IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආණ්ඩුවේ අභියෝගය වසංගතය මැඩපැවැත්වීමයි

(මනෝප්‍රිය ගුණසේකර)

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේත් පාසල්, විශ්ව විද්‍යාල වල සියලු සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද පියවර ගනු ලැබු බවත් ආණ්ඩුවේ අභියෝගය වන්නේ වසංගතය හැකි උපරිමයෙන් මැඩපැවැත්වීම බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතු`ඵ ආරක්ෂක අංශයත්, සෞඛ්‍ය අංශයත් මැදිහත්වීමෙන් මේ තත්වය මැඩපැවැත්වීමේ අති දැවැන්ත මෙහෙයුමක නියැලිමෙන් කටයුතු කිරීම අගය කළයුතු බවත් මෙම යාන්ත්‍රණයේ සියලු දෙනාටම ස්තූතිය පුදකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ම්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

අද වනවිට විදෙස්ගත වී සිටින ශිෂ්‍යයින්, ශ්‍රමිකයින්, විවිධ පුහුණුවීම් වලට පැමිණි අය, පදිංචිව සිටින අය තම මව් රටට පැමිණීමට සුදානමින් පසුවෙනවා. මේ සඳහා පැය 24 පුරා වැඩසටහන් ක්‍රියාත්මකයි. රෝගීන් හදුනා ගැනීම පළමු වළල්ල, දෙවන වළල්ල, තුන්වන වළල්ල යටතේ රෝගීන් වර්ගීකරණය කරමින් නිරෝධායනය සඳහා යොමු කිරීමේ අතිදැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. අපේ රටේ රෝගීන් සොයා ගෙන රෝගීන් රෝහල් වෙත යොමු කරද්දී වෙනත් රටවල් රෝගීන් රෝහල් කරා ඒම වළක්වා නිවසේ සිටම නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබෙනවා.

මෙම රැස්වීමේදී අදහස් දැක්වු හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

මාධ්‍ය විසින්මේ සිදුකරනු ලබන සමාජ මෙහෙවර වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගෞරවය, ස්තූතිය පුද කර සිටිනවා. ඕස්ටේ්‍රලියානු ආයතනයක් විසින් කරනු ලැබු සමීක්ෂණයකට අනුව රටවල් 195 අතර ශ්‍රී ලංකාව මෙම ප්‍රවාණතාවයට ඉහළින්ම මුහුණදෙන රටවල් 9 අතරට පත්ව සිටිනවා. ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයට, අගමැතිතුමාගේ මෙහෙයවීම, විශේෂ කාර්යය සාධක බලකායටත්, විවිධ අංශ වල පුද්ගලයින් විසින් ලබාදුන් සහයෝගයත් ඉතා අගය කොට සැළකිය යුතුයි.

මැතිවරණය සම්බන්ධයෙන් බියක් ගත යුතු නැහැ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින ්ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි.



අදහස් (9)

ආණ්ඩුවේ අභියෝගය වසංගතය මැඩපැවැත්වීමයි

nuwansampath Thursday, 16 April 2020 03:22 PM

දැනට සාර්ථකයි... ඒත් වැඩපිළිවෙළක් නැත...

:       130       213

Prabha Thursday, 16 April 2020 03:52 PM

කොහෙද අප්පෙ මෙච්චර කලක් ගිහින් හිටියේ...?

:       0       117

isuru Thursday, 16 April 2020 04:59 PM

කොරෝනා ඉවරයි..., අපි මැතිවරණය පවත්වමු නේද? රොටිය පුච්චගමු...

:       117       407

Anton austria Thursday, 16 April 2020 05:56 PM

ගොඩාක් හොදයි . ඉතාලියට වෙච්ච දේ වෙයි ළගදීම... තව කල් ඉන්න තියෙන්නෙ එක්කෙනෙක් හරි ඇවිත් ගියොත් ඒ පැත්තට ඔක්කොම ඉවරයි කවදාවත් ඉවර කරන්න බැරිවෙයි... මෙහෙ ඉන්න අය මුලින්ම කරපු නැතිදේට දැන් දුක්විඳිනවා... අපේ මිනිස්සු පස්සට දුක් විදී වගේ. තව සමහරක් අය හරි ආසාවෙන් හිටියේ බැන්නේ මේක අරින්න ඇදිරිනීතිය අයින් කරන්න කියලා මේකට ලියපු අයත් සතුටු ඇති දැන්... රටේ ඉන්න මිනිසුන් දුක්විඳින එකට පව් මගේ රටේ මිනිස්සු මන් මෙහෙදි අත් දුටුවා... ඒකයි කියන්නේ...

:       143       259

නන්නාදුනන හාදයා Thursday, 16 April 2020 07:21 PM

මේ රටේ ඇති ලොකුම වසංගතය තියෙන්නේ දියවන්නාවේ.

:       0       43

Nishan Thursday, 16 April 2020 11:39 PM

2/3 ගන්න එක නෙවෙයිද?

:       0       177

රවින් Friday, 17 April 2020 02:19 AM

බලුකුඩුවේ දොරගුළු විවෘත කල නිසාවෙන් මෙතරමින් හරි කොරෝනා පාලනය කරගන්න හැකි වුණා. විද්වතුන් කරන්න ඕනා ක්‍රමවේදය සකසාවි. කුඩුවේ හිටිය කට්ටියයි... කටු සුප්පපු කට්ටිය උඩු බුරන්නේ නැතිව හිටියොත් ඉතිරි වැඩ කොටසත් කරගත හැකිවේවි.... !!!

:       51       177

Buddika Friday, 17 April 2020 06:14 AM

කාලෙකට පස්සේ දැක්කේ.

:       0       6

විපරමා Friday, 17 April 2020 09:05 AM

කොරෝනා වසන්ගතය විතරක්ද?, පවුල් පාලනේ උන්ගේ බලය තහවුරු කරගන්ඩ චන්දෙ තියෙන එකත් අබියෝගයක්නේ.. කොරෝනා වසන්ගතය ආධාරත් වැහි වැහැලා තියෙන්නේ....

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 148 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 632 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 187 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 734 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 245 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site