ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්තුමා පිළිබඳව සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ජර්මන් ජාතික විම් වෙන්ඩර්ස් විසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් ඔක්තෝබර් මස 4 වැනිදා සිට යුරෝපය පුරා සිනමාහල්වල තිරගතවෙමින් ඇත. “යුනිවර්සල් පික්චර්ස්” ලේබලය යටතේ විසුරුවා හැරෙන විනාඩි අනූහයක් දිවෙන මෙම වාර්තා චිත්‍රපටය 2018 කෑන්ස් චිත්‍රපට උළෙලේ වාර්තා චිත්‍රපට අංශයේ ද තිරගත විය. මෙය ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවලින් හඬ කැවී ඇත. මෙම සිනමාපටය ඇමෙරිකාවේ සිනමා ශාලාවල තිරගත වීම ඇරඹුණේ පසුගිය මැයි මාසයේ ය.
“වචනයට ගරුකරන ෆ්‍රැන්සිස් පාප්තුමා” ලෙස නම්කර ඇති උක්ත වාර්තා චිත්‍රපටය පාප්තුමාගේ චරිතාපදානයක් නොවෙන අතරම, එය කතෝලිකයන් සඳහා පමණක් ම නිෂ්පාදනය වූවක් ද නොවේ. පවුල් කුටුම්භයේ එකමුතුවේ වටිනාකම, විරැකියාව සහ වර්තමාන තරුණ පරපුර, පිරිහී යන මානව වටිනාකම්, සොබාදහම ආදී තේමාවන් පිළිබඳව පසුගිය වසර දෙකක කාලය තුළ පාප්තුමන් විසින් කරන්නට යෙදුණු දේශනයන් සහ එතුමන්ගේ අපොස්තලික සංචාරයන් කීපයක් මෙම වාර්තා චිත්‍රපටයට පසුබිම් වී ඇත. මෙම චිත්‍රපටය කිසියම් ආගමක්, ජාතියක් හෝ කුලයක් අරමුණු කරගෙන තැනූවක් ද නොවේ.
විම් වෙන්ඩර්ස් “බර්ලින් අහස”, “කාලයත් සමග”, “පැරිස් ටෙක්සාස්” වැනි
චිත්‍රපට නිර්මාණය කර ලෝක සිනමාවේ අමරණීය සටහන් තැබූ ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා විම් වෙන්ඩර්ස් පසුගිය වසර දෙකක කාලය තුළ පාප්තුමා විසින් කරන ලද අපොස්තලික සංචාරයන් සමග සහභාගී වෙමින් එතුමන් පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර, වතිකානය තුළ ගැවසෙමින් පාප්තුමාගේ දෛනික චර්යාවන් ද හදාරා ඇත.
වතිකානයට අවශ්‍යව ඇත්තේ පාප්තුමාගේ පණිවිඩය සිනමා මාධ්‍යයෙන් ලොවට ගෙන යාමට ය. දේශපාලනය අප්‍රසන්න වූ ලොවක කිසියම් අධ්‍යාත්මික බලපෑමක් කළ හැකි නායකයකු ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමාට තමන් ගෞරව කරන බව කියන විම් වෙන්ඩර්ස්, මෙම වාර්තා චිත්‍රපටය වතිකානයට අවශ්‍ය පරිදි නොව තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කළ බව ද කියයි.
ෆ්‍රැන්සිස් පාප්තුමා පිළිබඳව නිෂ්පාදනය වී ඇති වාර්තා චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් මේ සමග දැක්වේ.
චාපි කෝසලා.
මියුනිච්, ජර්මනිය.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ෆ්‍රැන්සිස් පාප්තුමාගේ චරිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්