කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
මීට පෙර ඕස්ට්‍රේලියාවේ මහජන ඒකරාශීවීම් දස දෙනකුට සීමා කිරීමට එරට රජය පියවර ගෙන තිබිණි.
ඊට අමතරව වාණිජ සහ නේවාසික කුලී නිවාසවලට මාස හයක සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවැසීය.
කොරෝනා වයිරසය හේතුවෙන් ලොව අනෙක් රටවල මෙන්ම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වී තිබෙන අතර තෙවැනි ආර්ථික සහන පැකේජය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කීය.
කඩසාප්පු වසා දැමීමට ද ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇති අතර එසේ වුවත් ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා සේවකයන්ට වැටුප් ගෙවීම සඳහාත් ආර්ථික සහන පැකේජයට වැටුප් සුරක්ෂිතතා ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද ඔස්ට්‍රේලියානු රජය සඳහන් කළේය.
කුලී නිවාස යනාදියේ වාණිජ ගිවිසුම් සහ කොන්දේසි සාකච්ඡා කර සහනයක් ලබාදීමට පියවර ගන්නැයි ද නිවාස හිමියන්ට සහ ඒවායේ කුලී නිවැසියන්ට ඔස්ට්‍රේලියානු රජය උපදෙස් දී ඇත.
මේ අදාළ සියලු ක්‍රියාමාර්ගවලට අග්‍රාමාත්‍යවරයා කඩිනමින් අත්සන් තබනු ඇතැයි ද ඔස්ට්‍රේලියානු රජය සඳහන් කළේය.
ද ගාඩියන්
055
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඕස්ට්‍රේලියාවේ රැස්විය හැකි උපරිම ගණන 2යි