IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇඳිරි නීතිය තිබියදී සූදු කෙළි පිරිසක් පහරදී පොලිසියේ දෙදෙනෙකු රෝහලේ

(එස්. ඩී. කොඩිකාර)
 
මෙදේරිපිටිය ප්‍රදේශයේ දී ඇඳිරිනීතිය කඩ කරමින් මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදී සිටි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක‍ෙ තුවාල ලබාදෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 

 
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.
 
පහරදීම සම්බන්ධයෙන් පල්ලෙගම , මෙදේරිපිටිය   ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 -25 අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් කණ්ඩායමක්  හඳුනාගෙන ඇති  ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට හෙඩ් ගසන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇඳිරිනීතිය කාලය තුළ ඔවුන්  අත්අඩංගුවට ගැනීමට යාමේදී  සුදු ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙම පොලිස් නිලධාරීන්ට පහරදී තවත් පිරිසක් පැන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

ඇඳිරි නීතිය තිබියදී සූදු කෙළි පිරිසක් පහරදී පොලිසියේ දෙදෙනෙකු රෝහලේ

රවින් Monday, 23 March 2020 10:30 AM

නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැතිනම් කොර වාට්ටුවේ තමා පිහිට පතන්න තියෙන්නේ.

:       0       3

sudda Monday, 23 March 2020 10:40 AM

මොවුන්ව කොරෝනා අසාධිතයින් ළගින් තියන්න.

:       0       3

නන්නාදුනන හාදයා Monday, 23 March 2020 10:52 AM

පොලිසියේ මහත්වරුනි...ලැජ්ජයි.. මේ තීරණාත්මක අවස්ථාවේ ඔය වැනි සමජවිරෝධි වැඩ කරන අය ,ඒවගේම ඔබලාටත් තර්ජනය කරන අය මර්දනය කරන්න. ඇත්තටම ඔබලාට තුවක්කුවක්වත් තිබුනේ නැතිද...

:       0       3

Nuwan Monday, 23 March 2020 11:39 AM

ෙසෟඛ්‍ය සේවකයන් අත ඉන්ජෙක්ෂන් තිබෙන්නා වගේම පොලිසිය අත ටී56 තියෙන්නේ පොල් ගාන්නද? රටම අනතුරේ හෙලන මෙවැනි අයට එතැනදීම අදාළ ප්‍රතිකාර ලබාදෙන්න.

:       0       0

Raveendra Monday, 23 March 2020 12:02 PM

අනේ අම්මපා මෙවන් තිරිසනුන්ට රාළහාමිලාගේ අත්වැරදීමකින් ආයුධ පත්තු නොවුනේ මන්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 249 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site