(ලලිත් නවරත්න)
පුත්තලම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය පනවපු දා සිට ඊයේ(23) දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 267 දෙනෙකුට නඩු පවරන බව පොලිසිය කියයි.
පාපැදි, රථවාහන සහ බෝට්ටු 96ක් සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයේ හලාවත පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 7 ක සහ පුත්තලම කොට්ඨාසයට අයත් පොලිස්ථාන 11ක පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගවට ගැනීම් සිදුකර ඇත.
මෙම ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පාපැදි 07ක්, යතුරුපැදි 61ක්, ත‍්‍රීරෝද රථ 15ක්, වෙනත් රථවාහන 17ක්, බෝට්ටු 02ක් පොලිස් බාරයට ගෙන ඇත.
සෙසු පිරිස සාමාන්‍ය ලෙස මාර්ගවල සැරිසැරූ පුද්ගලයින් බව පොලිසිය පවසයි. එම පුද්ගලයින්ට අයත් රථවාහන සහ අනන්‍යතාවයන් පොලිස් බාරයේ තබාගන සියලූම පුද්ගලයින්ට පොලිස් ඇප ලබාදී ඇති අතර ඔවුන් හට නඩු පවරන බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයින්ගෙන් බොහෝ පිරිසක් විවිධ ස්ථානවලට වී මත්පැන් පානය කිරීම, විනෝදයට විවිධ ක‍්‍රීඩාවන් කිරීම, එක්රොක්ව අල්ලාප සල්ලාපයේ යෙදීම, ඇදිරිනීති උල්ලංඝනය කරමින් ප‍්‍රවාහන කටයුතු සිදුකිරීම කර ඇති අතර වැඩිපිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි අදාල ස්ථාන වලින් පැනගොස් ගිය බවද පොලීසිය සඳහන් කරයි.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇඳිරි නීතිය කාලයේ අත්අඩංගුවට ගත් පුත්තලමේ 267 කට නඩු
Raveendra Tuesday, 24 March 2020 06:01 AM
ඇයි රටේ නීතියට ගරු නොකරපු මෙම තිරිසනුන් වෙනුවෙන් තව තවත් කාලය, ධනය වැයකරන්නේ...? කැළෑ නීතියෙන්ම උපරිම වැඩ ගැනීම කල යුතු නොවේද...? මේ අවස්ථාවේ මෙම නිවටයින්ගෙන් සියලුම කම්කරු සේවාවන් (කිසිදු ගෙවීමක් නොකර තුන් වෙලා පමණක් සපයාදී ) ලබාගත්තා නම් එය වැදගත් නොවේද? එවිට එම සේවයට අවශ්‍ය කම්කරුවන් තම නිවෙස්වලට වී සිටීම ඒ ඒ කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා නොවේද ? නීතියට පරිභාහිරව එයට අවනත නොවුණු මෙම තිරිසනුන්ගේ ආරක්ෂාව අදාළ නැත. මක්නිසාදයත් රටේ නීතියට අවනත නොවුනේ එසේ ආරක්ෂාවක් අවශ්‍ය නැති නිසා නොවේද ?