( රොමේෂ් මධුෂංඛ)
කොරෝනා අවදානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමෙන් පසුව සිය නිරෝධායන කයුතු අවසන් කළ පළමු කණ්ඩායම අද (28) වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ.
මෙසේ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට පුද්ගලයින් 167 දෙනෙකු නිවෙස් වෙතට යාමට අවස්ථාව සලසා දුන් බවට එම අවස්ථාවට සහභාගී වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පවසා සිටියේය.
ගාල්ල , මාතර, හලාවත , මීගමුව , පුත්තලම හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි පදිංචි කරුවන් පිරිසක් අද මෙලෙස නිරෝධායනයට ලක්වී සිය නිවෙස් වෙතට යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන යාම සිදු විය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට ගිය පුද්ගලයින් පවසා සිටියේ තමන් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව පසුගිය දින 14 පුරාවට බලාගත් බවටත් ඉතාලියේ සිට පැමිණි සියලු දෙනාට කිසිදු බියකින් තොරව යුදහමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධානා කරන බවටත් එයට යුද හමුදාවට පූරණ ගෞරවය ලබා දෙන බවටත්ය.
(ඡායාරූප - රොමේෂ් මධුශංක)
(ඡායාරූප - සිතුම් චතුරංග)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි