කාන්තාවට සම අයිතිවාසිකම් වරප්‍රසාදය 2030 වසර වෙන විට පූර්ණව හිමිකර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසින් 2015 වසරේදී ගන්නා ලද සාමූහික තීරණය නියමිත කාලය තුළ ඉලක්කය කරා ළඟා නොවෙන බව ඒ පිළිබඳව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත. ජගත් කාන්තා ජනගහණයෙන් 95% ක් නියෝජනය වෙන පරිදි රටවල් 129ක සහභාගීත්වයෙන්, බිල් ගේට්ස් පදනම විසින් පවත්වාගෙන යනු ලබන EQUAL MEASURES ආයතනය විසින් මෙම අධ්‍යයනය කර ඇත.
කාන්තාවගේ දේශපාලන සහ සමාජ නිදහස, දෛනික ජීවිතය, සෞඛ්‍ය තත්ත්වය, පවුලේ වගකීම, ඇඳුම් පැළඳුම්, පානීය ජල පහසුකම්, සමබර ආහාර වේල, අන්තර්ජාල පහසුකම් ආදී බොහෝ කාරණා සම අයිතිවාසිකම් තක්සේරුවේදී සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව එකේ සිට සියය දක්වා වූ ලකුණු ක්‍රමයක් යටතේ කාන්තාවට සම අයිතිවාසිකම් ලබාදී ඇති රටවල් වර්ගීකරණය කර, ලයිස්තුගත කර ඇත. ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තා සම අයිතිවාසිකම් පිළිබඳව මොරදෙන බටහිර සහ අනෙකුත් බලගතු රටවල් කීපයක්, මෙම වර්ගීකරණ ලයිස්තුවේ පළමු දහය අතරටවත් නොපැමිණ තිබීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුව ඇත.
කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය දඩමීමා කරගෙන ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ සංස්කෘතික සංහාරයක යෙදී සිටින ඇමෙරිකාවට මෙම වර්ගීකරණ ලයිස්තුවේ හිමිව ඇත්තේ විසිඅට වැනි ස්ථානයයි. එංගලන්තය ඇත්තේ දාහත් වැනි ස්ථානයේය. ලයිස්තුවේ අවසන් ස්ථානයට (129) පැමිණ සිටින්නේ චාඩ් රාජ්‍යයයි.
කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය අඩුවෙන්ම භුක්ති විඳිනු ලබන රටවල් ලෙස පසුපෙළ ලයිස්තුගතව ඇති රටවල් විසිඑකක්ම, වර්ගීකරණ අධ්‍යයනයේදී ලකුණු පනහට අඩුවෙන් ලබාගත් රටවල්ය.
කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය වැඩියෙන්ම මුදාහැර ඇති රට ලෙස මෙම ලයිස්තුවේ මුලින්ම සිටින්නේ ඩෙන්මාර්කයයි. ඩෙන්මාර්කය ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව 89.3කි. එහෙත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක කාන්තාව ලබා ඇති අයිතිවාසිකම් ජෝර්ජියානු ලිට්වේනියානු සහ කසකස්තාන් කාන්තාව ලබා ඇති වරප්‍රසාදයන්ට වඩා අඩුය. ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය රුවන්ඩා සහ සෙනගල් පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයට වඩා අඩු අගයක් ගනී.
ලොව පුරා විසිර සිටින මිලියන එක්දහස් හාරසීයක් වෙන කාන්තා පිරිසකට සම අයිතිවාසිකම් වරප්‍රසාදය තවමත් සිහිනයක් පමණි.
චාපි කෝසලා.
මියුනිච්, ජර්මනිය.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සම අයිතිවාසිකම් වරප්‍රසාදය කාන්තාවට සිහිනයක් පමණද ?