IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇඳිරිය ඉවත් කළත් පිසු ආහාර අලෙවිය තහනම්

ඉන්දිකා රාමනායක.

කොළඹ, කළුතර , ගම්පහ දිස්ති‍්‍රක්ක වලට  හැර  දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට හෙට (11)   පෙරවරුවේ ඇදිරිනීතිය ඉවත් කළ ද  පිසු ආහාර අලෙවි සැල්  ආහාර සපයන ආයතන, සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සමාජශාලා, නිමි ඇදුම්  ප‍්‍රදර්ශනාගාර, මත්පැන් අලෙවි හල් විවෘත කිරීම සහ පොළවල්,  පවත්වාගෙන යාමද තහනම් බව    නියෝජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා  පවසයි.

තහනම නොතකා එම ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට  එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බවද  හෙතෙම කියා සිටියේය.

අද දිනයේ  සෙසු ප‍්‍රදේශවල  ඇදිරිනීතිය තාවකාලිකව  ඉවත් කළ ද    නිවසින් බැහැර විය හැක්කේ ජාතික හැදුනුම්පතේ    අදාල දින ට  අයත් අංක හිමි පුද්ගලයන්ට  පමණක් බවත්   එම අංක වලට අදාල නොවන පුද්ගලයන්ට මාර්ගයට පිවිසීම සම්පුර්ණයෙන්ම තහනම් බවද  අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 



අදහස් (13)

ඇඳිරිය ඉවත් කළත් පිසු ආහාර අලෙවිය තහනම්

de silva Sunday, 10 May 2020 02:43 PM

පිසූ අහාර විකුනන්න තහනම් නම් රජය මගින් අහාර පිසල නොමිලේම දෙන්න... එහෙම නැතිනම් ගෙදරට ඇවිල්ල උයල දෙන ක්‍රමයක් සකස් කරන්න... මාස 1 1/2ක් තිස්සේ අපිට ඔය එක එක බහුභූත කතා අහල එපා වෙලා , අපිටත් ඕනේ ඉක්මනට චන්දයක්...

:       166       83

ජීවන්ත Sunday, 10 May 2020 03:46 PM

මේහෙම මිනිස්සුන්ට නීති දැම්මට මෙව්වා කිසිම නිත්‍යානුකූල බවක් ඇති එව්වා නෙමෙයි. අපේ වගේ රටවල ඉන්න බහුතරය කොන්දක් නැති, තමුන්ගේ ජිවිතේ තීරණ තමුන්ට ගන්නා ශක්තියක් නැති, ආණ්ඩුව තමුන්ගේ ජිවිතේ ගැන තීරණ අරං දෙනවට කැමති වහල්ලු නිසා ඔහේ කරබාගෙන ඉන්නවා.

:       78       153

සමන්ත Sunday, 10 May 2020 04:45 PM

මට තියෙන ගැටලුව නම් දැන් කෑම කඩවල් වලින් පිසු ආහාර අලවි කීරීමයි. එතකොට මේ තහනම් කියලා කියන්නේ මොන පිසු ආහාරද?

:       1       29

සමන්ත Sunday, 10 May 2020 04:52 PM

මේ මොන කතාවක්ද? මේකෙන්ම පේනවා අපේ රටේ නිලධාරින්ගේ ඔල මොට්ටලකමේ තරම. හරි මේ දේ කිව්වා පමණයි කියමුකෝ. ඒ තීරණය ගත අය ඒ නිගමනයට එළඹුණේ කොහොමද? මොන විද්‍යාත්මක කරුණු සහ සමාජ සෞඛ්‍ය සාධක පදනම් කරගෙනද? ඒ සඳහා ඇති පදනම කුමක්ද? ලෝකයේ ඇති අනෙකුත් රටවල අත්‍යාවශ්‍ය සේවා ඇරලා තියෙනවා තමයි. හැබැයි ඒ සමාජ දුරස්ථභාවය රැකගෙන. ඒ සියලු රටවල අහාර පාන සපයනවා. මොකද බොහෝ මිනිසුන් ගෙවල් වල ඉඳගෙන හැමදාම උයන්න කැමති නැති නිසා. ඒත් ආපන ශාලා සහ කැෆේ, පබ් වගේ තැන් වහලා නෑ . කරලා තියෙන්නේ ඒවා ගේ මිනිසුන් රැස්වෙන එක වලක්වන්න ඇතුලේ ඇති ඉඩ වහලා දාලා take away පමණක් දෙන එක. ඒකෙන් මිනිසුන්ගේ අවශ්‍යතාවයත්, ව්‍යාපාරයේ පැවැත්මත් තහවුරු වෙනවා. මැක් ඩොනල්ඩ් , KFC වල පවා අනුගමනය කරන්නේ ඒ ක්‍රමය.

