IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම මොනාලිසාට ඇන්දුවාට ඉතාලිය අමනාපෙන්

 

ප්‍රංශය 2018 ලෝක පාපන්දු ශුරතාව දිනාගැනීමත් සමගම, එම ජයග්‍රහණය සැමරීමේදී දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මොනාලිසා චිත්‍රයට කිසිවකු විසින් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම අන්දවා, එම චිත්‍රය අන්තර්ජාලයට මුදාහැර තිබීම පිළිබඳව ඉතාලියේ බොහෝදෙනෙකු තම අප්‍රසාදය පළකරති.   


අද මොනාලිසා ලෙස ප්‍රසිද්ධව ඇත්තේ, ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1506 දී එවකට ෆිරෙන්සියේ සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ෆ්‍රැන්සිස්කෝ ජොකොන්දා ගේ බිරිඳ වූ, ලීසා ජෙරර්දීනී ගේ සිතුවම් කළ රුව ය. 1516 දී ලෙනාඩෝ ඩා වින්චි ප්‍රංශයට සංක්‍රමණය වීමේදී මෙම චිත්‍රය රැගෙන ගොස්, එහිදී පළවැනි ෆ්‍රැන්සිස්කෝ රජුට විකුණා ඇත. 1797 සිට මෙම චිත්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර, නැපෝලියන් බොනපාට් විසින් මෙය රැගෙනගොස් තම යහන් ගැඹේ තබාගෙන සිටි බවක් ද පැවසේ.   


කෙසේ නමුදු 1804 නැවත මොනාලිසා සිතුවම ලූවර් කෞතුකාගාර භාරයට පත්වී ඇත. අද වුවද ඉතාලි ජාතිකයන් විසින් මෙම චිත්‍රය හඳුන්වනු ලබන්නේ මොනාලිසා ලෙස නොව ජොකොන්දා (ඇගේ සැමියාගේ පෙළපත් නාමය) ලෙස ය. මොන නමින් හැඳින්වුවද, ජගත් කීර්තියට පත්වුවද, ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කර ඇති අනෙකුත් කාන්තා මධ්‍යම ප්‍රමාණ රූප හා සැසඳීමේදී, මොනාලිසා හොඳම සිතුවම නොවේ. (සෙන්ටි මීටර් 77 ක් උස හා සෙන්ටි මීටර් 53 ක් පළල මොනාලිසා චිත්‍රය, ඇහැටු පවුලට අයත් යුරෝපයේ වැවෙන ගසකින් ඉරාගත් ලෑල්ලක් මත තෙල් සායමින් නිර්මාණය කර ඇති අතර, තෙවරකට වැඩි වාර ගණනක් ලෙනාඩෝ විසින්ම මෙම චිත්‍රයේ වෙනස්කම් කර ඇති බව එක්ස් කිරණ පර්යේෂණ මගින් තහවුරු වී ඇත)   


මොනාලිසා චිත්‍රයට ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම ඇන්ඳවීම පිළිබඳව උරණවී සිටින ඉතාලි ජාතිකයන් කියන්නේ, ජොකොන්දා ප්‍රංශයේ පදිංචිව සිටියද ඇය ඉතාලි පුරවැසියක බවය. තම ලෝක පාපන්දු ජයග්‍රහණය සැමරීමේදී, විදේශික කාන්තාවකට තම පිළේ නිල ඇඳුම අන්ඳවා ප්‍රචාරය කිරීම නොසුදුසු බව බොහෝදෙනාගේ පිළිගැනීමය.   


2018 ලෝක පාපන්දු ශුරතා තරග සඳහා සුදුසුකම් ලැබීමේ මුල් තරගවලදීම ඉතාලිය පරාජයට පත්වීමේ වේදනාව උක්ත අප්‍රසාදය තුළ නැතුවාම නැතැයි සිතෙන්නේ, හඬන්නට සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගෙයි යන අපේ කියමන සිහිවෙන විටය.   


මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් ඉතාලියේ තම  ප්‍රචාරක කටයුතු සඳහා, දැනට ෆිරෙන්සියේ උෆිට්සි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මයිකල් ආන්ජෙලෝ ගේ ඩේවිඩ් ප්‍රතිමාවට සරමක් අන්දවා කළ නිර්මාණයක් යොදාගත්තද, එය මතභේදයට තුඩු දුන්නේ නැත.   

 

 

 

 

කල්ප ගුරුගේ   
මිලානෝ



අදහස් (0)

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම මොනාලිසාට ඇන්දුවාට ඉතාලිය අමනාපෙන්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
2025 ජනවාරි මස 20 252 0

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ


අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 144 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1266 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 250 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 195 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 492 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site