බී .ජී.චතුරංග
පසුගිය දින 4ක් තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථානය කිහිපයකින් කොවිඩ් 19 ආසාදිතයන් හමු වීමත් සමග, එම වයිරසය පැතිර යාම වැළැක්වීම සඳහා අනුරාධපුර නගරයේ වෙළඳ ආයතන සියල්ල දින තුනක් වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය පවසයි.
ඒ අනුව අද (28 දා) සිට අනිද්දා (30) දක්වා දින තුනක් මෙසේ අනුරාධපුර නගරයේ ව්‍යාපරික ස්ථාන වසා දැමීමට අනුරාධපුර මහ නගර සභාව, එක්සත් වෙළද සංගමය, රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන එකතුවෙන් ඊයේ(27දා) පැවති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා මෙසේ පැවසීය.
මෙම බැරෑරුම් අවස්ථාවේදී, අනුරාධපුර නගරය ඉතාම අවදානම් තත්ත්වයකයි පවතින්නේ, අනුරාධපුර නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන 10ක් පමණ මේ වන විට නිරෝධායනට ලක් කර මුද්‍රා තබා තිබෙනවා. ඒ අනුව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එකතු වෙලා, නගර සභාව සමග ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය ගනු ලැබුවා, අනුරාධපුර විශාල වශයෙන් ජනතාව පැමිණීම වැළැක්විය යුතුයි කියා, එම තීන්දුවත් සමග වෙළෙඳ ආයතන ප්‍රධානීන් ස්වේච්ඡාවෙන්ම තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළා.
වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණයකලත් නගරයේ ඔසු සැල් විවෘතව පවතිනවා. රජය ලබා දීලා තියෙන සෞඛ්‍ය, ආරක්ෂක උපදෙස් පිළි පදින්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. සුළු දේකටත් නගරයට එන්නේ නැතිව, ගමේ තිබෙන වෙළඳසැල් වලින් එම අවශ්‍යතාවයත් සපුරා ගන්න කියලත් මා ජනතාවගෙන් ඉලලීමක් කර සිටිනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනුරාධපුරයේ වෙළදසැල් වසති
සෑම් Tuesday, 28 April 2020 10:45 AM
රජය පිස්සු කෙලින විට වෙළඳ සංගම් තමුන්ම ප්‍රදේශයේ ඇතිවී ඇති අවදානම වටහාගෙන මෙසේ ක්‍රියා කිරීම ඉතාමත් කාලෝචිත මෙන්ම ආදර්ශමත් ක්‍රියාවක්. අනෙකුත් පළාත් වලද මෙවැනි ක්‍රියා මාර්ග අනුගමනය කරන්නේ නම් මැනවි.