ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
මෙලෙස එම වයිරසය ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට අයත් නුහා දිස්ත්‍රික්කයේ රැදී සිටි ලාංකික පිරිමි පුද්ගයින් සිව් දෙනෙකුටය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර දී තබ්ලිගි ජමාත් නැමැති ආගමික නිකාය මඟින් ඉකුත් මාර්තු මාසය පුරා පැවැත්වූ මෙම අගාමික උත්සවයට මෙම ලාංකිකයින් සහභාගී වී ඇති අතර එහිදී මෙම වයිරසය ආසාදනය වී ඇතියි එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන ඇතැයිද හින්දුස්තාන් ටයිම්ස් වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.
මෙම ලාංකිකයින් සිව් දෙනා නවදිල්ලියේ පැවති ආගමික උත්සවයට සහභාගී වීමෙන් පසු නුහා දිස්ත්‍රික්කයේ පල්ලා සහ රෙහ්නා නැමැති ගම්මාන දෙකේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමීප ලෙස ඇසුරු කර ඇති බවට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් කරුණු තහවුරු කර ගෙන ඇතැයිද , එබැවින් එම පිරිස් නිරෝධායනයට යොමු කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
මොවුන් මාර්තු මස මුලදී ඉන්දියාවේ. නවදිල්ලි අගනුවර පැවැත්වුණු මෙම අගාමික සභාව සඳහා සහභාගී වූ. අතර ඉන්පිදියාව දවස් 21ක අගුලු දැමීමත් සමඟ එම පල්ලිය තුළ සිර වී සිටියහ.
ඉන්දීය බලධාරීන් පවසන්නේ ඔවුන් සමාජ දුරස්ථභාවය අනුගමනය නොකිරීම නිසා වෛරසය පැතිර ගොස් ඇති බවය.
මෙම ආගමික උත්සවයට සම්බන්ධ වූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් වාර්තා වෙමින් පවතින අතර එය තුන්සියයකට අධික බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දියාවේ අද ( 07) සවස වන විට රෝගීන් 4421 ක් වාර්තා වී ඇති අතර මරණ 115 ක් වාර්තා වී තිබේ.
125
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඉන්දියාවේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුටත් කොරෝනා
de silva Tuesday, 07 April 2020 11:05 AM
ඉන්දියාවේ ගිහින් එහෙත් ගිනි තියලා තිබෙන්නේ ලංකාවම ගිනිතියපු ජනවර්ගයම තමා.මේ මිනිස්සුන්ට පිස්සුද ?