IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


නවම් පොහොය සංකේතවත් කරමින් ශාක්‍යමුනි විහාරයේ පිංකම් රැසක්

 

ශාක්‍යමුනි විහාරයේ සෑම මසකම පවත්වාගෙන යන ශීල භාවනා වැඩසටහන නවම් පොහොය මූලික කරගනිමින් මෙම තුන්වැනි ඉරුදින දවස පුරා ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකළහ.  


එදින දහවල් සම්බුදු රජාණන් වහන්සේට මහා සංඝරත්නයට සිල්සමාදන්ව සිටි උපාසක උපාසිකාවන්ට දහවල් දානය පිරිනමන ලද්දේ රෝම ශාක්‍යමුනි විහාරයේ දායක පවුලක් වූ චන්ද්‍රා මහත්මිය සහ කුමුදු රම්මුතු ඇතුළු පවුලේ අය විසිනි. මෙයට වසර හතරකට පෙර මියගිය අනුර වසන්ත මහත්මාට පින් අනුමෝදන් කිරීම සඳහා මෙම දානමය පිංකම සිදුකළහ. ඒ අනුව අටපිරිකර පූජා කර පැන් වඩා අනුර මහත්මාට සසර දුකින් මිදී නිවන් මග අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කළහ. සුජීවත්ව සිටින තම මෑණියන්ටද නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ.  


අප ශාක්‍ය මුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිල් සමාදන් වුනු අප හැමෝටම ඉතා වටිනා දහම් කරුණු බණ භාවනා සූත්‍ර පිටකයේ කතා පාලිගාථා බොහොම සරලව සිංහල බසින් අපට දහම් අවබෝධය ලබාදුන්හ. අපි ඒ වෙනුවෙන් උන්වහන්සේට පිං දෙමු.  


ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අගසවු තනතුරට පත්කළ නවම් පොහොය දින වැදගත් බව අපි කවුරුත් දනිමු. එම උතුම් පින්බර පොහොය සිහිපත් කරමින් ශාක්‍යමුණි විහාරයට නව සැරියුත් මුගලන් අගසවු පිළිම වහන්සේලා දෙනමක් පූජා කිරීමද මෙදින විශේෂිත වූ උතුම් පින්කමකි. රෝමයේ ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන් දෙපලක් වූ සංසලා-මේනක දෙපල මෙම උතුම් පින්කමට දායකත්වය ලබාදුන්හ. සංසලා නිශාදිගේ පියාවූ අභාවප්‍රාප්ත ඒ වත්තුහේවා මහත්මාට පින් පිණිස සහ මේනක සුරේන්ද්‍ර ගේ මියගිය පියාණන්වූ සෛරස් සුරේන්ද්‍ර මහත්මාට පිං පිණිස මෙම සැරියුත් මුගලන් පිළිම වහන්සේ​ දෙනම ශ්‍රී ලංකාවෙන් වැඩම කරවා ශාක්‍යමුණි විහාරයට පූජා කළහ.   


සැන්දෑ භාගයේ ඉතා අලංකාර මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව පූජාකර ශාක්‍ය මුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉතා සුමධුර වූ බෝධි පූජාවක් පවත්වා නවම් පොහොයට සමගාමීව සිදුකළ උතුම් පිංකම නිමා කළහ.  

 

 

 

 


ප්‍රේමා කංකානම්ගේ  
ඡායාරූප චමින්ද පුෂ්පකුමාර  
රෝමය, ඉතාලිය 



අදහස් (0)

නවම් පොහොය සංකේතවත් කරමින් ශාක්‍යමුනි විහාරයේ පිංකම් රැසක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 239 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
2024 අගෝස්තු මස 12 178 0

“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.


හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය
2024 අගෝස්තු මස 05 227 0

හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට යොදාගත් පාඨයයි. 1945 හිට්ලර්ගේ මරණයෙන්


කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය
2024 අගෝස්තු මස 02 129 0

මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්.


ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව
2024 ජුලි මස 31 194 0

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්‍රමුඛ තැනකය.


වෙඩි කෑ ට්‍රම්ප් බලවත්
2024 ජුලි මස 22 129 0

“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 620 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site