IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉන්දියාව අද මැදියම් රැයේ සිට සම්පූර්ණයෙන් වසාදමයි

ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය.
 
ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 

‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
 
බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටයි.
 
‘‘ඉන්දියාව ආරක්ෂා කරගැනීමට, ඉන්දියාවේ සෑම පුරවැසියකුම ආරක්ෂා කරගැනීමට ඔබ, ඔබේ පවුල, සෑම වීදියක්ම, ඔබේ අසල්වැසියන් සියලු දෙනා ‘ලොක්ඩවුන්’ කරනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
 
යුරෝපයේ රටවල් රැසක්ම මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර එම ක්‍රියාමාර්ගයට අනුව ගමන්බිමන් සීමා කෙරෙන අතර කඩසාප්පු ආදී සියල්ල වසා දැමේ.
 
(ඒ.එෆ්.පී.) 
 055



අදහස් (8)

ඉන්දියාව අද මැදියම් රැයේ සිට සම්පූර්ණයෙන් වසාදමයි

පාරින්ද වීරසිංහ Tuesday, 24 March 2020 03:37 PM

ඇයි අපි තවම පරක්කු ... ඉක්මණින්ම අපිත් එෙහම කරමු...රට මුදාගන්න.

:       93       46

MD Tuesday, 24 March 2020 07:00 PM

අපට වඩා 60 ගුණයක් විශාල දියුණු වෙමින් පවතින රටක් කරන දේවල් අපි කරන්නේ කොහොමද?

:       0       0

indunilTuesday, 24 March 2020 07:30 PM

වග්කීමක් ඇතුව උපදෙස් පිලිපැදීම සියල්ලට වඩා වැදගත් ..... අපේ එහා ගෙදර කට්ටිය අද බල්ලව විතරක් ගෙදර තියලා පවුල පිටින් ෂොපින් ගියා .... කොයිවෙලෙත් ලොක්ඩවුන් ලොක්ඩවුන් කියලා හඬ නගන අය තමයි !

:       0       0

AgithWednesday, 25 March 2020 03:23 AM

ලොක්ය ඩවුන් කියන වචනය අල්ලාගෙන දඟලන්න එපා. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමයට අනුගත වන්න. මොන ක්‍රමයෙන් හෝ සියලු දෙනා සොයන්න. නිරෝධායනයට ලක් වීමයි අවශ්‍ය වෙන්නේ. ඒ අතරතුර සියලුම ජනතාවට අවශ්‍ය වන ආහාර, වෛද්‍ය සේවා පහසුකම් අඛණ්ඩව සැපයිය යුතුයි. වචනය මොකක් වුනත් ඉන්දියාවේද මෙය සිදුවිය යුතුයි.

:       0       15

Devinda Uduwara Tuesday, 24 March 2020 04:37 PM

මෙම වසංගතය පැතිරීම වැළැක්විමට එය අපටත් හොද පියවරක් වෙනවා.

:       61       7

Kumara Wednesday, 25 March 2020 01:23 AM

අපේ ජනාධිපතිතුමා ගත්තේ ඉතාම නිවැරදි තීරණයකි. ලොක් ඩවුන් නිසා ඉන්දියාවේ දසකෝටියක පැල්පත් ජනයා උසුලාගත නොහැකි දැඩි පීඩනයකට ලක් වෙනවා. සිවිල් යුද්ධයකට යන්න වුවත් පුලුවනි. ලංකාව යුද්ධය දිනූ ලෙසින්ම මෙය දිනනවා නිසැකයි.

:       5       68

Raveendra Wednesday, 25 March 2020 04:11 AM

අප විශ්වාස කරනවා සෞඛ්‍යය අංශවලින් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපදින්නේ නම් මෙම උවදුරට හොදින් මුහුණදීමට අපේ පුරවැසියන්ට හැකි‌ෙවෙයි කියලා. අපි අපේ පුරවැසි යුතුකම්, වගකීම් ඉටුකරමු. එවිට මෙය ඉතාම පහසුවෙන්ම මැඩපැවැත්විය හැකියි නේද ?

:       0       5

lalithm Wednesday, 25 March 2020 04:54 AM

ටිකක් ඉහළට ඉගෙන ගෙන සල්ලි ටිකක් හොයාගෙන මාස ගානකට බඩු ගෙදර පුරවාගෙන රටේ අනිත් බහුතරයක ජීවන තත්වය ගැන නොහිතන සමහර බුරු් ඉන්දියාව වගේ රට ලොක් ඩවුන් කරන්න කතා කරනවා. එදා වේල හොයාගෙන ජීවත්වෙන ජනගහනය වැඩි ලංකාවට මේ ක්‍රමය අමාරුයි. රටේ අමාරුම කාරණය සල්ලි කීයක් හරි හොයාගෙන ඉන්න මේ වගේ අයගේ නොහික්මුණු ක්‍රියා කලාපයයි. රස්තියාදුවේ යනවා, පාටි දමනවා... රජය කියන විදියට කරලා බලමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site