ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජිකයන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව පසුගිය බදාදා (6) උදෑසන වනවිට වාර්තා වී තිබූ තොරතුරු අනුව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජික සාමාජිකාවන්, ඒවාට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සියල්ලේම පිහිටා ඇති කඳවුරු 150කට ආසන්න සංඛ්‍යාවක ඉහත කී ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිස් සිටින බව ‘නිව්ස්වීක්’ සඟරාව වාර්තා කර ඇත.
එම පිරිස කොරෝනා වයිරසයෙන් පූර්ණ සුවය ලැබු පසු නැවත ආරක්ෂක අංශවලට සම්බන්ධ කරගන්නේ ද නැතිනම් ඔවුන් ඉවත් කරන්නේ ද යන්න තවමත් පැහැදිලි නැති බව ද එම සඟරාව පළ කළ පුවත් වාර්තාවේ දැක්වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවලට සම්බන්ධ වීමට කැමැති එහෙත් කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත පසුව පූර්ණ සුවය ලැබූ පිරිස් ආරක්ෂක අංශවලට සම්බන්ධ කරගැනීම තාවකාලිකව නවතා දැමීමට ද ඇමෙරිකානු බලධාරීහු පියවර ගෙන ඇත.
පෙන්ටගනය ඊට අදාළ නියෝගයක් ද නිකුත් කර ඇතැයි මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා නිලධාරීහු ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පවසා ඇත.
‘‘මේක තාවකාලික නියෝගයක්. මාර්ගෝපදේශයක්. හමුදා නිලධාරීන් තවමත් වයිරසය අධ්‍යයනය කරමින් ඉන්නවා. කොරෝනා වයිරසයේ දීර්ඝකාලීන බලපෑම් තිබෙනවාද , වයිරසය ආසාදනය වූ අයකුට හමුදාවට සම්බන්ධ විය හැකි ද යනාදිය ගැන තවමත් අධ්‍යයනය කරනවා’’ යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.
රටේ අනෙක් පිරිස් හා කණ්ඩායම් මෙන්ම ක්‍රියාන්විතයේ මෙන්ම රාජකාරීවල සිටින ඇමෙරිකානු ආරක්ෂක අංශවල දොළොස් ලක්ෂයකට ආසන්න පිරිස කොරෝනා වයිරසයෙන්ම මෙන්ම එහි බලපෑමෙන් බේරාගැනීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව දැඩි අරගලයක නිරත වී සිටී.
හමුදාවට අලුතෙන් බඳවාගත් ඉන්පසුව කොරෝනා වයිරසය ආසාදනය වූ අයටද ආරක්ෂක අංශවලට සම්බන්ධ වීම තාවකාලිකව නවතා දමා තිබෙන අතර නැවත පැමිණිය යුතු දින පසුව දැනුම් දෙන බව ද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.
ඡායාරූපය - රොයිටර්ස්
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමෙරිකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ටත් කොරෝනා