දේශපාලන කරළිය ද දිනෙන් දින ගිනියම් වෙමින් තිබේ. ගිය සතියේ ද දේශපාලන කරළියේ මාතෘකාව බවට පත්වූයේ මරණ දඬුවම යළි ගෙන එ්ම ගැනය. මරණ දඬුවම යළි ගෙන ඒමට විරෝධය පළකරමින්, විදේශීය රටවල් ගණනාවක් ද රජයට අනතුරු අඟවා තිබෙන මොහොතක එය යළි ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය.
මරණ දඬුවම යළි ගෙන ඒම ගැන ආණ්ඩුව ද එක මතයක නැත, මංගල සමරවීර ඇමැතිවරයා ආණ්ඩුවේ පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රබලයෙකි. ඔහු ගිය සතියේ උත්සවයක දී මරණ දඬුවම යළි ගෙන ඒම ගැන ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය. මත්ද්‍රව්‍ය උවදුර එන්න එන්නම වැඩිවෙන නිසා, එය මැඩපැවැත්වීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි පැනවීම ජනාධිපතිවරයාගේ යෝජනාවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාපය එතරම් කැමැත්තක් නැති බව ගිය සතියේ බොහෝ දෙනා අතර කතා බහට ලක්විය. මංගල සමරවීරගේ විරෝධය හරහා එළියට ආවේ එම විරෝධය බව ද සමහරු කියන්නට වූහ.
කෙසේ වුවද, යුරෝපා සංගමයත් තවත් රටවල් නවයකුත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය දක්වා හමාරය. එම රටවල් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ ලිපියක් මාර්ගයෙනි. මේ අතර අලුතින්ම කියවුණේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. සහනය නතර කරන්නට යන බවට යුරෝපා සංගමය රජයට දන්වා ඇති බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව ගියේ ලෝක වනාන්තර සමුළුවට සහභාගිවීම සඳහාය. ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ද සමග ඉතාලිය බලා ගිය ජනාධිපතිවරයා අනතුරුව ජෝර්ජියාව බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගෙන් ලැබුණ නිල ආරාධනාවක් පිළිගනිමිනි. ජෝර්ජියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ගැන ජනපති මෛත්‍රී එරට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ ඔහු සමග පැවැති නිල හමුවේදීය. ජනපති නිල නිවසේ පැවැති විශේෂ භෝජන සංග්‍රහයකට ද ජනපති මෛත්‍රී සහභාගි වූ අතර, ජනාධිපතිවරයා සිය සංචාරය නිමවා සිකුරාදා දිවයිනට පැමිණියේය.
ජනාධිපතිවරයා දිවයිනේ නොසිටි නිසා මෙවර කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි. ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවල පසුගිය කාලය පුරාම කැබිනට් රැස්වීම් නොපැවැත්විණි. ජනාධිපතිවරයා සිකුරාදා පැමිණි නිසා මෙවර කැබිනට් රැස්වීම අඟහරුවාදා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ද මේ වනවිට ක්‍රියාත්මකය. ආසන මට්ටමේ ප්‍රතිසංවිධාන කටයුතු සියයට 60ක් 65ක්ම අවසන් බව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කීවේය. සිය ආසනවල ආසන බලමණ්ඩල පිහිටුවීම හැර, වෙනත් ආසනවල කටයුතුවලට ආණ්ඩුවෙන් ගිය 16 දෙනා සම්බන්ධ නොවේ. 16 දෙනාගේ කණ්ඩායමේ තර්කය වී ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවී කරන ප්‍රතිසංවිධානය තේරුමක් නැති දෙයක් බවය.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම
මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වනාන්තර සමුළුවට ජනපති ඉතාලියේ