කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත වෙමින් පවතියි.
දිනෙන් දින අසන්නට ලැබෙන මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සමස්තයක් ලෙස මුළු ලෝකයම මෙම රෝගය හේතුවෙන් බියෙන් පෙළෙන මොහොතකි. චීන රට මූලික කර ගනිමින් ආරම්භ වූ මෙම රෝගය මෑත ඉතිහාසයේදී අසන්නට ලැබෙන භයානක රෝගයකි. අප මව් රටට ද මෙම වෛරසය ඇතුළු වී ඇති බව මාධ්‍ය වාර්තා කරන ලදී.
මේ වනවිට යුරෝපයට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින මෙම වෛරස් රෝගය අප වෙසෙන සයිප්‍රස් රාජ්‍යට ද ඇතුළු වී ඇති බව මෙරට මාධ්‍ය තොරතුරු සනාථ කර ඇත. එම හේතුවෙන් මේ දිනවල පාසල් හා විශ්වවිද්‍යාල ද රැකි රක්ෂා කටයුතු කරන බොහෝ ස්ථාන ද වසා දමා ඇති අතර සයිප්‍රස් ජනාධිපති නිකොස් ඇනස්තාසියාදිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අසීරු අවස්ථාවේ මෙරට පුරවැසියන් මෙන්ම මෙහි වෙසෙන සංක්‍රමණිකයන් ද හොඳින් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද සියලුම දෙනා සෞඛ්‍ය අමාත්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි අයුරින් පිළිපදින ලෙසටත් ඉල්ලා සිටියේය.
අප ශ්‍රී ලංකා කොන්සල් ජනරල්තුමන් රෝහණ අඹගොල්ල මහතා ද මෙම වාතාවරණය පිළිබඳව මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අවස්ථාවේ මේ රටේ පවතින නීතිරීතිවලට යටත්ව ඉවසීමෙන් හා අවධානයෙන්, උද්ගතවී ඇති තත්ත්වයට මුහුණ දෙන ලෙසයි. හැකි තරම් තම තමන්ගේ ගමන් බිමන් අවම කර ගනිමින් බොහෝ දෙනා එක්රැස්වෙන ස්ථානවලට නොයා සෞඛ්‍ය නීති උපදෙස් නිසි ලෙස පිළිපදිමින් මෙම වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට සහය දෙන ලෙසයි.
මන්ද විශේෂයෙන් අපේ මව් රට මෙන් නොව සයිප්‍රසය යනු සම්පත් අඩු ඉතාම කුඩා රටක් බවත් යම් හෙයකින් රෝගය පැතිර යෑම ඉහළ යෑමක් සිදුවුවහොත් ඒ සඳහා පහසුකම් ගැනද ප්‍රශ්න ඇති වන බවයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ උපරිම සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට තමා ඇතුළු කාර්ය මණ්ඩලය සුදානමින් සිටින බව ද එතුමා පැවසීය. තවද මෙම හදිසි තත්ත්වය යටතේ විටින් විට නීති වෙනස් විය හැකි බවත් ඒ ගැන හැමදෙනාම පූර්ණ අවධානයෙන් පසුවිය යුතු බවද දන්වා සිටියේය.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය මුළු ලෝකයෙන්ම දුරුවේවායි යන නිර්මල ප්‍රාර්ථනයෙන් සයිප්‍රයේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ ද පසුගියදා පිරිත් දේශනාවක් ද පැවැත්විය.
විමලා යාපා, නිකෝසියා, සයිප්‍රස්.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි