නැත. යමෙක් විවේචනය කරන්න කලින් ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන මඳක් සොයා බලන්න. එය ලංකාදීපය බලන උගත් බුද්ධිමත් පාඨකයින් හට කරන විශාල ගෞරවයකි... ස්තුතියි.!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 99 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 554 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 675 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 879 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 198 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 240 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 453 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site