ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මහමැතිවරණය අද (5) පස්වරු 5 ට අවසන් විය.
දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක වල 60 % බහුතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
2020 මහමැතිවරණය අද (5) උදෑසන 7.00 ආරම්භ කෙරුණු අතර පස්වරු 5 ට අවසන් කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඡන්ද විමසීම අවසන්
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 12:38 PM
ජනතා තීන්දුවට අපි හිස නමමු. ඒත්, ජනතාව මෙවර මොනවගේ අය පත්කරාද දන්නේ නැහැ.. ජනතාවනි, ඔන්න පස්සේ එහෙම බනිනවා එහෙම නෙමෙයි.
විජිත් Wednesday, 05 August 2020 12:38 PM
රටේ ජනතාවගෙන් 60%ක් පමණ තමන්ට පැවරුණු අයිතිහාසික කාර්යභාරයක් රටවෙනුවෙන් සිදුකරලා තියෙනවා. අපේක්ෂකයින්ගේ හොඳ නොහොඳ ගැන දැන් කතාකිරීමෙන් ඵලක් නොමැත. ඡන්දය අවසන්. හෙට අනිද්දා වෙනකොට ප්‍රතිඵල එකින් එක නිකුත් වේවි.. එය ඔබගේ ඡන්දයෙන් පත්වුණු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙන්නත් පුළුවන්... සමහරවිට එයා පරදවා අනිත් පැත්තේ අපේක්ෂකයා දිනපු ප්‍රවුර්තිය වෙන්නත් පුළුවන්. මම ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මෙපමණයි..." ඔබ ඡන්දය දුන් අපේක්ෂකයා යනු " ඔබ " නොවේ. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය වගේම පරාජයත් උපේක්ෂාවෙන්, සාමකාමීව විඳගන්න. සමහරවිට ඔබේ ලඟම අසල්වැසියා වෙනත් දේශපාලුවෙකුට ඡන්දය දුන් කෙනෙක් විය හැකිය. කිසිම හේතුවක් නිසා ඔබගේ අසල්වැසියා පීඩාවට පත්කරන්න එපා. ඔබට එදාවගේම හෙටත් කරදරයකදී ඔබේ උදව්වට පැමිණෙන පළමු තැනැත්තා ඔහු හෝ ඇයයි. ඒ නිසා ඉතාම සාමකාමීව හෙට දවසට මුහුණ දෙන්න. අමතක කරන්න එපා මේ අපිව කොටවන අසමජ්ජාති දේශපාලුවන් ඔක්කොම හොඳ යහළුවන්. ඉතින්.. ඔබත් අසල්වැසියන්, අනෙකුත් රටවැසියන්.. ගහ මරා ගැනීමෙන් පාඩුවක් වන්නේ ඔබටමයි. දේශපාලුවන්ට නොවෙයි. ඔවුන් හැමදාමත්ම යහළුවන්. එකිනෙකාගේ පිට කසා ගන්න.
rathnayakaWednesday, 05 August 2020 02:19 PM
සහතික ඇත්ත විජිත් මහත්තයෝ, අපේ රටේ මිනිස්සුන්ට මේ තිත්ත ඇත්ත නොතේරීම තමයි ප්‍රශ්න දුර දිග යන්නට හේතුව. අද ඡන්ද ගනින්නේ නැති නිසා තැනතැන ගහ මරාගැනීම් අඩුවේවි. නමුත් හෙට හැන්දෑව වෙනකොට කීදෙනෙක් මැරෙයිද, තුවාල කරගනියිද දන්නේ නැහැ. ඔබ කියා තිබූ ලෙසම මේ පක්ෂ විපක්ෂ දේශපාලකයින් ගජ මිතුරෝ. ඒක නිසානේ යහපාලනය ඇවිල්ලත් රාජපක්ෂලා ඇතුළට නොයා බේරුනේ...
siri Wednesday, 05 August 2020 12:49 PM
ප්‍රතිඵල පැහැදිලියි. අර පෞරාණික පක්ෂය බින්දුවට වැටෙයි.. දුරකථනයෙන් කතා කරලා අහන්න තියෙන්නේ.... ‘‘දැන් සැපද‘‘ කියලයි.
saman Wednesday, 05 August 2020 04:01 PM
දැන් ඉතින් හෙට වෙනකොට පසුගිය වසර 72දී වුණාක් මෙන්, 225 දෙනෙක් මහජනයාගේ කරපිටින් ගොස් සුරසැප විඳින්නට පටන් ගනී. ඡන්දය දුන් "මහජනයා" සිරිත් පරිදි කටුක ලෙස ජීවත් වෙන්නට පටන් ගනී.