:       3       72

chandanaSunday, 10 May 2020 07:29 PM

මේක විදේශීය සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්ණයක් නොව අපේ රටේ සාමාන්‍යයෙන් ආහාර පිසීමේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්ණයකි. මැනින් වෙළඳපොලේ වෙළඳුන් මුඛ ආවරණ පැලඳීමට මැලි වන්නේ මන්දැයි ඔබ විමසා බැලුවේද? කෑ ගැසීමට සහ වෙහෙසත් සමග වේගයෙන් හුස්ම ගැනීමට මුඛ ආවරණ බාධාවක් වන බැවිනි. මහ පොලොවේ යතාර්තය එයයි. එසේ වුවත් ඔවුනට රෝග වාහකයෙක් වීමට ඉඩ දී බලා සිටිය යුතුද. අපේ රටේ ආහාර පිසීමේ කලාව පිළිබඳවද එලෙසින්ම විමසා බලන්න. පොලිසිය බොහෝ විට යතාර්තවාදී වේ. මුඛ ආවරණ පැළඳීමට මුලින්ම බල කලේ පොලිසියයි. එවිට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් පවා ඇමරිකානු ක්‍රමයට යමින් එය විවේචනය කරන ලදී. එහෙත් පසුව පොලිසියේ ක්‍රමය නැත්නම් ලංකාවේ ක්‍රමය අනිවාර්යය කිරීමට සිදු විය. ඉතින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ලංකාවේ ක්‍රම මිස බටහිර න්‍යායන් ගැලපෙන්නේ නැති බව අවබෝධ කර ගන්න. සියල්ල සති දෙකකින් අමතක වන මෙරට අමුතු සතුන්ගෙන් සමාජය බේරා ගැනීම සඳහා කල යුතු සියල්ල සිදු කල යුතුය.

:       259       295

ChampaSunday, 10 May 2020 10:56 PM

පොලීසියේ මේ තීරණය හොඳයි. අවදානමක් ගන්න විදිහේ යහපත් වාතාවරණයක් තවම නැහැ. මුඛ ආවරණවල මම නම් කොන් දෙකේ කතුරකින් ත්‍රිකෝණාකාර හැඩයකට පොඩි කොටස් දෙකක් කපල ඉවත් කරලා තියෙනවා. නැත්නම් මට හුස්ම ගන්න අමාරුයි. හැබැයි තමන්ට කැස්ස හෙම්බිරිස්සාව තියෙන අය නම් සෙනඟ ගැවසෙන තැන් වලට නොයා ඉන්නවා නම් තමයි හොඳ....

:       0       0

chandima Sunday, 10 May 2020 09:41 PM

ඉස්සර නම් අමු මාලු, මස් එහෙම මීපැණි වල ගිල්වලා කනවා කියනවා නේද? එහෙම කෑවත් දඬුවම් දෙනවද?

