දුෂ්කරව දුර්ලභව ලැබූ අප මනුෂ්‍ය ජීවිතය තණ අග පිණි බිඳුවක් වැන්න. පින් කුසල් මහිමයෙන් අප ලැබූ මිනිස්බව භාග්‍යයක් ලෙස අප සිතා අප ජීවත්වෙන කෙටි කාලය තුළ දීර්ඝ වූ සංසාර ගමන කෙටිකර ගැනීම සඳහා අප පින් කුසල් රැස්කර ගත යුතුය. එම වාසනාව උදාකර ගත හැකි කාලය මේ වස්සාන කාලයයි.
වසරකට එක් වරක් පමණක් පින් කුසල් රැස්කර ගත හැකි වස් කාලය වස් තුන්මාසය බෞද්ධ පින්වතුන්ට බොහෝවන් වටිනා පින්බර වූ කාල වකවානුවකි. ඒ අනුව කඨින චීවර පූජාව සඳහා උපසපන් භික්ෂූන් වහන්සේලා වෙත වස් ආරාධනාව ඇසළ මස එනම් ජූලි මස 22 වැනි ඉරුදින සවස රෝම ශාක්‍යමුණි විහාරයේදී සැදැහැවත් බෞද්ධ දායක පින්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් සිදු කළා.
ෙරා්ම ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුතුව ශාක්‍යමුණි විහාරයේ ගරු භාණ්ඩාගාරික චමින්ද රන්දුණු මහත්මා විසින් වස් තුන් මාසය තුළ සිවුපසයෙන් ඇප උපස්ථාන කරන බවටත් දානමාන නොඅඩුව සපයා සුවදුක් සොයා බලන බවටත් සපථ කරමින් අපූරු වාක්‍යයක් දායක පින්වතුන් සමග හඬනගා කියවා වස් ආරාධනාව සිදු කළ අතර ප්‍රධාන දායක පින්වතෙක් වූ කුමාර මහත්මා විසින් බුලත් වට්ටියක් පූජා කර වස් ආරාධනාවට එකතු විය.
මල් පහන් ගිලන් පස ඇතුළු සම්බුදු බෝධි පූජාවක් ද පැවැත් වූ අතර පින් කුසල් රැස්කර ගැනීමට කැමැති බෞද්ධ පින්වතුන් රාශියක් එයට සහභාගි වූහ.
ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප- අනුරුද්ධි සිල්වා
රෝමය - ඉතාලිය.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රෝම ශාක්‍යමුණි විහාරයේ වස්වසන සමය ඇරෙඹයි