සවුදි කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කරන නියෝගයක් එරට රජතුමාවන සල්මාන් බින් අබ්ද් අසීස් විසින් නිකුත් කර ඇති බව රියාද් හි ‘‘අල් අරාබියා’’ රූපවාහිනිය වාර්තා කරයි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ජගත් සංවිධාන මේ පිළිබඳව තම අර්ධ සතුට පළකර ඇත. එයට හේතුවී ඇත්තේ සවුදි අමාත්‍ය මණ්ඩල කොමිසමක් විසින් මෙම නියෝගය අනුමත කිරීමට තව දින තිහක කාලයක් මිඩංගු කිරීමත්, සවුදි කාන්තාවට රියැදුරු බලපත ලබාගැනීම සඳහා ගෘහමූලික පිරිමියාගේ අවසරය අනිවාර්යය වීමත් ය.
අන්ත ස්ලාමීය විනය මාලාවක් යටතේ පාලනය වෙන සවුදි කාන්තාව, තම අයිතිවාසිකම් මාවතේ පසුපසින්ම සිටින්නිය ලෙස හැඳින්විය හැකිය. සවුදි කාන්තාවට තහනම් දේ ලයිස්තුගත කරනවාට වඩා අවසර ඇති දේ පේලි දෙක තුනකින් ලිවීම වඩාත් පහසුය. ප‍්‍රදේශීය ඡන්දයකදී ඡන්ද පාවිච්චි කිරීමේ බලය, ප‍්‍රාදේශීය විධායක උපදේශක මණ්ඩලයට තේරීපත්වීමේ අයිතිවාසිකම, අධ්‍යාපන නිදහස හා ක‍්‍රීඩා පුහුණුව ලැබීම ද, සුදුසුකම් ලැබූවන්ට ඉහළම ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගය වන ඔලිම්පික් ක‍්‍රීඩා තරගය දක්වා (අනුමත ඇඳුමින් සැරසී) තරගයන්ට සහභාගීවීමේ අයිතිය ද පමණක් සවුදි කාන්තාවට හිමිය. (සවුදියේ උපාධිධාරිනියන්ගේ සංඛ්‍යාව, එරට උපාධිධාරීන්ගේ සංඛ්‍යාව අභිබවා ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි)
තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට බාහිර වූ විරුද්ධ ලිංගිකයන් හා සමීප ඇසුර, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවුලේ භාරකාර පිරිමියාගේ අවසරයකින් තොරව පුද්ගල අනන්‍යතා සහතිකය (ජාතික පුද්ගල හැඳුනුම්පත) හෝ ජාත්‍යන්තර ගමන් බලපත හෝ ලබාගැනීම, පවුලේ සාමාජිකයන්ගෙන් තොරව බොජුන් හලක ආහාරපාන අනුභවය ද, සවුදි කාන්තාවට තහනම් දේ අතර අංශු මාත‍්‍රයකි.
උක්ත වාතාවරණය මැද ජීවත්වෙන සවුදි කාන්තාවට රිය පැදවීම සඳහා අවසරය ලැබීම සවුදි කාන්තා නිදහසේ පළමු පියවර ලෙස ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන නිර්වචන කරයි. එහෙත් රියැදුරු බලපත සඳහා ද පවුලේ ගෘහ මූලික පිරිමියාගේ අවසරය අනිවාර්යය වීම පිළිබඳව නම් මෙම ආයතන වැඩි ප‍්‍රසාදයක් දක්වන්නේ නැත.
සවුදි කාන්තාවට රියපැදවීම තහනම හේතුවෙන් ළමුන් පාසල් ගෙනයාම, කාන්තාවන්ගේ ගමන් බිමන් යාම වැනි සේවාවන් සඳහා වැටුප් ගෙවා පෞද්ගලික රියැදුරන්ගේ සේවය ලබාගැනීමට සිදුවී තිබීම, සීමාසහිත ආදායම් ලබන සවුදි මධ්‍යම පාන්තිකයන්ට අසීරු කරුණක්වී ඇත. මෙම සේවාවන් සඳහා ශ්‍රී ලාංකික ඉන්දියානු බංගලාදේශ හා පකිස්ථානු වැනි ආසියාතික රියැදුරන් ලක්ෂ අටක පමණ සංඛ්‍යාවක් යොදවා ගනිතැයි සවුදි කම්කරු අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. සවුදි කාන්තාවට රියැදුරු බලපත ලබාගැනීමට ඇති තහනම ඉවත් වුවහොත්, මෙම ආසියාතික රියදුරන්ට තම රැකියා අහිමිවීමට ඉඩ ඇත.
සවුදි කාන්තාවන්ට රියැදුරු පුහුණුව ලබාදීම පිළිබඳව ද ගැටලු ඇත. රියැදුරු පුහුණුව සඳහා පිරිමි උපදේශකවරුන් නොව, කාන්තා උපදේශකවරියන් පමණක් යොදවා ගැනීමට සිදුවනු ඇත. මේ අනුව විදේශික රියැදුරු පුහුණු උපදේශිකාවන්ට සවුදියේ නව රැකියා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වෙනු ඇත. රියැදුරු බලපත ලබාගැනීමේ අවසරය සවුදි කාන්තාවට හිමිවුවහොත් සවුදි ආර්ථිකයේ ද කිසියම් වෙනසක් සිදුවන බව, කලාපීය ආර්ථික විෂ්ලේෂකයෝ සහතික කරති.
කපිල ගමගේ
රියාද්, සෞදි අරාබිය
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සවුදි කාන්තාවන්ට රියැදුරු බලපත් වරම ලැබීමෙන් ආසියාතික රියදුරන් ලක්ෂ අටක රැකියා අවදානමක්