:       0       0

සමන්ත Sunday, 10 May 2020 09:59 PM

විදේශීයද, එහෙම නැත්නම් දේශීයද කියලා ප්‍රශ්නයක් කොරෝනා එක්ක නැහැ. ඒත් තීරණයක් අරගෙන ගිරව් වගේ කියවන්න කලින් ඒ සඳහා පදනම් වුනු විද්‍යාත්මක සාක්ෂි ගැන හොයලා බලන්න ඕනේ... ලෝකයේ වෙන්නේ මොනවාද කියලා හොයලා බලන්න ඕනේ... මැනිං මාර්කට් එකේ කෑ ගහලා එළවලු විකුණද්දී, පලතුරු විකුණද්දී ඒ මිනිස්සුන්ගෙන් වෛරස් එක එළවලු සහ පලතුරුවලට සම්ප්‍රේෂණය වෙනවා කියමුකෝ... ඒත් දන්නවද එහෙම මේ රෝගය බෝවෙන්නේ නැති බව? කොයි තරම් කාලයක් වාතය සමග වෛරසය පවතිනවාද? අහාර පිසීමේදී භාවිත කරන උෂ්ණත්වය සමග ඒවාට මොකද වෙන්නේ? ආහාර මගින් බෝවෙලා තියෙන්නේ කොහෙද? ඒ කොහොමද? දන්නවද මේවා ගැන? ඇහුවද ඒ ගැන විශේෂඥයන්ගේ අදහස් ? මොනවද ඒ දත්ත...? එහෙම නොදැන මේ කරන ප්‍රකාශ සම්පප්‍රලාප විතරයි. ඒ නිසා මේ අකාර්යක්ෂම පොලිසිය ගැන, මේ කරන වැඩවල හේතු අහේතු අපිට කියන්න එන්න කලින්.., සුදු හුණු ගැන කලින් මතක තියාගන්න ඕනේ.., මේ වෛරසය මැඩලීම ඔය පොලිසියේ කාර්යයක් නෙමෙයි.. විද්‍යාව පදනම් කරගත් සෞඛ්‍ය අංශයේ කාර්යයක් බව...

:       0       0

chandanaSunday, 24 May 2020 08:53 PM

මැනින් මාර්කට් එකේ වෙළෙන්දෝ කෑ ගහන්නේ එළවළු, පළතුරු දිහා බලාගෙන නෙවෙයි. බිම බලාගෙනත් නෙවෙයි. ඒ වෙළෙන්දෝ කෑ ගහන්නේ මිනිස්සු දිහා බලාගෙන... පැහැදිලිවම කියනවා නම් තමන්ගේ දේවල් විකුණාගන්න ගනුදෙණු කාරයින්ගේ අවධානය ලබාගන්න මුහුණු දිහා බලාගෙනයි කෑ ගහන්නේ. තාම හරියට නිශ්චය නොකල රෝගයකට මුහුණ දෙනකොට සෑම ආකාරයකින්ම ආරක්ෂා වීම වැදගත්.

:       0       0

සිසිල් සුදේශ් Monday, 11 May 2020 02:49 AM

ලොකු චීන හෝටල් වලින් ඔන්ලයින් ක්‍රමයට කෑම ගෙදරටම සපයන බව පහුගිය දවස් වල තිබුණා. ඒක පොලිසිය දැක්කේ නැද්ද?

:       0       48

rana Monday, 11 May 2020 04:42 AM

මේ අය උදේ හවස කියන්නේ අල්ලනවා, දඩ ගහනවා, හිරේ දානවා කියලා. අපට දැන් වෙලා තියෙන්නේ කොව්ඩ් වලින් බේරීම නොව මේ අයගෙන් බේරීමටයි.

:       0       26

Roy Monday, 11 May 2020 02:14 PM

පහල කඩුගන්නාවේ පිසු ආහාර සමග හෝටල් ඇදිරිය නැති දිනවල විවෘතයි. ඇදිරිය දිනවල පිසූ රොටී කඩ විවෘතයි. ඕකයි රටේ කොරෝනා නීතිය .

:       0       0

de silva Tuesday, 12 May 2020 04:55 AM

මෙතුමාගේ නියෝගයේ ගැඹුරු අර්ථය එළුවන්ට, ගවයන්ට තේරුම් ගන්න පුළුවන් වුණත්, මෝඩ මිනිසුන්ට තේරුම් ගන්න බැහැ. කෑම උයන්නේ නැතුව සලාද ලෙස ආහාරයට ගැනීමෙන් එහි ඇති විටමින් ශරීරයට බහුල ලෙස ලැබෙන අතර, විටමින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම තුළින් කොරෝනා වෛරසයට ශරීරය ලෙහෙසියෙන් ආක්‍රමණය කළ නොහැකිය. හොඳම උදාහරණය තණකොළ සහ කොලජාති නොපිස අනුභව කරන හරකුන් සහ එළුවන්, උන්ට මුඛවාඩම් පැළඳුවේ නැති වුනත් කොරෝනා සැදී මරණයට පත්වුණේ නැත... ඔය අාහාර විකුණන වෙළෙන්දන් ගොටුකොල, මුකුණුවැන්න, කංකුන්, නැතිනම් තණකොළ හෝ උයන්නේ නැතුව සලාද ලෙස හෝ අමු අමුවේම විකුණන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 649 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site