IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


’’London bridge is down’’ සැඟවුණු අරුත ‘‘රැජින මියගියා’’

 

වැඩිම කාලයක් කිරුළ දැරූ රාජකීයයා ලෙස දැනටමත් වාර්තාගතව සිටින එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අභවප‍්‍රාප්ත වූ දිනෙක, ඇගේ අවසන් කටයුතු සිදුවිය යුතු ආකාරය ලියා තැබූ රහස් ලියවිල්ලක් පිළිබඳ දීර්ඝ ලිපියක් පසුගියදා ද ගාඩියන් පුවත්පතේ පළවී තිබුණි. මෙම රහස් ලියවිල්ල මාධ්‍යට ලැබුණු ආකාරය පිළිබඳව කිසිම සඳහනක් එහි නැත.   


හෙළිදරව් වී ඇති රහස් ලේඛනයට අනුව දෙවැනි එළිසබෙත් රැජින අභාවප‍්‍රාප්ත වූ දිනෙක, එතුමියගේ පෞද්ගලික ලේකම්වරයා විසින් රැජිනගේ මරණය පිළිබඳ පුවත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. එය දැනුම්දිය යුත්තේ ද "London bridge is dowo" නම් රහස් සංඛේත වාක්‍ය මගිනි.   


කළු ඇඳුමෙන් සැරසුණු බකිංහැම් මාලිග නිලධාරියකු විසින් රැජිනගේ මරණය පිළිබඳ දැන්වීම මාලිගයේ මාර්ගයට මුහුණ ලා ඇති ප‍්‍රධාන දොරටුවේ සවි කරනු ඇත. මෙම දැන්වීම අන්තර්ජාලය ඔස්සේ ද ප‍්‍රචාරය වීමට නියමිතය.   


ඒකාධිකාරයකින් තොරව වුවද රැජිනගේ අවමඟුල් කටයුතු මාධ්‍ය ආවරණය බීබීසී යට පැවරෙනු ඇත. අවමඟුලකට සුදුසු ලෙස කළු ඇඳුමෙන් සැරසුණු නිවේදකයකු විසින් ඉතාම හැඟීම්බර හඬකින් රැජිනගේ මරණය පිළිබඳ නිවේදනය සියලුම රූපවාහිනි නාලිකා සම්බන්ධවී එකම සජීවී නිවේදනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ඇත.   


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ජාතික ශෝක දින ගණනාව තුළ බ්‍රිතාන්‍යයේ සියලූම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය නාලිකා මගින් රැජිනගේ ගුණකථන ද ඇය පිළිබඳ වාර්තාමය වැඩසටහන් ද ශෝකාකූල සංගීතය ද ප‍්‍රචාරය විය යුතු බව ද මෙම ලියවිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත. රට පුරා මෙන්ම විදේශයන්හි බ්‍රිතාන්‍ය තානාපති ආයතනයන්හි ද බ්‍රිතාන්‍ය (යූනියන් ජැක්) ධජය අඩකුඹු වෙනු ඇත.   


1672 සිට බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අවමංඟුල් කටයුතු සංවිධානය කිරීමේ කාර්යය සම්ප‍්‍රදායානුකූලව පැවරී ඇති නෝෆෝල්ක් හි ආදිපාදවරු වෙතම රැජිනගේ අවමඟුල් උත්සව සංවිධාන කටයුතු ද පැවරෙනු ඇත.   


රැජිනගේ අභාවයත් සමගම පොදුරාජ්‍ය මණ්ඩලයෙහි නායකත්වය රැජිනගේ වැඩිමහලූ පුත් චාල්ස් කුමරු වෙත තාවකාලිකව පැවරෙයි. රැජින මියගිය දිනයේම පස්වරුවේ චාල්ස් කුමරු ජාතිය ඇමතීමට නියමිතය. ඊළග දිනයේදී චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ පළඳිනු ඇත. මේ සමගම දැනට ‘‘කුමරිය’’ ලෙස නම්බුනාම විශේෂනය භාවිතා කරනු ලබන චාල්ස් කුමරුගේ වත්මන් බිරිඳ වන කැමිලා පාකර්, කැමිලා පාකර් රැජින ලෙස නම් කෙරෙනු ඇත.   


කිසියම් ආකාරයකින් රැජින ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේදී අභාවප‍්‍රාප්ත වුවහොත්, අවමඟුලේ මුල් දින කීපය ස්කොට්ලන්ත සම්ප‍්‍රදායානුකූලව සිදුවීමට නියමිතය. ඉන්පසු දේහය වෙස්මිනිස්ටර් සහ ශාන්ත පෝල් දේවස්ථාන ඝාන්ඨාර හඬ මධ්‍යයේ සියලු රාජකීය ගෞරව සහිතව බකින්හැම් මාලිගය වෙත ගෙන එනු ඇත.   


හෙළිදරව් වී ඇති රහස් ලියවිල්ලට අනුව රැජිනගේ අභාවයෙන් නව වැනි දින, දේශීය හා විදේශීය රාජකීයයෝ ඇතුළු ප‍්‍රභූවරුන් මැද ඇගේ භූමිදානය සිදුකිරීමට නියමිතය.   


මෙම ලියුම්කරුගේ සටහන:   
බ්‍රිතාන්‍ය ජාතිකයෝ සම්ප‍්‍රදාය දිවිහිමියෙන් රකින්නෝ වෙන බැවින්, අන්තිම කැමති පත‍්‍රයකට සමාන මෙම ලියවිල්ලේ අඩංගු කරුණු වෙනසකින් තොරව සිදුකිරීමට ඔවුන් උත්සාහ දරනු ඇත. එහෙත් එළිසබෙත් රැජිනගේ වැඩිමහලූ පුත් චාල්ස් කුමරුගේ වැඩිමහලූ පුත්, නැතහොත් රැජිනගේ මුණුබුරු විලියම් කුමරුගේ ජනප‍්‍රියත්වය මත දැනට ගොඩනැගී ඇති බ්‍රිතාන්‍යයේ බහුතර ජනතා මනාපය අනුව, එළිසබෙත් රැජිනගෙන් පසුව ඇගේ මුණුබුරු විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ සිංහාසනාරූඪ වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් මෙය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ පරිත්‍යාගය මත මිස වෙනත් ආකාරයකින් සිදුවීමට බැරිය. චාල්ස් කුමරුගේ වර්තමාන චරිතයට අනුව තම වැඩිමහලු පුතු වෙනුවෙන් එම පරිත්‍යාගය ඔහු විසින් කරනු නොලබතැයි සිතීම උගහට ය.     


රන්ජිත් කොස්තා   
රෝමය, ඉතාලිය.  



අදහස් (0)

’’London bridge is down’’ සැඟවුණු අරුත ‘‘රැජින මියගියා’’

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
2025 ජනවාරි මස 20 250 0

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ


අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 143 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1266 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 250 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 195 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 492 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site