ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.
පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.
055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්
Bamunuarachchi Thursday, 26 March 2020 03:48 PM
අපේ රටටත් මෙ ටිකම අවශ්‍යයි. මොදිට කව්රුත් හිට්ලර් කියන්නේ නැහැ නේද? කෝ ඉන්දියාවේ විරුද්ද පක්ෂය කට අරිනවාද?
kumar (Gulf) Thursday, 26 March 2020 03:49 PM
ඉන්දියාවේ හොරා පොලිස් !!!
Kasun Thursday, 26 March 2020 04:01 PM
ගහන හැටි දැක්කම හිනා යනවා. මෙහෙ ඇදිරි නීති කඩන අයටත් ඔය ප‍්‍රතිකාරයම දුන්නොත් නරකද?
Bamunuarachchi Thursday, 26 March 2020 04:13 PM
ලංකාවට නරකද? ඉන්දියාවේ මෙන් රාලහමිලාගේ පිස්තෝලයට අමතරව මීටර් එකහා මාරක අඟලක් මහත වේවැලක් දෙන්න.
කමනි - පදියතලාව Thursday, 26 March 2020 08:56 PM
ඔව් අපේ රටෙත් මේ වගේ ලොකු පොල්ලක් දෙන්න ඕනා පොලිසියට. ඔය උද්ගෝෂණ කරන කට්ටියට තඩිබාන්න. ඒ වගේම ස්ත්‍රීන්ට අවසර දෙන්න ඕන ගෙදර මනුස්සයාගේ තාඩන පීඩන වලදී තඩි පොල්ලකින් පහර දෙන්නකියලා. මේවා ආත්ම ආරක්ෂක ක්‍රම...
BamunuarachchiSaturday, 28 March 2020 04:21 AM
තඩි බාන්න අමුතුවෙන් අවසර ඕනේ නැහැ. පුළුවන්කමක් තිබෙනවානම් තඩිබාලා බලන්න. හැබැයි ඉතින් බලාගෙනයි මේ දවස්වල දොස්තරලත් නැහැ ඔහෙලහේ මුණු වලට බෙහෙත් කොරන්න.
සමන්ත Thursday, 26 March 2020 04:58 PM
ලංකාවේ කරන්න ගියොත් නගෝ නඩ මානව හිමිකම් ගැන කතාකරයි. දැක්කානේ හමුදාව නිරෝධන කටයුතු වලට හවුල් වෙනවා කියලා ජීනිවා වලට පැමිණිලි කරන්න බලාගෙන හිටිය කට්ටිය..
banda Thursday, 26 March 2020 07:05 PM
ලංකාවෙත් නරකද හිරේට දාන වෙලේ, පොලු පාර දෙන එක.
banda Thursday, 26 March 2020 10:12 PM
ලංකාවේ මේක පටන්ගන්න තිබුනේ ඉතාලියෙන් ආපු සෙට් එකට ගුවන් තොටුපලේදීම අල්ලාගත්තනම්...