(රංජිත් කරුණාවීර)
මහනුවර, අකුරණ ගම්මානය සමඟ පසුගිය සතිය ඇතුළත සබඳතා පැවැත්වු පුද්ගලයන් දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී දින 14 ක් නිරෝධායනය කිරිමට මහියංගණ පොලිස් නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද කටයුතු කළේය.
අකුරණ ගම්මානය සමඟ හා එම ප්‍රදේශයේ පුද්ගලයන් සමඟ සම්බන්ද පුද්ගලයන් මහියංගණ නගරයේ සිටින බවට ලද තොරතුරක් සම්බන්දයෙන් සොයා බැලීම සදහඳ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් ඇතුලු පිරිස ක්‍රියා කළ අවස්ථාවේ මොවුන් හමුවී තිබේ.
එහිදී ඇඳීරි නීතිය පනවා තිබියදී මහියංගණ නගරය ආසන්නයේ විමෝලක් හා මිරිස් මොලක් පවත්වාගෙන යමින් ගම්මානයේ පිරිස් සේවයේ යෙදවූ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හමු වූ අතර ඇඳීරි නිති කොන්දේසි කඩ කිරිම හේතුවෙන් ඔහුනට දැඩි ලෙස අවවාද කෙරිණි.
එම මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකහි හිමිකරුවන් දෙදෙනා පසුගිය සතිය ඇතුලත මහනුවර අකුරණ ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් ඇසුරු කර තිබීම හේතුවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හාව්‍යාපාරික ස්ථානයේ සේවයේ යෙදී සිටි පිරිස් මෙලෙසෙ දින 14ක් නිරෝධායනයට ලක් කිරිමට නිළධාරින් කටයුතු කෙරිණි
ඒ අනුව පසුගිය සතිය ඇතුලත මහනුවර අකුරණ ගම්මානය සමග සබදතා පැවැත් වු මහියංගණයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් 16 දෙනෙකුමහියංගණ නගරයේ ඔහුන් වාසය කළ නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලදිදින14ක් නිරෝධායනයට ලක්කිරිමට මහියංගණ මහජන පරීක්ෂකවරු ක්‍රියා කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවුත්වු දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී නිරෝධායනයට