IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


‘‘අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කරනවා‘‘

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී පැවසීය.
 
මාතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වලට ජීවානූහරණ උපකරණ බෙදා දීම සදහා මාතර මහ නගර සභාවේ පැවති උත්සවයක දී ඒ මහතා ඒ බව කීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා මෙසේද කීය.
 
“11  වැනිදා පාසල් ආරම්භ කිරීමට සැලසුම් සකස් කලත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අපිට එය කරන්න නොහැකි වුණා.ඉදිරියේදී වුවත් පාසල් ආරම්භ කරන්නේ සෞඛ්‍ය අංශයේ නර්දේශය මත පමණයි.ඒ තීරණය ගන්නේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නොවෙයි.ඒක දේශපාලන තීරණයකුත් නොවෙයි.
 
සෞඛ්‍ය නිර්දේශය මත වුවත් අදියර හතරක් යටතෙයි පාසල් විවෘත කරන්නේ.පාසල් ආරම්භ කරන්න පෙර දිවයිනේ සෑම පාසලක්ම ජීවානූහරණය කිරීමට පලාත් පාලන ආයතන කටයුතු කරනවා.සෞඛ්‍ය නිර්දේශ මත පාසල් විවෘත කිරීමට දිනය ප්‍රකාශ කල පසු පලමුව අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් වලට කැදවනවා.ඉන් අනතුරුව උසස් පෙල හා සාමාන්‍ය පෙල දරුවන්ට පාසල් ආරම්භ කරනවා.
 
ඊටත් පසුවයි කුඩා දරුවන් කැදවන්නේ.සෑම දරුවකුම අත් සෝදා පාසලට ඇතුළු කර ගන්න පහසුකම් සලසනවා.ඒ වගේම දරුවන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැනීමේ උපකරණත් පාසල් වලට බෙදා දෙනවා.ඒ සදහා දෙමාපියන් ගේ සහයෝගයත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග වලින් පසුවයි පාසල් දරුවන් වෙනුවෙන් විවෘත කරන්නේ.
ඒ වගේම දිස්ත්‍රික්කයක් ලෙස මාතර දිස්ත්‍රික්කය මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන්නා.ඒ නිසා ආසාධිතයින් දෙදෙනෙකු විතරයි මාතරින් වාර්තා වුනේ.රටක් විදියටත් සාර්ථකව මේ ව්‍යසනයට මුහුණ දුන්නා.මිලියන 22 ක් ඉන්න අපේ රටේ නව දෙනයි මිය ගියේ.නමුත් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ පහක් ඉන්න එංගලන්තයේ පවා ලාංකීකයින් 28 ක් මිය ගියා.එතකොට පේනවා ජීවත් වීමට සුරක්ෂිත රට කුමක්ද කියලා.ලෝකයේ බලගතු රටවලට ජය ගන්න බැරි වු කොරෝනා ව්‍යසනයට අපේ පුංචි රට සාර්ථකව මුහුණ දුන්නා.ඒ සදහා කැපවීම් කල ආරක්ෂක අංශයට වගේම සෞඛ්‍ය අංශයටත් රජයටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුයි.”



අදහස් (11)

‘‘අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කරනවා‘‘

නන්නාදුනන හාදයා Sunday, 10 May 2020 09:35 AM

මේ කෙලවෙලා තියෙද්දිත් කයිවාරුව එහෙමමයි.. උෂ්නත්වමාන බිස්නස් එකෙනුත් හොඳ ගානක් හොයා ගන්න ඇති. මෝඩයෝ.. උන නැතුවත් මේ ලෙඩේ සැඟවිලා තියෙනවා. එත් පැතිරෙනවා. කබර ඩොක්ටර්ගෙන් නොවෙයි.., සුදුසුකම් සහිත දොස්තර මහත්මයෙකුගෙන් අහලා ඉගෙන ගන්නවා. පොඩි උන්ට ලෙඩ බෝවෙලා තිබුනොත් බලාගෙනයි...

:       123       1296

Pampori Sunday, 10 May 2020 09:53 AM

හරි ඇමතිතුමා. ඔයා තමයි පොර. මාතර බේරගත්තෙ ඔයා. ලංකාවෙ ලමයි කොරෝනා වලින් බේරගත්තෙත් ඔයා. මතක ඇතුව අර පවිත්‍රා නෝනගෙන් උපහාර පදක්කමක් ඉල්ලගන්න..

