IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සාන්ත ආගතා මංගල්‍යය වෙනුවෙන් කතානියා තරුණ කැල වෙතින් පානීය ජලය

 

 

ලොව තෙවැනි තැනට විශාල ජන සමූහයක් සහභාගි වෙන උත්සව ලෙස ලේඛන ගත වී ඇති, කතානියා නගරයේ ආරක්‍ෂිකාව වන සාන්ත අාගතා මුණිතුමිගේ මංගල්‍යය ඉතාලි ජාතිකයන් විසින් පෙබරවාරි මස සමරනු ලැබේ. දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි අැය ප්‍රාණ පරිත්‍යාගි වී ඇත්​ෙත් පෙබරවාරි 5 වැනිදාවකය.  


මා මේ ලියන්නට සැරසෙන්නේ ඒ ගැන නොවේ. එදිනට කතානියා වෙසෙන ශ්‍රී ලාංකික තරුණ දරුවන් කරන උදාර කර්තව්‍යයක් පිළිබඳවය.  


එදිනට සාන්ත අාගතා ප්‍රධාන දේවස්ථානයේ සිට කිලෝමීටර් දෙකකටත් අඩු දුරක් සාන්ත ආගතා ප්‍රතිමාව රැගෙන වීදි පෙරහැර ගමන් කිරීමට පැය දහයකටත් වැඩි කාලයක් ගතවේ. මෙම අවස්ථාවේ පෙරහැරේ ගමන් කරන ජනතාවට පානීය ජලය ලබාදීමට ශ්‍රීලාංකික තරුණ දරුවන් කටයුතු කරයි. මෙයට වසර 4කට පෙර, එනම් 2015 දී ප්‍රගීත් පෙරේරා තරුණ මහතා ප්‍රමුඛත්වය ගෙන, තරුණ/ තරුණියන් එකතු කරගෙන මෙය ආරම්භ කළේය. එදින වතුර බෝතල් 4800ක් බෙදා දුනි. මෙම වතුර බෝතල් මිලදී ගැනීමට ආගම් භේදයකින් තොරව කතානියා වෙසෙන ජනතාව දායකත්වය ලබා දේ. පසුගිය 5 වැනිදා 4 වැනි වරටත් කරනු ලැබූ එම පුණ්‍යකර්මය සඳහා පානීය වතුර බෝතල් 8150ක් ලබාදීමෙන් කතානියා ජනතාව තම සහයෝගය දක්වා ඇත. එමෙන්ම රෙඩ්බුල් පොඩි ටින් 500ක් එම ආයතනයෙන්ම ලබා දී ඇත.  


මෙය ඉතාලි ජාතිකයන්ගේ ප්‍රශංසාවට ලක්විය. එක පැත්තකින් තව කෙනෙකුගේ පිපාසය සංසිඳුවීම පිනකි. අනික් පැත්තෙන් තරුණ දරුවන් එක් වී මෙවැනි දේ කිරීම ශ්‍රී ලාංකීය නමටද ආඩම්බරයකි. මෙම අවස්ථාව ගැන අදහස් දක්වමින් ප්‍රගීත් මහතා පැවසුවේ, ඔහුට අවශ්‍ය වූයේ මෙහි සිටින තරුණ ළමයින් එකතු කරගෙන, ඔවුන්ව ඉදිරියට ගෙන එමින් සමාජ මෙහෙවරක යෙ​ෙදන්නට බවයි. තව ඉදිරියේදී තවත් තරුණ තරුණියන් සහභාගි කරගෙන පුළුල්වූ සමාජ මෙහෙවරක යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වේ.  


අවසාන වශයෙන්, එදින ජලය ලබාදී සහයෝගය දැක් වූ කතානියා සියලුම ජනතාවට සහ රෑ නිදි වරා එය බෙදාදීමට උදව් වෙමින් ඔවුන් සමඟ සිටි සියලුම දෙනාටත් ප්‍රගීත් පෙරේරා තරුණ කැල තම ස්තුතිය පළ කර සිටි.  

 

 

 

 

 


කාන්ති රතුගම  
කතානියා.



අදහස් (0)

සාන්ත ආගතා මංගල්‍යය වෙනුවෙන් කතානියා තරුණ කැල වෙතින් පානීය ජලය

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 98 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
2024 අගෝස්තු මස 12 111 0

“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.


හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය
2024 අගෝස්තු මස 05 165 0

හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට යොදාගත් පාඨයයි. 1945 හිට්ලර්ගේ මරණයෙන්


කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය
2024 අගෝස්තු මස 02 91 0

මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්.


ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව
2024 ජුලි මස 31 110 0

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්‍රමුඛ තැනකය.


වෙඩි කෑ ට්‍රම්ප් බලවත්
2024 ජුලි මස 22 98 0

“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site