(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට පැමිණෙන ලංගම බස් රථවල සියලූම කොන්දොස්තර සහ රියැදුරුවරුන් සදහා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැලසිමට පියවර ගන්නා ලෙසට විදුලිබල බලශක්ති හා ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බස් රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් මෙන්ම අත් සේදුම් විෂ්බීජානුහරණ ද්‍රව්‍ය සැපයීමද තීරණය කර ඇතැයි ද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එසේම, බරපතල අභියෝගයක් මැද කටයුතු කරන බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ සේවය ඇගැයීම සදහා ද පියවර ගන්නා ලෙස ද, හැකිනම් ඔවුන්ට අමතර දීමනාවක් ද ලබා දීම ටඅවශ්‍ය කටයුතු සළසන්නැයි ද අමාත්‍යාවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ ස`දහන් වේ.
ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය නොකරන බැවින් එම සංගම් සමඟ සාකච්ඡුා කර සුදුසු වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි ද වැඩිදුරටත් එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දක්වා ඇත.
ඇදිරි නිතිය ලිහිල් කරන ලද ප‍්‍රදේශවල පොදු ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව අමාත්‍යවරයා, අදාළ නිලධාරීන් සමග ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී අද(28) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වි තිබේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇඳිරියේදී සේවය කරන ලංගම රියදුරන්ට- කොන්දොස්තරවරුන්ට සෞඛ්‍යාරක්ෂණ පහසුකම්