(ජේ.කේ.එල් චාමින්ද)
කෙරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් හමුවුවහොත් ඔවුන් තාවකාලිකව ඇඳවීම සඳහා දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහල් 8කට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා මගින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත එම ප්‍රතිපාදන ලබාදී ඇති බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය. මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කිවේය.
'දැනට කොරෝනා බවට සැකසහිත රෝගීන් සඳහා කරාපිටිය හම්බන්තොට යන රෝහලවල තමයි විශේෂිත වාට්ටු තියෙන්නේ. ඒ අතරතුර පළාතේ වෙනත් ස්ථානයකින් රොගියෙක් නිශ්චය කරගතහොත් සැක සහිත රෝගියෙක් හමුවුවහොත් එම රෝගීන් තාවකාලිකව රඳවන්න ප්‍රදේශීය රෝහල් 08ක අවශ්‍ය පහසුකම් සකස් කරගැනීමට ප්‍රතිපාදන ලබාදී තියෙනවා. මේ දක්වා දකුණු පළාතේ රෝහල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී තියෙනවා.
දකුණු පළාතෙන්ම විදේශිය ජාතිකයා හැරුණු විට එක ආසාදිත රෝගියෙක් පමණයි හමුවෙලා තියෙන්නේ. ආරම්භයේ සිටි කොරෝනා බවට සැකකරන රෝගීන් 150ක් කරාපිටියේ හා හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලැබුවා. ඒ කිසිම අයෙකුට කොරෝනා වයිරසය වැළදි ඇති බවට තහවුරුවෙලා නැහැ. දකුණු පළාත තුළ කොරෝනා වයිරසය පැතිරීම පාලනයට අපි සියලු ක්‍රියා මාර්ග අරගෙන තියෙනවා. මෙම තත්වය තවදුරටත් ආරක්ෂා කරගතයුතු වෙනවා. පළාතේ දිසාපතිවරු තිදෙනා ආරක්ෂක ප්‍රධානින්, පළාත් අමාත්‍යංශවල ලේකම්වරු කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් මේ සඳහා සම්බන්ධීකරණයක් කරලා තියෙනවා. අපි රැස්වෙලා විවිධ තීරණ ගත්තා. එම තීන්දු තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇඳිරි නීතිය අවසන්වීමෙන් පසු සතොසට අමතරව සමුපාකාර මගින්ද භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කරනවා. ගැස් එම සමාගම්වල එජන්තවරුන් මගින් නිවසට ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් සකස් කොට තියෙනවා' යැයිද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආසාදිතයන් රඳවන්න දකුණේ රෝහල් 8 කට ප්‍රතිපාදන