IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රොහින්ග්‍යා සරණාගතයන් සමග තමන් ද හැඬූ බව පාප්තුමා කියයි

 

ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා දින හයක මියන්මාර් හා බංග්ලාදේශ අපොස්තලික සංචාරයකින් පසුව, දෙසැම්බර් මස දෙවැනිදා පස්වරු ආපසු වතිකානයට සැපත්වූ බව වතිකානය නිවේදනය කරයි. මියන්මාරයේ හා බංග්ලාදේශයේ කතෝලික භක්තිකයන් පිරිස සංඛ්‍යාත්මකව ඉතාම අඩු අගයක් ගත්ත ද මෙම දෙරටේදීම රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පාප්තුමන් පිළිගනු ලැබූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.   


මියන්මාර් සංචාරයේදී පාප්තුමා එරට රාජ්‍ය නායිකාව වන අඋන්ග් සැන් සුන් කී හමුවූ බව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් සුළු වාර්ගිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් එතුමියගෙන් ඉල්ලා සිටි බව ද වතිකානය ප‍්‍රකාශ කරයි. මියන්මාරයේ සිටින රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සිහියේ තබාගෙන පාප්තුමා මෙම ඉල්ලීම කළ ද රොහින්ග්‍යා වචනය සඳහන් නොකිරීමට එතුමා වගබලාගත් බව අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.   


මියන්මාර් සංචාරයෙන් පසුව දින තුනක බංග්ලාදේශ සංචාරයේදී පාප්තුමෝ බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් හමුවූහ. මෙම හමුව පෞද්ගලික වූ ද ඉතාම සුහදශීලී වූ ද හමුවක් බව   
ප‍්‍රකාශ වේ. පිරිමි දොළොස් දෙනකු හා කාන්තාවන් හතර දෙනකුගෙන් පමණක් සමන්විත වූ මෙම රොහින්ග්‍යා සරණාගතයන් එකිනෙකා සමග පාප්තුමා ඉතාම සුහදශීලීව කතා කර ඇත. බංග්ලාදේශ සරණාගත කඳවුරුවල රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හයලක්ෂ විසිදහසක් රැඳී සිටින බව අන්තර්ජාතික රතු කුරුසය හා සරණාගතයන් සඳහා වෙන එක්සත් ජාතීන්ගේ කාර්යාල වාර්තාවන් පෙන්වා දෙයි. පාප්තුමාගේ කාර්ය බහුලත්වය නිසාම, සරණාගතයන්ගෙන් ඉතාම සීමිත පිරිසක් පමණක් පාප්තුමා හමුව සඳහා තෝරාගත් බව බංග්ලාදේශ ආරංචි මාර්ග පවසයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පත්ව සිටින ශෝචනීය තත්ත්වය පිළිබඳව තමන් ඉතාමත් කනගාටුවට පත්ව සිටින බව පාප්තුමා මෙම පිරිස අමතා ප‍්‍රකාශ කර ඇත.   


බංග්ලාදේශයේදී රොහින්ග්‍යා සරණාගතයන් සමග තමන් ද හැඬූ බව ආපසු ගමනේදී ගුවන්යානය තුළ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පාප්තුමා කියා ඇත. රොහින්ග්‍යා සරණාගත කඳවුරු බැලීමට යාමට තමන් කැමැත්තක් දැක්වුව ද ඒ සඳහා අවසරය නොලැබුණු බව ද එතුමා වැඩිදුරටත් එතැනදී ප‍්‍රකාශ කර ඇත.   


බංග්ලාදේශ සංචාරයේදී පාප්තුමා පාපැදි රික්ෂෝවක ගමන් කිරීමට ද අමතක කළේ නැත.   
ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ මියන්මාර් හා බංග්ලාදේශ සංචාරයේ අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වේ.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

රොහින්ග්‍යා සරණාගතයන් සමග තමන් ද හැඬූ බව පාප්තුමා කියයි

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් නිසා ලංකාවේ NGO රස්සා නැති වෙයි ද?
2025 පෙබරවාරි මස 10 115 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක විධායක නියෝග රැසකට සිය අස්සන යෙදූ අතර, ඇ


කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
2025 ජනවාරි මස 20 462 0

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ


අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 188 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1272 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 295 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 228 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 222 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site