(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1196 දරන මෙම විශේෂ ගුවන් යානය අද(29 ) දින දහවල් 1.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 4.35 ට කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩබස්වනු ලැබීය .
පසුව මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය .
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙම ගුවන් යානය පැමිණීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටියදී මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් මෙරටට ගෙන ඒමේ පළමු අදියර අවසන් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
විවිධ රටවල් වෙත ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙම කොරෝනා වසංගත තත්වය යටතේ තමන් කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා මෙන් ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබුණි .
එම ඉල්ලීම් අතරින් රජය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් එම රටවල අතරමං වී සිටින සිසුන් වෙත ප්‍රමුඛත්වය ලබා දී තිබුණි .
ඒ අනුව එම රටවල් අතුරින් රටවල් 04 කින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මගින් , ශ්‍රී ලාංකික සිසුන් 946 ක් යළි මෙරටට රැගෙන පැමිණ තිබේ .
ඒ අතරින් ඉන්දියාවේ ගුවන් තොටුපළ 05 ක සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 05 ක් මගින් ශ්‍රී ලාංකික සිසුන් 684 ක් මෙරටට ගෙනැවිත් තිබුණි .
ඉන්දියාවේ අමිර්තසාර් , මුම්බායි , කොයිම්බතූර් , බැංගලෝර් සහ නවදිල්ලි එම ගුවන් තොටුපළ 05 යි .
සිසුහු නීරෝධායන මධ්‍යස්ථාන වල නීරෝධායනය සදහා යොමු කර තිබේ .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට
Buddhika Wednesday, 29 April 2020 03:27 PM
රජයෙන් ඉගෙන ගන්න යැව්වා කියලා srilankan flight යවල ගෙනල්ලා තියෙන ගොඩක් අය ලංකාවේ සල්ලි විදේශ වලට dollars වලින් යවල ඉගෙන ගත්ත ලොකු පවුල් වල දේශපාලන සම්බන්ධ තියෙන කට්ටිය ..පිටරට job කරන්න ආපු අයගෙන් තමයි ලංකාවට විදේශ විනිමය dollars වලින් එවන්නේ ..එයාලට දේශපාලන සම්බන්ධකම් නැහැ ...ඇත්ත කතාව ඕක තමයි ... විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ ලොක්ක නොකියා කියන්නේ ....ඔහොම අල්ලන් ඉන්නකො...