IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලෙනාඩෝ ඩා වින්චිට මුහුණු සයකි අත් දොළසකි


​ලෙනාඩෝ ඩා වින්චිගේ මරණයෙන් වසර පන්සියයක් ගතවීම නිමිත්තෙන් අමුතුම ආකාරයක මහා ප්‍රදර්ශනයක් ලබන වසරේ මිලානෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සූද‌ානම් වෙමින් ඇත. මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ඉතාලි රූපලාවන්‍ය ආලේපන හා සුවඳවිලවුන් නිෂ්පාදකයින්ගේ සංගමයයි. සිත්තරෙකු සංගීතඥයෙකු ගණිතඥයෙකු ඉංජිනේරුවෙකු මානව ශරීරයේ මාංශපේෂින්ගේ ව්‍යුහය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයෙකු හා චින්තකයෙකු ට වඩා, මෝස්තර නිර්මාණ ශිල්පියෙකු හා රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදකයකු ලෙස ලෙනාඩෝ ඩා වින්චි තුළ තිබූ දක්ෂතාව ලොවට හෙළිකිරීම ​මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව සංවිධායකයෝ පවසති.   


වයස අවුරුදු හතළිහේදී මිලානෝ නගරයට සංක්‍රමණය වීමත් සමගම ලෙනාඩෝ ඩා වින්චිට එවකට මිලානෝ හි වංශාධිපතියෙකු වූ ලුඩොවිකෝ මෝරෝගේ වාසල උත්සව සංවිධාන කටයුතු භාරවුණි. මෙම උත්සව වලට සහභාගී වූ කුළ කාන්තාවන් තුළ රූපයෙන් හා ඇඳුම් මෝස්තරවලින් එකිනෙකා පරයා යාමට තිබූ උමුතුව, ලෙනාඩෝ ඩා වින්චි රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෙත යොමු කළ බව කියැවේ.   


මේ කාලය තුළ ලෙනාඩෝ ඩා වින්චි අතින් මිලානෝහි කුළ කාන්තාවන් සඳහා කොණ්ඩා මෝස්තර, ඇඳුම් මෝස්තර පමණක් නොව, කණකර ආභරණ පවා නිර්මාණය විය. මෙම කොණ්ඩා මෝස්තර ආභරණ හා ඇඳුමින් සැරසුණු ඇතැම් කුළ කාන්තාවකගේ රූපය ලෙනාඩෝ ඩා වින්චි අතින් ම සිතුවමට නැගී, අද පවා ලොව ප්‍රසිද්ධ කලා කෞතුකාගාරවල තැන්පත්ව ඇත.   


කෙස් වර්ණගැන්වීම සඳහා මෙන්ම රූපලාවන්‍ය සඳහා ද ආලේපන ද, අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීම සඳහා ආලේපන ද, දීර්ඝ පර්යේෂණයන්ගෙන් පසුව ලෙනාඩෝ ඩා වින්චි විසින් නිපදවන ලද්දේ ලුඩොවිකෝ මො​්රෝ ගේ වාසල සේවය කරන කාලයේදී ය. ස්පිරිතු ලෙස පෙරාගත් ​ඖෂධ ශාක සාර වලින් සුවඳ විලවුන් පවා එවකට ලෙනාඩෝ අතින් නිෂ්පාදනය වී ඇත. මේ පිළිබඳව පර්යේෂණයන් කරන අතරතුර ඒ පිළිබඳව පත්ඉරු මත තබන ලද සටහන් තවමත් කෞතුගාරවල සුරැකිව ඇත.   


තම ශාස්තෘවරයාගේ විවිධ ගුණාංග සහ දක්ෂතාවන් තෙළිතුඩින් සිතුවමක් ලෙස හෝ ප්‍රතිමාවක් තුළින් හෝ පෙන්වාදීම පැරණි ආගමික කලාකරුවාට බරපතල අභියෝගයක් විය. ඔහු තම කතානායකයා ශිල්ප කීපයක නිපුන බව පෙන්නුම් කළේ ඒ ඒ ශිල්පීය මෙවලම් එක බැගින් අතට දී අත් කීපයක් සහිතව ප්‍රතිමාව හෝ සිත්තම නිර්මාණය කිරීමෙනි. විෂයන් කීපයක් පුරා විසිර තිබුණු බුද්ධිය සිතුවමකින් හෝ ප්‍රතිමාවකින් පෙන්වීම සඳහා පැරණි කලාකරුවා යොද‌ාගත්තේ හිස් (මුහුණු) කීපයක් සහිතව සිත්තම හෝ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ ක්‍රමවේදයයි.   


ලෙනාඩෝ ඩා වින්චි මහා සිත්තරෙකු බව කියා පෑමට මොනාලිසා හා ජේසුගේ අන්තිම රාත්‍රී භෝජනය සිතුවම් දෙක පමණක් ම වුවද ප්‍රමාණවත්ය. ඔහු තමන් විසින්ම නිපදවාගත් වාද්‍ය භාණ්ඩයක් වයමින් සමකාලීන පිළිගත් සංගීතඥයින් පවා පරාජයට පත් කළේය. ලෙනාඩෝ විසින් හෙළිකොප්ටරයක් නිපදවීම සඳහා පර්යේෂණ කරමින් තබන ලද සටහන් අඩංගු පත්ඉරු තවමත් කෞතුගාකාරවල සුරක්ෂිතව ඇත. ශබ්දය මෙන් ම රූපය ද තරංග ලෙස වා තළය ඔස්සේ ගමන්කරවා දුරබැහැර සිටින්නෙකුට එය ඒ ආකාරයෙන් ම දැකීමට ඇසීමට සැලැස්විය හැකි බව ඔහු කියා ඇත. අද ගුවන් විදුළිය හා රූපවාහිනිය ඔස්සේ සැබෑ වී ඇත්තේ ඒ සිහිනයයි. ඔහු මානව ශරීරයේ මාංශපේෂීන් ව්‍යුහය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයෙකි. රූපලාවන්‍ය ඖෂධ නිපදවූ ඖෂධවේදියෙකි. මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. කවියෙකි. පැරණි සිත්තරා ඔහුගේ රුව සිත්තම් කළේ නම් ලෙනාඩෝ ඩා වින්චිට ද මුහුණු සයකි අත් දොළසකි. 

 
​(ලෙනාඩෝ ඩා වින්චි යයි කීවද, ඔහුගේ උප්පත්ති නාමය ලෙයොනාර්දෝ දි සෙර් පියෙරෝ ය. වින්චි යනු ඔහු උපත ලැබූ ගමේ නමය. ලෙයොනාර්ඩො ද වින්චි යන්නෙන් ද්වනිත වෙන්නේ වින්චි සිට පැමිණි ලෙයොනාර්දෝ යන්නය.)   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.

 



අදහස් (0)

ලෙනාඩෝ ඩා වින්චිට මුහුණු සයකි අත් දොළසකි

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් නිසා ලංකාවේ NGO රස්සා නැති වෙයි ද?
2025 පෙබරවාරි මස 10 115 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක විධායක නියෝග රැසකට සිය අස්සන යෙදූ අතර, ඇ


කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
2025 ජනවාරි මස 20 462 0

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ


අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 187 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1272 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 295 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 228 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site