(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නවක්‍රමවේදයක් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ක්‍රම හතරක් ඔස්සේ ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කෙරේ.පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාල සහ පොලිස් ස්ථාන මගිනි.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි.
බස්නාහිර පළාතේ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.
සෙසු පළාත්වලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සිටින ආයතනවලට බලපත් නිකුත්කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදුකෙරේ.
ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිරි නීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.
පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානවලට පවරා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ක්‍රමවේදය සකස්කිරීමට පියවර ගෙන ඇත.
නිවේදනය පහත දැක්වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින්, බුලත් ලොරියේ ගමන
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්