කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලු ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව මේ සඳහා තමා විධායක නියෝගයකට අත්සන් තබන බව ඔහු ප්‍රකාශ කළේය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇති අතර එහිදී ඔහු කොරෝනා වෛරසය හඳුන්වා දී ඇත්තේ නොපෙනෙන සතුරෙකු ලෙසයි.
අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීම මෙහි එක් අරමුණක් බව ද ජනපතිවරයා පෙන්වා දී තිබේ.
කොරෝනා වෛරසයේ දැඩි පැතිරීම අවසන් වී ඇති බැවින් රට නැවත විවෘත කරන්නැයි ධවල මන්දිරය ඉදිරිපත් කරන තර්කය හමුවේ සහ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශ නැවත විවෘත කිරීමට එරට පරිපාලනය උත්සාහ දරන අවස්ථාවේ ජනපතිවරයාගේ මෙම තීරණය ඉදිරිපත් වී ඇත.
දේශසීමා ඔස්සේ සිදුවන අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කිරීම අවම වශයෙන් මැයි මස මැද භාගය දක්වා දීර්ඝ කිරීමට අමෙරිකාව මේ වන විටත් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ එකඟ වී ඇත.
යුරෝපයෙන් සහ චීනයෙන් සිදුවන සංචාර දැඩි සීමාකිරීම්වලට ලක්කර ඇති නමුත් තාවකාලික රැකියා වීසා බලපත්‍ර හිමි පුද්ගලයින්, ශිෂ්‍යයින් සහ ව්‍යාපාරික සංචාරකයින් ඉන් නිදහස් කර ඇත.
අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 782,159 කි.
වෛරසය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 41,816 ක් වේ.
(බීබීසී ඇසුරෙනි)
-226-
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි
siri Tuesday, 21 April 2020 07:52 AM
දැන් ප්‍රමාද වැඩී....
Asela Tuesday, 21 April 2020 07:57 AM
ආනේ ..... ට්‍රම්පච්චිට දැන්ද කොහෙද නින්දෙන් ඇහැරිලා තියෙන්නේ ...?