IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇඳිරි නීතිය දීර්ඝ කරන්නයි යාපනයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක්

(එෆ්.අස්ලම්)

යාපනය දිස්ත්‍රික්කය සඳහා දින 20 කට අධික කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය අනාරක්ෂිත අන්දමින් ඉවත් කිරීම පියවර ගෙන ඇත්තේ උතුරු පළාතේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පටහැනිව බව   රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයෙ යාපනය ශාඛාවේ සම්බන්ධීකාරක වෛද්‍ය ටී.දාණ්ඩීපන් මහතා පැවසීය.

එම දිස්ත්‍රික්කය සඳහා ඉවත් කළ ඇදිරි නීතිය  තවත් සතියක කාලයකට දීර්ඝ කරන ලෙසද එම සංගමයේ යාපනය ශාඛාව රජයෙන් ඉල්ලා සිටීයි.

වෛද්‍ය දාණ්ටීපන් මහතා විසින් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය මාර්ගයෙන් රජය වෙත අද (19) මෙම ඉල්ලීම යොමුකර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දාණ්ඩීපන් මහතා මෙසේද කීය.

     ‘‘කොවිඩ් 19 වසංගතය පැතිරීමේ ඉහළ අවදානමක්ව පැවති යාපනය දිස්ත්‍රිකයට සෙසු අවදානම් නොවන දිස්ත්‍රික් සඳහා මෙන්ම 20 වනදා පෙරවරු 5.00 සිට රාත්‍රී 8.00 තෙක් ඇදිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ යාපනය ශාඛාව ඇතුළු ශාඛාවල වෛද්‍යවරුන් අද (19) උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හමුවී සාකච්ඡා කළා. 

මේ සාකච්ඡාවේදී යාපනය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ඉවත් කිරීමේ තීරණය උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ මතයන් හා අදහස්වලට පටහැනිව ගෙන තිබෙන බවට අවබෝධ කරගත හැකිවුණා.

ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවන් අතරින් හමුදාව විසින් නීරෝධායනයට යොමුකළ පිරිසෙන්  අතරින්16 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

දේවගැතිවරයා සමඟ සම්බන්ධ වූ  329 දෙනකු අතරින් 80 දෙනෙකුත්   යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව පැමිණි 1200ක පමණ පිරිසකුත් නිවෙස්වල තවමත් ස්වයං නිරෝධායනය සඳහා ලක්කර තිබෙනවා.

ඒ අය මෙතෙක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර නැහැ.එම තත්වය මත ලබන අප්‍රේල් 27 තෙක් ඇදිරි නීතිය ඉවත් නොකරන ලෙසට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිර්දේශ කරල තියෙනවා.

මේ කාල සීමාව තුළ පරීක්ෂණ සිදුකරල තමයි කොවිඩ් ආසාදිතයින් පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණිය හැකිවෙන්නේ පසුවයි කොවිඩ් උවදුර පිළිබඳ යාපනය දිස්ත්‍රික්කයේ තත්වය ප්‍රකාශ කළ හැකිවන්නේ.

එමෙන්ම ඇදිරි නීතිය මෙවන් තත්වයකදී ඉවත් කිරීම ගැන රජය නැවත අවදානය යොමු කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.

 

 



අදහස් (9)

ඇඳිරි නීතිය දීර්ඝ කරන්නයි යාපනයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක්

Praba Sunday, 19 April 2020 06:08 PM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කොන්ද පන තියෙන නිලධාරීනුත් ඉන්නවා...

:       14       617

සෙනෙවිරත්න Sunday, 19 April 2020 06:24 PM

බුද්ධිමත් තීරණයක්..., සාම්පල් ටෙස්ට් කරල විකාර කියල තමන්ම චූන් වෙලා චන්ද උණ ඉහට ගහල ආයෙමත් මුලටම යන්නද හදන්නෙ?

:       2321       2527

chandradasa Monday, 20 April 2020 03:34 AM

ඔබතුමා ගෙදෙට්ට වෙලා ඉන්න එතකොට හොදයි. ඡන්ද ගැන හිතන්න එපා

:       0       0

ass charyaMonday, 20 April 2020 03:50 AM

අන් ලයික් කරලා තියෙන්නේ අනිවා ආණ්ඩු ගැත්තෝ වෙන්න ඕන.

:       0       0

Ratne Monday, 20 April 2020 12:23 AM

විටින් විට නොසැලකිළිමත් ලෙස වෙනස් කරමින් (සංශෝධනය) පවත්වාගෙන එන අඩුපාඩු සහිත ව්‍යවස්ථාව ආරක්‍ෂා කරනවා ද ? වසංගත තත්ත්වයෙන් ජනතාව බේරා ගන්නවාද ? යන්න ආණ්ඩුව/ජනපති තීරණය කළ යුතුයි. තවද මේ අවස්ථාවේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීම යනු කිසිසේත් රටට යහපතක් නොවන මෙන්ම රටේ අති බහුතරය අපේක්‍ෂා නොකරන ක්‍රියාවක් වන අතර එමඟින් දැනට පවත්වා ගෙන යනු ලබන ක්‍රියාවන් ද කඩාකප්ල් වීමට බොහෝ දුරට ඉඩ ඇත. ව්‍යවස්ථාවේ කුමන අපැහැදිලි කම් තිබුණ ද (නිස්චිත පැහැදිලි කිරීම් නොතිබුණත්), මේ අවස්ථාවේ ජනපති ප්‍රමුඛ ආණ්ඩුව/ මැතිවරණ කොමිසම / විපක්‍ෂය එක්ව තීරණයක් ගෙන මැතිවරණය මාස 02-03 කට කල් දමා (අවශ්‍ය වුවහොත් නැවත ඒ මොහොතේ දී සලකා බැලිය හැක) වසංගත මර්ධනයට උපරිම බලය ලබා දිය යුතුය.

:       0       0

ranjith Monday, 20 April 2020 12:24 AM

අවසාන තත්වයකට යාමට ඉඩ අහුරන එක හොදයි වෛද්‍යවරුන්ගේ තීරණය බුද්ධිමත් එකක්

:       0       0

Rohana Monday, 20 April 2020 01:12 AM

යාපනයේ ඇදිරි නීතිය ඉවත් නොකරන්න!!

:       0       0

Nikan Hithenne Monday, 20 April 2020 02:50 AM

නිරෝධායන මධ්‍යස්ථාන මෙහෙ එපා කියල දැන් ඇදිරි නීතිය ඉල්ලනවා. අපිට හිනා.

:       0       0

mangala Monday, 20 April 2020 03:03 AM

ඇයි වැඩ නොකර ඉන්නද ඕන, ඉස්පිරිතාල වල මොන විකාරයක්ද ක්ලිනික් නැහැ, සැත්කම් නැහැ. කොටින්ම කිවොත් කොරෝනා විතරයි. ලෙඩෙක් එනකොට දුවනවා, බොහොම අමාරුවෙන් නීති ටිකකට යට වෙලා තියන හින්දා හොඳයි. ඇත්තටම කොරෝනා ඉවර කලේ එළියේ මොවුන් කරපු දේවල් හොඳ නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 149 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 88 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 121 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 358 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 532 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site