IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එංගලන්තයේ - ලන්ඩනයේ සිටි 207 ක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )
 
එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි 

මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

ඒ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට  රැගෙන ඒම සඳහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය අද 04 දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .

මෙම ගුවන් යානය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර , ඒ තුළ කාර්යය මණ්ඩලය පමණක් සිටියහ .

මෙම ගුවන් යානය 04 දින උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .

 



අදහස් (13)

එංගලන්තයේ - ලන්ඩනයේ සිටි 207 ක් ශ්‍රී ලංකාවට

Jayz Monday, 04 May 2020 03:41 AM

වෙනස නම් අප ඒ පැලැන්තියට අයිති නොවීමයි.....

:       47       70

Ukpal Monday, 04 May 2020 03:48 AM

හොඳ වෙලාවට සල්ලි ගෙවලා නිරෝධනයට යන්න හොටෙල් ටික ලෑස්ති කරල දුන්නෙ. පව්නෙ නැත්නම්. එංගලන්තයේ ඉදලා ඇවිත් කන්දකාඩුවල ඉන්න අමාරු වෙයිනේ. තොරතුරු දැන ගැනීමේ පනතින් බැරි වෙයිද මේ ආපු ශිෂ්‍යයන්ගේ නම් ලැයිස්තුව ගන්න. එහෙම උනා නම් බලාගන්න තිබුනා අනිත් රටවල් ඔක්කොම මග ඇරල ලන්ඩන් වලට ෆ්ලයිට් දෙකක්ම යවල ගෙන්න ගත්ත අය කවුද කියලා.

:       130       137

ranaMonday, 04 May 2020 06:12 AM

ඕක මානුෂික මෙහෙවරක් ලු , කාසි ගන්නේ නැහැ ලු.

:       8       13

Ukpal Monday, 04 May 2020 06:55 AM

ඔව්.ඔව්.. අනිත් රටවල් වල ඉන්නෙ මනුස්සයො නෙමෙයි කියල තමයි හිතන් ඉන්නෙ.

:       0       2

අතපත්තු Monday, 04 May 2020 04:52 AM

මේ එන්නෙ ඉගෙනගන්න ඒරොප්පෙ ගියපු අපේ පුංචි හාමු මහත්තෑල ටික. අරාබියෙ ගිය අය වගේද? පරිස්සම් කොරගන්න එපෑ..?

:       179       64

සනත් ඉතාලිය Monday, 04 May 2020 07:40 AM

ගෙන්වාගැනීම අගය කරමු. මාගෙ උනත් දරුවොනෙ. රත්තරං හැන්දෙයි පිත්තල හැන්දෙයි පොල්කටු හැන්දෙයි වෙනස විතරක් හදුනාගමු. අපිත් ආසයි එන්න හැබැයි ස්‍රිලන්කන් එන්නෙ නැහැ.. අපි එක්ක යන්න කවදාහරි ගුවන්තොටුපලවල් විවූර්ත උනාම කටාර් එමිරේට්ස් පිහිට තමයි... අවුලක් නැහැ පහත් තැනින් යයිගලා ජලේ කියල අවුරුදු 70ක් පුරාවටම ගියා වගේ මතුවටත් පෝලිමෙ ගිහින් කතිරෙ ගහමු..

:       0       2

mihira Monday, 04 May 2020 08:06 AM

මහවුන්ගේ පොඩි අයගේ අරාබියේ ඉන්න හිගන්නෝ හිටපුවාවෙ.. ඔනනම් වෙලාවට ගෙන්න ගන්නම්...

:       26       3

mihira Monday, 04 May 2020 08:14 AM

පිටරට ඉදන් ඇවිත් කොහොමහරි මනාපේ දීල 2\3 අරන් දීලා යනවා...

:       24       1

sam Monday, 04 May 2020 09:01 AM

මේ ලෝකෙම මිනිස්සු ජීවිතයයි, මරණයයි අතරේ සටනක ලංකාවෙන් ගිය මොලේ කොලොප්පන් ගොන් ශෝ කාරයො කට්ටියකටයි, කෝට් දාගෙන, ගුවන්තෝටුපලේ ඇවිදිනවා දැක්කහම හිනාගියා...

:       101       2

sudeera Monday, 04 May 2020 10:01 AM

මාලදිවයිනෙහි ඉන්නවා වැඩ කරන්න ගියපු අය හිරවෙලා කෑම බීම නෙතිව. ඒ අයව ගන්න කිසිම උවමනාක් නෑ. ව.කි.මී.23000 ක් ජීවත් වෙන ලෝකයේ වැඩිම ජනගනත්වයක් ඇති රටක දැනට වේගයෙන් කොරෝන පැතිරෙනවා. දවස් 10 ට 527 ක්. මාලේ තියෙන්නේ හොස්පිටල් 3. මිනිස්සු 1000 කට 1 දොස්තර කෙනෙක් ඉන්නේ.

:       0       1

Jay Monday, 04 May 2020 10:12 AM

හැමෝම කැගහනව එරොප්පෙ ගිය කට්ටිය, අරක මේක කිය කිය, පිටරටවල ඉගන ගන්න ගිය අය... හැබැයි ඒ අයට අමතක වෙච්ච දෙයක් තමයි, ලන්කාවේ හිටපු සහ ඉන්න බහුතරයක් උගත් පිරිස්, ලන්කාවෙ නම බබලවන අය විදෙශයන්හි උසස් අධ්යාපනය ලබපු අය බව. ගුනපාල මලලසේකර, නාසා වල සේවය කරන මහාචාර්ය සරත් ගුනපාල ඇතුලු ඉන්ජිනෙරුවරුකිහිප දෙනෙක්, සහ තවත් බොහෝ ඩොක්ටර්ස් ල, මේ හැමෝම රට බබලවන අය. ඒ අය ගිහින් විශේශ දේවල් කලාම නම් ලොකුවට පොස්ට් දානවා රටට ආඩම්බරයක් කිය කිය, හැබැයි රට ගිහින් ඉගෙන ගන්න අයට කැ ගහනව

:       1       119

PRIYANTHA Monday, 04 May 2020 10:14 AM

මේ අය ගොඩක් දෙනෙක් ශිෂ්‍යත්ව සදහා ආණ්ඩුවෙන් ගිය අය පවුල් පිටින් ගියේ ,එහෙදි ආවරණය ලැබුනේ ශිෂ්‍යත්වය හිමි කෙනාට පමණි.. පව්ලේ ඉතුරු අය මුදල් ගෙවා ආවරණය ලබා ගත යුතුය. පවුල් පිටින් ගියේ ශිෂ්‍යත්වයෙන් පසු ලැබෙන අවුරුද්දක කාලය අතර තුර රැකියාවක් සොයා ගෙන නවතින්න වැඩේ ලෙඩේ වෙනකොට අදාල VIDEO දාලා එනවා...

:       0       60

Lalith Perera Monday, 04 May 2020 10:31 AM

ඉතා පහත් ක‍්‍රියාවක්...

:       159       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 327 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 108 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 55 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 75 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 659 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 827 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site