ජුලි මස විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ජංගම දුරකථනයෙන් සිංහලෙන් කතා කරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහර දී, අතපයට බරපතළ හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසිහතර වැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ජංගම දුරකථනයෙන් සිංහලෙන් කතා කරමින් ගමන් කරමින් සිටි හතළිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකුට, සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් සිංහල කතාව නතර කරන ලෙස පිහියක් පෙන්වා තර්ජනය කර ඇත. මෙම අවස්ථාවේ තර්ජනකරු නිරායුධ කිරීමට දැරූ උත්සහයේ දී ශ්‍රී ලාංකිකයා බිම ඇදවැටී ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කළහකරු ශ්‍රී ලාංකිකයා මතට පැන පහර දී අතට සහ පාදයකට බරපතළ හානි සිදුකර පලාගොස් ඇත.
පසුව පොලීසිය සහ ගිලන්රථ සේවා මැදහත්වීමෙන් තුවාලකරු මිලානෝ නගරයේ ප්‍රධාන රෝහලකට ප්‍රථමාධාර සඳහා ඇතුළත් කර ඇති අතර, සිද්ධිය දුටුවන්ගේ සාක්ෂි මත පහරදුන් ඉතාලි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාපෝලි ප්‍රදේශයේ කසෙර්තා නගරයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බව හෙළිවී ඇත.
පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ එක් අතක වැලමිටේ සහ පාදයක දණහිස කටු පුපුරා ගොස් ඇති බැවින් දින හතළිහක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවීමට සිදුව ඇති අතර, පහර දුන් ඉතාලි ජාතිකයා ඇප මත මුදාහැර ඇති බව මිලානෝ පොලිසිය වැඩිදුරටත් කියයි.
කල්ප ගුරුගේ.
මිලානෝ.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මිලානෝහිදී සිංහලෙන් කතා කළාට ශ්‍රී ලාංකිකයකුට පහරදී අතපය කඩයි