:       111       714

jayath Sunday, 10 May 2020 09:57 AM

හැම එකක්ම දේශපාලන කෝණයෙන් බලන සමහර කාලකන්නින්ට මේ ඇත්ත පේන්නේ නැහැ.. පෙනුණත් පිළිගන්න කැමති නැහැ... කුහක නොවී හිතනවා නම් අපේ කෝවිඩ් මර්දන ක්‍රියාවලිය අතිසාර්ථකයි තවම... සමහරුන්ට යම් අතපසුවීම් වුණා තමයි... නමුත් ඒවත් - අපේ වාසනාවට දැන් කළමනාකරණය වෙලා නොවැ... මම කාටවත් සුදුහුණු ගානවා නොවේ.. මට එහෙම කරන්න ඕනෑ කමකුත් නැහැ. මොකද දැන් බොහෝ කාලයක ඉඳලා මම කාටවත් ඡන්දය පාවිච්චි කරන කෙනෙක් නොවේ... නමුත් ඇත්ත කතාකළොත් මෙහෙත් ට්‍රම්ප් වගේ හරි, බ්‍රසීලේ වගේ හරි ජනපති කෙනෙක් හිටියා නම් මොනවා වෙනවද කියලා අර උක්ත පුද්ගලයින්ගෙන් අහන්න ඕනෑ...

:       0       0

Sam Sunday, 10 May 2020 10:42 AM

පාසල් යනු සමාජ දුරස්ථභාවය රැක ගැනීමට අපහසුම ස්ථානයකි. එම නිසා දිනකට නියමිත පන්තියක් හෝ කීපයක් ඉඩ පහසුකම් ඇති පරිදි ගෙන්වීම වඩාත් සුදුසු වේ. ගුරුවරුන්ට සීමිත සංඛ්‍යාවක් ගෙන්වා දෛනික කාලසටහන් ඒ අනුව සකස් කිරීම කල හැකිය.

:       11       26

rohana kumara mendis Sunday, 10 May 2020 11:22 AM

අත හෝදන්න පහසුකම් වැඩේ නම් හොඳයි. එ්ත් වතුර, සබන් වගේ දේවල්... ලංකාවේ පාසල් ගොඩකට වතුර තියා වැසිකිලියක් වත් නැහැ. බයිලා කියනවා...

:       0       0

Rohana Sunday, 10 May 2020 12:14 PM

අනුන් කරන වැඩවලින් ලකුණු දාගන්න හදන කයිවාරු කාරයෙක්...

:       0       0

kodda Sunday, 10 May 2020 12:36 PM

හත් ඉලව්වයි... ජීවත් වෙන්න හොඳම රට ලංකාව නම් ඔහෙත් ඇමෙරිකා ගියේ මක්කටෙයි...

:       0       0

සංජීව Sunday, 10 May 2020 02:00 PM

අමු කැවිලද? සෞඛ්‍ය උපකරණ බෙදා දෙන්නත් මේ ඇමතිවරු ගෙන්වලා උත්සව තියන්නේ මේ වෙලාවේ? අපිට ගෙවල් වලටම වෙලා ඉන්න කියලා මේ ඡන්දයක් තියෙද්දී උත්සව තියතියා කයිවාරු ගහනවා. අපේ පැතිවලට ආවොත් එහෙම ගල් ගහලා එළවන්නේ...

:       0       0

ජයම්පති Sunday, 10 May 2020 02:25 PM

පොරටෝක් පටන් ගෙන ඇත. ලංකාවේ මාතර හොඳම දිස්ත්‍රික්කය බවට එතුමා පත්කර ඇත. එන්නේ කාටද කියන්න මොලය කළඳක් ඇති අයට මනාව වැටහේ...

:       0       0

de silva Sunday, 10 May 2020 02:48 PM

මේ දිනවල එස්.බි පෙනෙන්නට නැති නිසා නාටකයේ එස්.බි. ගේ චරිතය රඟපාන්නේ ඔබතුමාද? අපටත් අවශ්‍ය චන්දයක් බොරු කාරයන්ගේ රෙදි ගැලවිලා යන්න දුවන්න දෙන්න.

:       2       16

samira Sunday, 10 May 2020 07:52 PM

ගෙදර කුස්සියේ උයන්නයි, රෙදි හොදන්නයි, කඩේ යන්නයි පුරුදුවුන අය අධ්‍යාපන ඇමැතිවරුද? දරුවනේ උඹලාට දෙවියන්ගේම පිහිටයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 118 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 372 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 7 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 428 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 44 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2571 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site