( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත .
මේ අනුව කුරුණෑගල , අලව්ව , ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එහි වෙළද සංගම් තීරණය කර ඇත .
අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇත .
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද (29) දින සිට ලබන අඟහරුවාදා (5 ) දිනය අලුයම තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත .
කුලියාපිටිය වෙළෙඳ සංගමයේ සභාපති සහ කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කුලියාපිටිය වෙළෙඳ සංගමය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත . හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසානය වූවන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වන අතර ඔවුන් ආසාදිතයන් බවට හඳුනා ගැනීමට පෙර නිවාඩු පැමිණි අවස්ථාවෙිදි කුලියාපිටිය නගරයේ සහ නගරය ආසන්නයේ ඇති වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන රැසක සැරිසරා ඇති බව අනාවරණය වී තිබේ .
කුරුණෑගල නගරයේ ඔසුසැල් හැර අනෙකුත් සියළුම ව්‍යාපාරික ස්ථාන මැයි මස 1 වන දින සිට 5 වන දින අලුයම තෙක් වසා තැබීමට කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක සියළුම වෙළද සංගම් එක්ව තීරණය කර ඇත .
ගල්ගමුව නගරයේ කොරෝනා ආසාදිත බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සැරිසරා ඇති බවට ලද තොරතුරු අනුව අද සිට සිකුරාදා (1) තෙක් සියළුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ගල්ගමුව වෙළෙඳ සංගමය තීරණය කර ඇත .
මේ අනුවම යමින් හරිපිටිය සහ කුඹුක්ගැටෙි වෙළෙඳ සංගම්ද හෙට (30) සහ අනිද්දා (1) දෙදින එම නගරවල පවත්වාගෙන යන සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කර ඇත .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි