‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000කට ආසන්න පිරිසක් මරණයට පත්වනු ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
මේ වසර අවසානය වනවිට නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි නව එන්නත් නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සමඟ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා අද (4) ඒ බව පැවැසීය.
ජනවාරි 23 වැනිදා සිය නිලධාරීන් තමන්ට වයිරසයක් පිළිබඳ තොරතුරු දැනුම් දුන්න ද එය මෙතරම් බරපතළ වනු ඇතැයි ඔවුන් දැනුම් නොදුන් බව ද ජනාධිපතිවරයා මෙහිදි අනාවරණය කළේය.
එහෙත් ඇමෙරිකානු බලධාරීන් වසංගතයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඔහු එය ගණනකට නොගත් බව ඇමෙරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.
වසර අගදී එන්නතක් නිෂ්පාදනය කිරීම හැකියාව ලැබෙනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් සොයාගැනීමට තවත් මාස 18කට ආසන්න කාලයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.
‘‘අපිට 75 දාහත් 80 දාහත් එහෙම නැතිනම් ලක්ෂයක් අහිමි වේවි. 100,000ක් මරණයට පත්වෙන්න පුළුවන්. එය මහා බයංකාර දෙයක්’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.
මීට පෙර සතියකදී 60,000ත් 70,000ත් අතර පිරිසක් කොරෝනා වයිරසයෙන් මියයනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර ප්‍රකාශ සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් අද (4) පස්වරු 6.50 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ 68,633 දෙනකුට ජීවිත අහිමි වී ඇත. එරට කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,89,845කි. වයිරසය ආසාදනය වූ 1,78,671 දෙනකු සුවය ලබා ඇත.
මේ අතර ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සම්මුඛ සාකච්ඡාවට එක්වූයේ වොෂින්ටන් නුවර ‘ලින්කන්’ ස්මාරකය ආසන්නයේ සිට ය.
අල්ජසීරා/රොයිටර්
055
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිය යන ගණන ලක්ෂය ඉක්මවන බව ට්‍රම්ප් කියයි
Champa Monday, 04 May 2020 03:20 PM
තුන්වෙනි ඡේදයේ තියෙන එක නිකම් අහල පුරුදුයි වගේ. "පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි අංශ කිව්වා හැබැයි මේ තරම් ලොකු ව්‍යසනයක් වෙයි කියල හිතුවේ නැහැ." මෙච්චර කල් චීනෙට වරද පැටෙව්වට දැන් ඇමරිකන් ජනාධිපතිම පිලිගන්නවා තමන් කොරෝනා මැඩලන්න වේලාසන පියවර ගත්තේ නැති බව හෙවත් මිනිස්සු මැරෙන බව දැන දැනම නිකම් හිටිය කියන එක. තමන්ගේ නොසැලකිල්ල නිසා ඇමරිකාවේ මිනිස්සු ලක්ෂයක් මැරුණා කියන එක සුළු පටු දෙයක් නෙමෙයි. ජන සංහාරයක්. මානව හිමිකම් කොමිසම මේ ගැන මක් කියයිද දන්නේ නැහැ නේද?
namal Monday, 04 May 2020 04:57 PM
නොදන්න දේවල් කතා කරන්න එපා... වෛරසයක් මිනිස්සු මිලියන ගනනක් ඉන්න රටක පැතිරෙනකොට ජනාධිපතිට මොකුත් කරන්න බෑ... ඇමරිකාව මේකෙන් වෙන හානිය අවම කරන්න හැකි උපරිම උත්සාහය ගන්නවා... නමුත් චීනය හිතාමතා ලෝකයෙන් සති ගණනක් තොරතුරු වසන් කිරීම නිසා වෛරසය පැතිරුනා...
PrabhaMonday, 04 May 2020 05:30 PM
නොදන්න දේවල් කතා කරන්න එපා කිව්වෙ ට‍්‍රම්ප්ටද? ලංකාවෙ නම් දැනටමත් බෙහෙත් හොයාගත්ත අය ඉන්නවා...
PrabhaMonday, 04 May 2020 08:09 PM
මම බෙහෙත් හොයාගත්ත අය කියලා කියන්නේ හොර වෙද්දුන්ට...එහෙම හොයා ගත්තානම් ලෙඩෙ හොදකරලා පෙන්නන්න.
සමන්Tuesday, 05 May 2020 05:14 AM
නොදන්න දේවල් දොඩවන්නෙ උන්නැහේම තමයි.
abaranTuesday, 05 May 2020 12:04 AM
රටකට නායකයෙක් කියලා පත් කරන්නේ මොකටද.?
ලසන්ත Tuesday, 05 May 2020 12:28 PM
ලෝකෙට ලොක්කා ලෙසට සිටින කෙනෙකුට ගැලපෙන කථාවක්ද මේ..?